HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Wimal Weerawansa  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

රෑ දෙකට නිදාගෙන හවස හතරට නැඟිටින චන්ද්‍රිකා දැන් අඹරන ගුලිය විමල් කියයි

එදා 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය උදව් නොකරද්දී සභාපතිනියගේ ඇතැම් ගෝලබාලයන් කකුලෙන් අදිද්දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය වෙත ගෙනගිය බවත් එදා සභාපතිනිය නැතිවා සේම අද  වෙන කවුරු නැති වුණත් මේ රටේ  ජනතාව අතිගරු ජනාධිපතිතුමා  ජයග්‍රහණය වෙත රැගෙන යන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු  පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. එදා සභාපතිනිය සිංහල, දෙමළ, මුස්ලිම්, ඡන්ද ගණන්කර පෙන්වා ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජයගන්නා බවත් මහින්ද පරදින බවත් පවසා ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට දිනන්න බැරි නිසා වැඩකරන්න එපා යයි එතුමියගේ ගෝල බාලයන්ට පැවසූ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පැවැති දිවි නැගුම ප්‍රථම ජාතික සම්මේලනයට  සහභාගි වෙමිනි. මෙම උත්සවය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ එදත් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන එක නවත්වන්න කැලේ ගස් පාවිච්චි කළා. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති බවට පත්වෙලා  චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියට අවසන් කරන්න බැරිව තිබුණු යුද්ධය අවසන් කළා. යුද්ධය තිබුණා නම් මේ රට අද මේ සිදුවන සංවර්ධනයේ දිශාවට කිසිසේත් ගෙන එන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ රට අද අන්තර්ජාතික හමුදාව පවා සිටින එකම අනාථ කඳවුරක්. තවත් සුඩානයක්.
දැන් ඇවිදින මන්තීරුවල ගමන්කරන සමහර අයට යුද්ධය නිකන් සමරු පොතේ පිටුවක් නැතිනම් ප්‍රථම  ප්‍රේමය වගේ. එහෙත් ගම්බද අම්මා තාත්තා දන්නවා උණ්ඩ සඳහා තව තවත් මේ රටේ ධනය විනාශ කළා නම් මේ රටේ අහිංසක ජනයා සවිබල ගන්වන්නට වැඩපිළිවෙලක් ගෙන එන්න බැරි බව. ඒ නිසා  විෂෙන් විෂ නසන න්‍යායට අනුව යුද්ධයෙන්ම යුද්ධය අවසන් කළා.
කලින් ආණ්ඩු යුද්ධය අවසන් කළේ නැහැ. සුද්ධය සඳහා  යුද්ධය තියාගෙන ගියා. දැන් සමහර අය කියනවා මේක හොරකම් කරන ආණ්ඩුවක්ලු.  එහෙම හොරකම් කරන්න ඕනකමක් තිබුණා නම් යුද්ධය කොහොමවත් නතර කරන්නේ නැහැ. හොරකමට හොඳටම හරියන්නේ යුද්ධය. යුද්දෙට බුලට් 100 ක් වැය කරලා  කෝටියක් වැය කළා කිව්වොත්, මොකද විගණකාධිපති දෙපාර්තමේන්තුව යුධ බිමට ගිහින් හිස් පතුරම් කොපු ගණන් කරලා බලනවද? මෙතන 100 ද ගියේ,  කෝටියද කියලා. සුද්දෙ කරනවා නම් ඒකට හොඳම එක තමයි යුද්දෙ. කලින් හිටපු නෝනලා මහත්තයලා ගොඩක් අය කළේ යුද්ධෙ නෙමෙයි සුද්දෙ.
යුද්ධයෙන් පස්සේ ගෙවිච්ච මේ අවුරුදු පහ මේ රටේ යුද්ධයට පෙර දශක පහක කළ  වැඩ කරපු අවුරුදු පහක්. අද කටුනායක ගුවන්  තොටුපළෙන් බැහැලා විනාඩි 15 න්  කොළඹට එනවා. අද ගම ඇතුළේ පාරවල් වලටත් තාර නෙමෙයි ඉල්ලන්නේ කාපට්. ගමේ සටන් පාඨ බවට පත්වෙලා තියෙන්නේ ඒවා. යාල්දේවී දුම්රිය යාපනයට යනවා.  රටේ ප්‍රධාන මාර්ග සියල්ල කාපට් වෙනවා.  යාපනය දක්වා අධිවේගී මාර්ග ඉදිවෙනවා. වෙනදා කිව්වේ තාර ටිකක්වත් දාලා දියව් කියලා. ඒත් අද කියන්නේ තාර නොදමව් කාපට් දියව් කියලා.
මේ රටේ හිටපු සමහර නායක නායිකාවෝ කාලේ කෑවා. නැගිටින්නේ හවස 4.00 ට. නිදාගන්නවා පාන්දර 2.00 ට විතර. ඒ කාලේ කාපු නෝනලාට අද ආයිත්  රට කන්න වුවමණා වෙලා තියෙනවා.  ඒ අය මේ රටේ ප්‍රශ්න විසඳුවේ නැහැ. අද සමහර  අය කියනවා මේ ආණ්ඩුව චීනයට මුහුද ගොඩකරන්න දීලා කියලා.  එතන හෙක්ටයාර ගණනක් චීනෙට අයිති වෙනවලු.  එදා ඉරණවිලින් හෙක්ටයාර ගණනක් ඇමරිකන් හඬ කරගෙන යන්න ඇමරිකාවට දුන්ණා. ඇමරිකන්කාරයට එතන ඉන්න පුළුවන් නම් චීනා ඇවිල්ලා මුහුද  හරි ගොඩකරගෙන ළඟින් හිටියත් වරදක් නැහැ. එක ලොක්කෙක් ඉන්නවා නම් අනිත් ලොක්කත් තියාගෙන ඉන්න ඕනෙ ඒකයි  රාජ්‍ය තාන්ත්‍රික දේශපානය කියලා කියන්නේ. අද චීනය තමයි ලෝක බලවතා. ජනාධිපතිතුමා  බටහිරට ඕන විදිහට යුද්ධය කළා නම් මේ යුද්ධය දිනන්න වෙන්නේ නැහැ. මිලිබෑන්ඩ්, බර්නාර්ඩ් කුච්නර්ලා දෙන්නම ඩබල් දාලා ඇවිල්ලා බලපෑම් කරද්දීත් ජනාධිපතිතුමා ඒ බටහිර බලවේගවලට නතු වුණේ නැහැ.
අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට කියන්නේ ඒකාධිපති රෙජීමය කියලා.  ඔවුන් සිංහල විදිහට මේකට ආණ්ඩුව කියන්නේ නැහැ. ඒකත් බටහිර පන්නයට කියන්නේ රෙජිමය කියලා. ඒක තමයි ඉතිං ටොයියන්ගේ විදිහ.  මේකෙ කිසිම ඒකාධිපති ලක්ෂණයක් තියෙනවද? නැහැ.  මැතිවරණ සිතියම් අකුලලා තියෙනවද? ඡන්ද කල් දාලා තියෙනවද? බටලන්ද වගේ වධකාගාර පවත්වාගෙන ගිහින් තියෙනවද?  ඒත් දැන් ඒ  වධකාගාර තියාගෙන හිටපු අය එක්ක සමහරු යනවා පයුරු පාසානම් පවත්වන්න.
චන්ද්‍රිකා නෝනා බලාගෙන ඉන්නවා විමුක්ති කොලුවට ආයෙත් කොහොමද ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ  බලය අල්ලලා දෙන්නේ කියලා.  එතුමියට තියෙන්නේ  ඒ පිපාසාව. එතුමිය ඒ පිපාසාව සංසිඳුවා ගැනීමට ලක ලෑස්ති වෙනවා. අද  ඒකාධිපති රෙජිමයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී  ජන නායකයෙක් ඉන්න ආණ්ඩුවක් තියෙනවා.  ඒත් සමහරු ඒකාධිපති රෙජිමය කියලා සංකල්පයක් මවනවා. එහෙම නැති ලෙඩක් හදලා ඒ ලෙඩේට බෙහෙතුත් නියම කරනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝගයක් වෙන්න පුළුවන් නායකයෙක් විරුද්ධ පක්ෂය විසින් හැම පඳුරක්ම පීර පීර හොයනවා.  ඒත්  එහෙම නායකයෙක් විපක්ෂයෙන් හොයාගන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝගයක් එන නායකයෙක් 2010 දීත් විරුද්ධ පක්ෂයට හිටියේ නැහැ. ඒ නිසා මොකද කළේ යුද්ධය අවසන් කළ යුධ හමුදාපතිතුමාව ගත්තා. අනේ අර අහිංසක යුධ හමුදාපතිතුමා ඒකට අහුවුණා. එතුමා අපි ගොඩක් ගරු කරපු නායකයෙක්. ඒත් එතුමා දේශපාලනය දන්නේ නැහැ. හරියට මට යුද්ධ කරන්න කියලා කිව්වොත් කොහොම හිටීද?  එතකො ප්‍රස්තා පිරුළකුත් හැදෙයි “ විමල් යුද්ධ කළා වගේ ”  කියලා. ඒ වගේම තමයි ෆොන්සේකා මහත්තයා ඡන්ද කිරීමත්, ඒක එතුමාට නොතේරෙන භාෂාවක්.  ඔබතුමා යුද්ධය කළා. ඒ ගෞරවය ඔබතුමාට තියෙනවා කියලා මතවාද ඔළුවට දාලා, යුධ වීරයෙකු වශයෙන් අපෙන් සදාකල් ගෞරව ලබන්න හිටි මිනිහෙක් විනාශ කරලා දැම්මා.
අභියෝගයක් දෙන්න  පුළුවන් නායකයෙක් එතන නැහැ. ඒ නිසා ඇබෑර්තු ඇත. බෙල්ල දිය හැකි මෝඩයෙක් උවමණා කර තිබේ, වහාම විමසන්න. සිරිකොතේ ඒ කාලේ තිබුණ දැන්වීම ඕක. ඉතින් ෆොන්සේකා මහත්තයා  දැම්මා ඉල්ලුම්පතක්, දැම්ම ගමන්  ඒක අනුමත උණා. හරි හරි නියම ජොකියා හම්බුණා කියලා කිව්වා. මම දැක්කා මේ ළඟදි එක්සත් ජාතික පක්ෂයෙන් පුවත්පතකට කියලා තිබුණා ෆොන්සේකා මහත්තයා දිනන්නේ නැහැ කියලා ඒ අය දැනන් හිටියා කියලා.
රනිල් කවදාවත් දිනන අශ්වයන්ට එන්න දෙන්නේ නෑ, දෙන්නේ නොණ්ඩි අශ්වයින්ට. හිටපු යුධ හමුදාපතිතුමා යුද්ධයට හරිගියාට දේශපාගනයේදී එතුමා නොණ්ඩි අශ්වයෙක්. සේනාධිනායකයාට අභියෝගයක් දෙන්න එතුමාට බෑ.  එදා මුළු විපක්ෂයෙම හොයලා  නැති නිසා තමයි ෆොන්සේකා මහත්තයට ඒ මරාලේ කරගැස්සුවේ. අදත් විරුද්ධ පක්ෂයට දාන්න කෙනෙක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයට බැහැ. වෙන කවුරුත් නැහැ, කරූටත් දෙන්නේ නැහැ. මේ  පාරත් අර පරණ දැන්වීමම දාලා තියෙනවා. මෙවර ජනාධිපති මරාලයත්  කරගැසීමට සුදුසුකම් තියෙන පුද්ගලයෙකු ඕනෑකර තිබේ, වහාම විමසන්න කියලා. ඒ ඇබෑර්තුවටත් ඉතින් සමහර අය ඉල්ලුම්පත්‍ර දානවා.
අදත් ඒ 2010 දි අනුගමනය කළ ප්‍රතිපත්තියම තමයි ඔවුන් අනුගමනය කරන්නේ. 2010 දි කැලේ ගසක් නසන්න කැලේ ගසක්ම ගෙනාවා. මම නම් දන්නේ නෑ කවුරු මේකට මුහුණ දෙයිද කියලා. කවුරු බෙල්ල දුන්නත් මට නම් කියන්න තියෙන්නේ දේශපාලන වශයෙන් ආනිච්ඡාවත සංඛාරා කියලා විතරයි. මතක වස්ත්‍ර පූජාව තමයි කරන්න තියෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් දිනන්න පුළුවන් කෙනෙකුට මේක දෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට දුන්නොත් එතුමාට එතුමාගේ විපක්ෂ නායක කමවත් රැකගන්න වෙන්නේ නැහැ. එතුමා ඒ නිසා මෙවරත් කැලේ ගසක් නසන්න කැලේ ගසක්ම ගේන්න පුළුවන්. අපිට කියන්නට තියෙන්නේ එක ගහක් නෙවෙයි ගස් සීයක් අරගෙන ආවත් රටට සාමය  දිනාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නම් දැවැන්ත වෘක්ෂය කපා දමන්න  ඔය කවර බලවේගයක‍ටවත් පුළුවන් වෙන්නෙත් නැහැ. වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. මේ රටට ආදරය කරන හැම ජනතා බලවේගයක්ම මේ සටන තමන්ගේ අතට අරගෙන තියෙනවා. මේක මේ ජාතික සටනේ ඉතිරි කොටස.
කාටද ඕනේ මේ සටන නවත්තන්න? ඇමරිකා එක්සත් ජනපදයේ රුද්‍රකුමාරන් සිටිනවා. ඔහු තමයි දේශ සීමාවක් නැති දෙමළ ඊළමේ නායකයා. ගෝලීය දෙමළ සංසදයේ නායක එම්මානුවෙල් පියතුමා ඉන්නවා. කොටි ඩයස්පෝරාව ඉන්නවා. ඔවුන් පසුගියදා මැලේසියාවේදී රැස්වුණා. රැස්වෙලා සාකච්ඡා කළා මෙවර ජනාධිපතිවරණයේදී ඔවුන් මොකද කරන්නේ කියලා. ඔවුන්ට ඕනේ යළි ගිනිගන්නා උතුරක් හදන්න. ඔවුන් තමයි මේ ජනාධිපතිතුමාව පරාජය කරන්න හදන්නේ.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරයත් පැවසීය.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය