HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Gossip Chat With Nirosha virajini  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

නිරෝෂාගේ හඩ අනුකරණය කරමින් මාධ්‍ය ආයතන නොමග යැවූ පුද්ගලයා නීතියේ රැහැනට හසුවේ..

ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් අනුකරණය කරන රසික රසිකාවියන් සිටිනවා. මේ අය තමන් ප්‍රියකරන ජනප්‍රිය කෙනා අඳින පළඳින විදිය කටහඩ, කතාබහ ඉරියව්, ආදිය අනුකරණය කරන්නේ ඒ ජනප්‍රිය තරුවට තියෙන ආදරය හින්දමයි. නමුත් මේ අතරේ මේ අහිංසක විනෝදයෙන් එහා ගිය තැනක ඉඳල මෙවැනි දේ කරන අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රියා කලාපයන් ඔවුන්ගේ වීර චරිතය වන ජනප්‍රිය තරුවට වගේම සමස්ත සමාජයටම හානිදායක වන අවස්ථා තියෙනවා. අපේ ජනප්‍රිය ගායිකාවකටත් පසුගියදා මෙවැනි පුද්ගලයකුගේ ක්‍රියාවන් හින්දා දැඩි අපහසුතාවයට පත්වන්නට සිදුවුණා.

ඇය නිරෝෂා විරාජිනී. නිරෝෂාගේ හඩින් කතා කරන කෙනකු හින්දයි ඇයට මෙවන් අපහසුතාවකට පත්වන්නට සිදුවුණේ. අවසානයේ ඇයට නීතිය ඉදිරියට පවා යන්න සිදුවුණා. මේ වන විට මිරිහාන ‍පොලීසියට අදාළ තැනැත්තාව නීතියේ රැහැනට හසුකර ගන්නට හැකිවී තිඛෙනවා. මේ සිදුවීම ගැන වැඩිදුර දැනගන්න අප නිරෝෂාට කතා කළා.

නිරෝෂා, මොකක්ද මේ සිදුවීම?

එක්තරා කෙනකු විසින් මගෙ කටහඩින් මා විදියට තැන් තැන්වලට කතා කරන බව කාලෙක ඉඳන් මට දැනගන්න ලැබුණා. මා දන්නා අයට මෙයා කතා කළාම ඒ අය මට කතා කරලා මගෙන් අහනවා වෙනත් අංකයකින් කතා කළාද කියලා. ඔන්න ඔය විදියට තමයි මට මෙයා ගැන මුලින්ම දැනගන්න ලැබුණේ.

කවුද මේ තැනැත්තා?

මොහු දඹදෙණිය ප්‍රදේශයේ තරුණයෙක්. පිරිමියකු වුණාට ඔහු කාන්තා හඩින් කතා කරන කාන්තා ඇවතුම් පැවතුම් ඇති විකෘති මානසික මට්ටමක සිටින කෙනෙක්.

මේ තැනැත්තා නිරෝෂා විදියට කතා කරලා මොනවද කරල තියෙන්නේ......?

ඇතැම් නිෂ්පාදන ආයතනවලට කතා කරලා යම් යම් අයව රැකියාවලට යොමු කරන්න උත්සාහ කරලා. ඉන්පසුව මගේ අත්සන් යොදලා ලියූ ලියුම් දීලා ඒ ළමයින්ව ඒ ආයතනවලට යවලා. ඒ වගේම සජීවී රූපවාහිනී වැඩසටහන්වලට පවා කතා කරලා මම අදහස් දක්වන විදියට අදහස් දක්වලා තියෙනවා.

නිරෝෂාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ දේවල් පවා මොහු විසින් සිදුකරලා තියෙනවාද?


ඔව්. සමහර නාලිකාවල ඉන්න නව යොවුන් නිවේදකයින්ට මෙයා කතා කරලා. ඒ විදියට මාස ගණන් ඒ අය එක්ක කතා කරලා. මට ඒ ගැන ආරංචි වුණාම ඒ අයට කතා කළා. ඒ තරුණ නිවේදකවරු මට කිව්වෙ නැහැ. මෙයා ඒ අයත් එක්ක මාස ගණන් කතා කළ දේවල්. හැබැයි ඒ අය කතා කරන විදියට මට දැණුනා මේ පුද්ගලයා මාස ගණනක් මේ අයත් එක්ක කතා කරන්න ඇත්තේ මොනවද කියලා. කලා ක්‍ෂේත්‍රයේ ඉද්දී අපිට විවිධ මානසික මට්ටම්වල අය මුණගැහෙනවා. ඔය තැනැත්තා වගේ විකෘති මානසික මට්ටම්වල අයත් මට හමුවෙලා තියෙනවා. ඒ වගේ අයට පිරිමි කෙනකුට කතා කරලා ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඉතින් මගේ හඩින් මම විදියට කතා කරලා මේ පුද්ගලයා කියූ හැම දෙයකින්ම හානිවුණේ මගේ නමට. අනික මෙයා මේ වෙද්දී තව තව කී දෙනකුට කතා කරල තියෙනවද දන්නෙ නැහැනේ.

ඉතින් මේ තත්ත්වයට එරෙහිව නිරෝෂා ගත්තු පියවර මොකක්ද?

මුලදී මම කීපදෙනකුටම මේ ගැන කිව්වා. විසඳුමක් නැති හින්දා අන්තිමට මම මිරිහාන ‍පොලීසියට පැමිණිලි කළා. මේ පුද්ගලයා දුරකථන අංක රැසක් භාවිතා කරන කෙනෙක්. ඒ අංක හරහා මිරිහාන ‍පොලීසියට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න හැකි වුණා.

ඉන්පසුව ඔහුට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගය කුමක්ද?

මේ වගේ කටයුත්තකදී නීතිය විසින් අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක්

තියෙනවා. ඒ අනුව පළමු

වතාවට කළේ මේ තැනැත්තාට අවවාද දීලා නැවත වතාවක් මෙවැනි ක්‍රියාවන් කරන්නෙ නැති බවට ‍පොරොන්දු කරගෙන පිටත්කර හැරීම. නැවත වතාවක් ඔහු මෙය කළොත් අත්අඩංගුවට ගැනීම සිදුවේවි. ඉන්පසු ඔහු පිළිබඳ

නීතිය ක්‍රියාත්මක වේවි.

මේ සිදුවීමෙන් නිරෝෂාගේ කීර්ති නාමයට වූ හානිය පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගය මොකක්ද?

මට කරන්න තියෙන්නේ මේ ගැන මාධ්‍යය තුළින් නිවැරදි කිරීම පමණයි. මේ වනවිටත් කවුරු හරි කෙනෙක් මම කතා කරන විදියට කාට හරි කතා කරලා මොනා හරි කියලා තියෙනවනම් ඒ ගැන මාව දැනුම්වත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යවලිනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. විද්‍යුත් මාධ්‍යවල සජීවී වැඩසටහන්වලට ජනතාව සම්බන්ධවන සෘජු අංක හරහා මමවත් වෙන කලාකරුවකුවත් කතා කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් කෙළින්ම වැඩසටහනේ නිෂ්පාදකවරයාට කතා කරනවා. ඒ හින්දා වැඩසටහන්වලට අපේ නමින් කවුරුන් හෝ සජීවීව අමතනවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න කියා මා ඉල්ලා සිටිනවා.

ආරියවංශ කුලතිලක

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය