HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

S B . Disanayake  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මෛත්‍රීපාල චන්ද්‍රිකා-මංගලගේ වෛරී දේශපාලනයේ බිලිබෝයි වෙලා - එස්. බී

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ මහතා විධායක අගමැති කරන්නට තමන්ගේ ඡන්දය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද දායකයා සූදානම් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (23) ගෙලිඔය, වැලිගල්ල, සහ කොස්හින්න ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ උත්සවයන්ට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පවසා සිටියේ

‘‘මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ තමන් බලයට පත්වෙලා දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් ඔහු සමග විපක්ෂයට යන මන්ත්‍රීවරු ගණන අනපේක්ෂිත ලෙස අඩු වීමත් සමග පැය 24ක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට මෛත්‍රිපාල මහතාට සිදු වෙලා. පැය 24ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විධායක අගමැතිකම ලබා දෙන්නට ඡන්දය පාවිච්චි කරන්න කැමති මොන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ද?මොන පොදුජන එක්සත් පෙරමුණු පාක්ෂිකයා ද? තමන්ගේ ඡන්දය විහිලුවට ලක් කරන්නට ඉඩ දෙන්නට ඔවුන් කිසිසේත් සූදානම් නැහැ. තමන් ගොනාට අන්දන්නට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ.

චන්ද්‍රිකා මැතිනියගේ වෛරී දේශපාලනයේ තවත් එක් ගොදුරක් බවට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම පිළිබද අපි කණගාටු වෙනවා. චන්ද්‍රිකා-මංගලගේ ගොදුරක් වෙලා ජනතාවගේ අප්‍රසාදයට පත්වීමට ලැබීම එතුමාට සිදුවුණු අපහාසයක්. අතිගරු ජනාධිපතිතුමාට ලැඛෙන ඡන්ද එකක්වත් මේ නිසා අඩු වන්නේ නැහැ. චන්ද්‍රිකා-මංගලගේ වෛරී දේශපාලනයේ බිලිබෝයි බවට අවාසනාවට පත්වුණේ එතුමා.  ජාත්‍යන්තරයේ උවමනා එපාකම් අනුව නටන රූකඩ බවට පත්වීමට එතුමාට සිදුවීමත් කණගාටුවට කාරණාවක්. අපි හොදින්ම දන්නවා එදා ප්‍රභාකරන් කොටු වෙලා ඉන්න වෙලාවේ බි්‍රතාන්‍ය විදේශ ඇමති, කැනඩා විදේශ ඇමති ලංකාවට ආපු අවස්ථාවේ වීසා නොමැති බව පවසමින් ඔවුන් ආපසු යවන්නට ක‍්‍රියා කළ අපේ ජනාධිපතිතුමා කෙරෙහි ඔවුන්ට තිඛෙන්නේ බද්ධ වෛරයක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාවට එන්න හදන කොට ‘මම ආරාධනා කළාම එන්න’ කියලා කියන්න කියන්න තරම් කොන්ද පණ තිබුණු මේ නායකත්වයත් එක්ක ජාත්‍යන්තරය තරහයි. ඒ තරහ පිරිමහ ගන්න බිලිබෝයි කෙනෙක් වෙන්න මෛත්‍රීපාල මැතිතුමාට සිදුවීම කණගාටුවක්. අද කොටි තහනම ඉවත් කරලා ජාත්‍යන්තරය නටන්න හඩන නාඩගමේ රූකඩයක් වෙන්නට එතුමාට සිදුවීම පිළිබද ජනතාව ඉන්නේ කණස්සල්ලෙන්.

අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය හිතාගෙන ඉන්නවා උතුරු නැගෙනහිර ඡන්ද සියල්ල තමන්ගේ සාක්කුවේ කියලා. නමුත් ඒක වැරදියි. මීට පෙර ඡන්දවල ඔවුන්ට ලැබුණු ඡන්දවලින් සියයට 50ක් වත් මෙවර ලැඛෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද එම ජනතාව තමන්ගේ ප්‍රදේශවල නැවතත් පදිංචි වෙලා. ගෙවල් දොරවල් හදලා, තමන්ගේ ගොවිතැන් කටයුතු, ධීවර කටයුතු හොදින් කරගෙන යනවා. ව්‍යාපාරිකයෝ කිසිසේ ත් කැමති නැහැ තමන්ගේ ව්‍යාපාර කටයුතු යළිත් අඩාල කරගන්නට. තමන් දුක් මහන්සියෙන් හම්බ කරන දෙය නැති කරගන්නට. ඔවුන් හොදාකාරව ම දන්නවා විපක්ෂය ආවොත් ආයෙත් උතුරු නැගෙනහිර ගැටලු ඇතිවෙන බව. ඒ ප්‍රදේශය නැවතත් අස්ථාවර වෙන බව. ඒ නිසා ඒ බලාපොරොත්තුවත් විපක්ෂයට නැති වෙනවා.

අනෙක් පැත්තෙන් පාඨලී චම්පික මන්ත්‍රීතුමා පවසනවා අපි තවමත් පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වනවාද කියලා තීරණය කරලා නැහැ කියලා. ඒවගේ ම ඔහු පවසන්නේ ජනාධිපතිතුමා කියනවා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් එතුමාට සහයෝගය දක්වන බව. මේ තත්ත්වය තුළ ඔවුන්ගේ සහයෝගය පිළිබදව ත් තිඛෙන්නේ පැහැදිලි ගැටලුවක්.

ඒ අතර රාජිත සේනාරත්න මහතා ඉන්නේ වෙන ම ස්ථාවරයක. ඔහු කියනවා ඔහු වයසට ගිහින් හරි ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් කටයුතු කරන බව. උතුරට වෙනම ආණ්ඩුවක් ලබාදීම ගැන. හෙළ උරුමය පැහැදිලිව ම උතුරේ බලය ඛෙදනවාට. ඉඩම් බලතල,පොලිස් බලතල ලබා දෙනවාට. එවන් තත්ත්වයක් තිබියදී හෙළ උරුමයේ සහයෝගය ත් සැකයක්. ඒ අතර ටී.එන්.ඒ ඉන්නේ ඔවුන්ගේ ස්ථාවරයේ. මේ පක්ෂ දෙක කිසිසේත් එක් කරන්නට බැහැ. පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙන්නේ කවුද යන්න මේ අනුව පැහැදිලි ගැටලුවක් වෙලා තියෙන්නේ.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය