HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Tense situation in Kiribathgoda; Minister Mervyn resolves the issue  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මර්වින් කිරිබත්ගොඩ හෝටලයක් වහපු හැටි (වීඩි‍යෝ)

කිරිබත්ගොඩ විහාරස්ථානයක් අසළ පවත්වාගෙන යන හෝටලයක සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරක් අනූව ගම්වැසියන් සමග එහි ගිය ඇමති මර්වින් සිල්වා මහතා  එය වසා දැමීමට පියවර ගත්තේය.  ඇමති මර්වින් සිල්වා මහතා එම ස්ථානයට ගොස් එකී හෝටලය වසා දැමීමට අදාළ කතා පුවත සැකෙවින් මෙසේය.

කිරිබත්ගොඩ ඥානවිමලාරාම විහාරස්ථානය ආසන්නයේ පිහිටි එකී හෝටලය තුළ සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවට එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේ මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද පසුගිය කාලයේ කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත් පොලීසිය එකී හෝටලය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කිසිදු උනන්දුවක් නොගත් බව කියමින් ස්වාමින් වහන්සේ මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද විරෝධතා පා ගමනකින් පැමිණ  කිරිබත්ගොඩ පොලීසියට දැඩි විරෝධය පළ කරන ලදී. ඔවුන් එහිදී කියා සිටියේ පොලීසිය මෙම හෝටලයට එරෙහිව කිසිදු පියවරක් නොගෙන පගා ගසන බවකි.

ඒ අනූව පොලීසිය ඉදිරිපිට විරෝධතාවය යන අතරවා‍රයේදී ඇමති මර්වින් සිල්වා මහතා ද එම ස්ථානය අසළින් යද්දී වාහනයෙන් බැස ගැටලුව කුමක්දැයි සොයාබැලීය. ජනතාව මෙන්ම ස්වාමින් වහන්සේද එහිදී ඇමතිවරයාට සිද්ධිය පැහැදිලි කළ අතර ඒ අනූව ඇමතිවරයා මෙම ගැටලුව විසඳීම සඳහා පියවර ගන්නා බව කියමින් අද ‍ ඥානවිමලාරාම විහාරස්ථානයට පැමිණියේය. එහිදී ස්වාමින් වහන්සේ මෙන්ම ජනතාව ද සිද්ධිය පැහැදිලි කිරීමෙන් පසු ඇමතිවරයා පිරිස සමග හෝටලය පිහිටි ස්ථානයට ගියහ. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේද ගමනට එක්වීමට කැමැත්ත පළ කළත්, තමන් ස්වාමින් වහන්සේ උසාවි යනු දැකීමට අකමැති නිසා පංසලට වී වැඩ සිටින ලෙස ඉල්ලා ඇමති මර්වින් සිය පිරිස හා ගම්වැසියන්ද සමග එම ස්ථානයට ‍යන ලදී.

එහිදී හෝටලය තුළටම පිවිසි ඇමතිවරයා හෝටලයේ කවුදැයි අසමින් මෙහි සමාජ විරෝධී ක්‍රියාවන බවට පැමිණිලි ඇති බැවින් මෙය වසා දැමීමට සිද්ධ වෙන බව පවසා එහි සිටි සේවකයින්ගෙන් යතුර ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් හෝටලය පැය 24 පුරා විවෘතව තැබෙන බැවින් එය වසා නොතබන බව එහි සිටි සේවකයින් කීමෙන් පසු එසේ නම් සියලුදෙනාටම එළියට යන ලෙස පවසා ඇමතිවරයා ඔහුගේ හිතවතෙකු එහි ආරක්ෂාවට හෝටලය ඉදිරිපස තැබුවේය.

තමන් මේ ගැන පොලීසියට පැමිණිලි කරන බවත්, පොලීසියේ ආරක්ෂාව ද හෝටලයට ලබාදෙන බවත්, පවසා කිසිවෙකුට නැවත දැනුම්දෙන තුරු හෝටලයට ඇතුළුවීමට ‍ඉඩ නොදෙන්නැයි ඇමතිවරයා සිය හිතවතාට කියා සිටියේය. ඇමතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඔහු හා පැමිණි ජනතාවගේ දැඩි සතුටට හේතුවූ අතර ඔවුන් සතුටින් ඉපිළ යමින් ඇමති මර්වින් සිල්වාට ජයවේවායි කියමින් කෑ ගසන්නට විය.

එසේම තමන් මෙම හෝටලයට ඇවිත් ‍නැති බවත්, කාලා බීලා නැති බවත් ඇමතිවරයා සියලුදෙනාටම ඇසෙන පරිදි කියන්නට විය. මේ අතරවාරයේදී හෝටලයේ සේවිකාවක එහි හිමිකාරිය බව කියන තැනැත්තියකට දුරකථන ඇමතුමක්දී කතා කරන්නැයි කියා ඇමතිවරයා අත ජංගම දුරකථන තැබීය.

ආ මැතිණිය.. මම මර්වින් සිල්වා” මම හොඳ සිංහල බෞද්ධයෙක්, යනුවෙන් ආමන්ත්‍රණය කරමින් මෙසේ කියන්නට විය. මේ හෝටලය වසා දැමීමට සිදුවෙනවා. තමන් ව්‍යාපාර වසා දැමීමට අකමැතියි. කෙසේ නමුත් අදින් පසු මෙම ස්ථානයේ ළමයින් සමග පැමිණෙන පවුල්වල සාමාජිකයින්ට හැර වෙනත් අයථා ක්‍රියා සඳහා තරුණ තරුණියන්ට නවාතැන් දෙන්න, මත්පැන් පානය කිරීමට ඉඩදිය නොහැකි බව අවධාරණය කළේය.

එසේම මෙය නිවාස යෝජනා ක්‍රමයක් තුළ පිහිටි හෝටලයක් බැවින් ගමේ ජනතාවට, විහාරස්ථානයට පාසල් යන ළමුන්ට ද හිරිහැරයක් වන කිසිවක් මෙහි විය නොහැකි බවත්, තමන් මෙය පොලීසියට පැමිණිලි කරන බවත්, ඒ අනූව උසාවියෙන් විසඳුමක් ලබා ගන්නැයිද කියමින් දුරකථනය විසන්ධි කරන ලදී.

ඇමති මර්වින් සිල්වා සමග පැමිණි පිරිසද ඇමතිවරයාගේ එම කතා අසා සිටිමින් ඔහුට අත්පොළසන් තබමින් ප්‍රසාදය පළ කළ අතර ඔහු එම ස්ථානයෙන් ඉවත්ව යනතුරු ඔවුන්ද නිවෙස් බලා නොගියේය.

මේ ගැන සැලවී කැලණිය ප්‍රා.සභාපති ප්‍රසන්න රණවීර කියා සිටියේ මෙම හෝටලය පවත්වාගෙන යාමට බලපත්‍රයක් දී නැති බවයි.

කෙසේ වුවද මෙයට එරෙහිව මහර අධිකරණයේ නඩු දෙකක් යන බවද ඔහු පැවසීය.

කෙසේ හෝ ඇමතිවරයා කළ මෙම ක්‍රියාව හොඳ නමුත් මේ ආකාරයට කැලණියේ පිහිටි වෙනත් නීති විරෝධී ස්ථානත් වසා දැමිය හැකිනම් එය වඩාත් හොඳ බවද ඔහු කියා සිටියේය.


Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය