HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

President Mahinda Rajapaksa  

Hiru Gossip,Hiru news,Gossip Lanka

රටේ නීතියක් නැතිනම් ඇමැති පුතෙක් මාසයක් හිරේ ඉන්නවාද? - මහින්ද අසයි

රටේ යහපාලනය, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේ නම් ඇමැති පුතෙකු මාසයක් සිරගතව සිටින්නේ කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පවසා සිටියේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා නිලධාරීන් පිරිසක් අරලියගහ මැදුරේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.මේ යුගය තමයි අපිට වැඩියෙන්ම මඩ වදින යුගය. අවුරුදු තිහක ත්‍රස්තවාදයකින් රට නිදහස් කරන ගමන් තමයි අපිට රට සංවර්ධනය කරන්න සිදුවුණේ. වසර හතරක් සම්පූර්ණයෙන්ම ගත වුණේ ත්‍රස්තවාදය සමග ආර්ථීකය කළමනාකරණය කරන්න.  අපට ගෙවන්න මුදල් තිබුණේ නැහැ. තරුණ පිරිස හමුදාවට බැඳුණේ නැහැ. ඒ වෙලාවෙයි මගේ පුතා යෝෂිත තවත් දස දෙනෙකු සමග හමුදාවට බැඳුණේ. රටේ රාජ්‍ය නායකයාගේ පුතාත් හමුදාවට බැඳුණට පස්සේ රටේ තවත් තරුණයෝ එය ආදර්ශයට අරගෙන හමුදාවට බැඬෙන්න පටන් ගත්තා. එහෙම තමයි මේ රට අඩියෙන් අඩිය අපි ගොඩනැගුවේ. එදා තිබුණු තත්ත්වය හා අද තිඛෙන තත්ත්වය අමතක වෙන්න පුළුවන් අලූත් තරුණයින්ට පමණයි.
ඊට පසුව අපිට තිබුණේ රට සංවර්ධනය කරන එක. අද රටේ විනයක් නැහැ කියලා කියනවා. රට තුළ යහ පාලනයක් නැහැ කියනවා. යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියනවා. මේ යුගය තුළ අපි හදිසි නීතිය නැති කළා. අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළා.
එදා කොළඹ කොටුවට යන්න බැහැ කප්පම් ගන්නවා කිව්වා. එය නැවැත්තුවා. අද ඒ අය නැහැ. නගරයේ තිබුණු කුණු අයින් කළා. නගරය වෙනස් නගරයක් බවට පත්වුණා.
අපි තමයි මුලින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට එරෙහිව නඩු දැමුවේ. ඒ අය බලය අයුතු ලෙස භාවිත කළ තැන් තිඛෙනවා. ගම්වල චණ්ඩි වශයෙන් හිටිය අය පළාත් සභාවලට ඇවිත් වෙනස් වුණේ නැහැ. අපි ඒ අයට නඩු දැමුවා. පසුගිය එජාප රජයේ ඇමැතිවරුන්ගේ පුතුන්ට විරුද්ධව නඩු දැම්මේ නැහැ. නමුත් දැන් නඩු දමනවා. අද අපරාධ ප්‍රමාණය වෙනදාට වඩා අඩු වෙලා.
නීතියට අපි ඇඟිලි ගසන්න යන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. ඇමැතිවරයෙකුගේ පුතෙක් මාසයක් සිරගතව සිටියා. නමුත් එදා නම් නඩුවට ඉදිරිපත් කරන වෙලාවට පමණයි කූඩුවට වෙලා ඉන්නේ. ඊට පස්සේ නිදහස් කරනවා. ඊළඟ නඩු වාරයේදී නඩුව ඉවරයි. එදා තිබුණ තත්ත්වය මෙයයි. නමුත් අපි අධිකරණයට බලපෑම් කළේ නැහැ. මාසයකට පසු ඇප දුන්නේ නයිට් ක්ලබ් යන එකත් තහනම් කරලා. ඒ වගේ දේවල් යට ගසන්න අපි මහන්සි වුණේ නැහැ. එහෙම කළා නම් යහපාලනයක් නැහැ, නීතියට ඇඟිලි ගසනවා කියලා චෝදනා කරන්න පුළුවන්. නමුත් අපිට එහෙම චෝදනා කරන්න බැහැ.
පාරක් හැදුවොත් කියනවා, කොමිස් ගන්නවා කියලා. නමුත් පාරවල් හැදිලා තිඛෙනවා. අපේ යුගයට පෙර කටුනායක අධිවේගී මග හදන්න අරගත්ත මිලියන 570 ක
ණයක් අපි තාමත් ගෙවනවා. නමුත් වැලි කැටයක් වත් දමා තිබූ තැනක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධව ෆයිල් එකක්වත් නැහැ. මහ බැංකුවේ තිඛෙන ෆයිල් එකේ තිඛෙන්නේ ණය ගෙවන්න කියලා. මහ බැංකුව ඒ ණය ගෙවනවා.
අපි ඒ සියල්ල වෙනස් කරලා වසර 5 ක් ගතවන විට අධිවේගී මාර්ග හදලා විවෘත කළා. එදා චෝදනා කළා වැඩිපුරම මුදල් වැය වෙන්නේ අලූත්වැඩියාවල්වලට කියලා. ඒ නිසා වසර 10 ක් යන තුරු අලූත්වැඩියා කටයුතු අවශ්‍ය නොවන ලෙස කාපට් කළා.
අද යාපනේ ගියාම අපිට හරි ආඩම්බරයක් දැනෙනවා. යාපනේ තමයි වැඩිම පහසුකම් තිඛෙන රෝහල තිඛෙන්නේ. එක වහලක ශල්‍යාගාර 10 ක් තිඛෙනවා. රසායනාගාර  ලේ බැංකුව තිඛෙනවා. නැගෙනහිර සංවර්ධනයටද අපි මිලියන 450 ක් යොදවා තිඛෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයට විද්‍යාගාර පහසුකම් තිඛෙන පාසල් තිබුණේ එකයි. මොණරාගලටත් තිබුණේ එකයි. පොළොන්නරුවට තිබුණෙත් එකයි. අපි අලූත් තාක්ෂණ විද්‍යාගාර හඳුන්වා දීලා ගම්වලට මහින්දෝදය විද්‍යාගාර දහසක් ලබා දුන්නා. අපි කියනවා කලා උපාධිධාරීන් වැඩියි කියලා. එයට එක් හේතුවක් වුණේ විද්‍යාව ඉගෙන ගන්න පහසුකම් නැතිවීම.
එදා රාජ්‍ය සේවය හැමවෙලාවෙම අඩු කරන්න කටයුතු කළා. එය ලක්ෂ 3 1/2 ට ගේන්න කියලා —පුබුදමු ශ්‍රී ලංකා˜ පොතේ පැහැදිලිව කියා තිඛෙනවා. වන සංරක්ෂණය සමාගම්වලට දෙන්න කියනවා. එහෙම මතවාද ඒ අයගේ තිබුණේ. ඒවා බොහොමයක් අපි වෙනස් කළා. එවිටයි අපිට මේ ප්‍රශ්න එන්නෙ. බටහිර රටවල් මානව හිමිකම් කොමිසම්වලට අපට ගෙන යන්නේ, එයාලා කියන ආකාරයට අපි වැඩ කළේ නැහැ කියලා.
අනෙක් අය වගේ අපටත්
ෂේප් වෙලා ඉන්න තිබුණා. එහෙම වුණා නම් අපිත් බටහිර ලෝකයට හොඳයි. ඒ අය කියන විදිහට අපට වැඩ කරන්න බැහැ. ජාතියක් වශයෙන් අපට අපේ කියලා හැඟීමක් තිඛෙන්න ඕනෑ. ඒ දේවල්වලට මුහුණ දෙන්න ශක්තියක් තිබුණු නිසා වසර තිහක ත්‍රස්තවාදය නැති කරන්න අපට පුළුවන් වුණා. එහෙම නැතිවුණා නම් තවමත් අපට ඒවාට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහරු දකින්නේ මෙය එතරම් දෙයක් නොවන විදිහට.
විශේෂයෙන්ම වෘත්තිකයන් මේවා ගැන සිතන්න ඕනෑ. අද ත්‍රස්තවාදය හෝ වෙනත් දෙයක් නැති නිසා යහපාලනය, ස්වාධීන අධිකරණය ගැන කතා කරනවා.  වෙනත් ප්‍රශ්න නැහැ. අපි යම් පාලනයක් කරගෙන ආවා. අද අයවැය මැජික් එකක් කියලා සමහරු සිතනවා. නමුත් අපි මුදල් ඉතිරි කරගත්තා. පිට රටින් සහල් ගෙන්වන්න වැය වෙන මුදල්, ත්‍රස්තවාදය නතර කළ නිසා ඉතිරි වුණු මුදල්, අල , වී, රතු ලුනු, ලොකු ලුනු වගා කිරීම නිසා ඒවා ගෙන්වන්න වැයවෙන මුදල් ආදිය ඉතිරි වුණු නිසා විශාල මුදල් ප්‍රමාණයක් රටේ ඉතිරි වෙලා තිඛෙනවා. විදේශ සංචිත ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් අපට තිඛෙනවා.
එදා පොලිය සියයට 22 යි සියයට 12 යි. මේ පොලිය තවත් අඩු කරන්න පුළුවන් වුණත් එය විශ්‍රාමිකයින්ට ගැටලූවක්. ඒ අයට ලැඛෙන පොලී මුදල් අඩු වෙනවා. සංචිත තවත් වැඩිවෙන කොට තවත් පොලිය අඩු වෙනවා. ආර්ථීකයේ අනෙක් ප්‍රශ්න සමග එය සමබර කරන්න වෙනවා. මේ ඉතිරි වෙන මුදල්වලින් තමයි අද ක්ෂේත්‍ර නිලධාරීන්ට වාහන දෙන්න, වැටුප් වැඩි කරන්න, මේ සියලූ දේවල් ලබාදෙන්න පුළුවන් වුණේ.
අද අපි කරන සමහර ව්‍යාපෘති කරන්නේ ලංකාවේ මුදල් වලින්, දැදුරු ඔය වාරිමාර්ග ව්‍යාපෘතියට වියදම් කළේ ලංකාවේ මුදල්. වෙනත් රටකින්, ලෝක මූල්‍ය අරමුදලින් ණය ගත්තේ නැතිනම් අපිට රටේ සංවර්ධන කටයුතු කරන්න හැකිවන්නේ නැහැ. එක තැන පල්වෙන ආර්ථීකයක් තබාගෙන ඉන්න තිබුණා. වෙනත් ආසියාතික රටකට ගිහින් ආවාම තේරෙනවා අපේ රට කෙතරම් දියුණුද කියලා. සමහරක් රටවල විදුලිය කපනවා. හෝටල්වල විතරයි තිඛෙන්නේ. ලෝකයේ වැඩිම ජල ප්‍රමාණයක් ගලා යන කොට ඒ තිඛෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න දෙන්නේ නැහැ වෙනත් රටවලින් ඇතිවෙලා තිඛෙන ඇඟිලි ගැසීම් නිසා. අපට ඒ තත්ත්වය නැහැ. අපි ඒ බැමි බිඳලා තිඛෙනවා. රට සංවර්ධනය කර තිඛෙනවා.
මේ ආර්ථීකය ආපස්සට හරවන්න, අස්ථාවර කරන්න බොහෝ අයට අවශ්‍යයි. එයට ඉඩ තබන්න එපා කියලයි මට කියන්න තිඛෙන්නේ. ස්ථාවර ආණ්ඩුවක් තිබුණොත් පමණයි රටේ යහපතට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් තබා ගැනීම වෘත්තිකයින්ගේ වගකීමක් ලෙස මම හිතනවා.
ඔබ මුණගැසී මෙලෙස කතා කරන්න අවස්ථාවක් ලැබිම පිළිබඳව මම සන්තෝෂ වෙනවා.
ඔබට සුබ අනාගතයක්

(පානුක රාජපක්ෂ)

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය