HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Gossip Chat With Menaka Peris  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

විවාහය මේ මස අගදී....

මේනකා ලහි ලහියේ සූදානම් වෙනවා...

”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැඛෙන බව දැනගෙන හිටියා. ප‍්‍රශ්න ආවට ලොකුවට ඒ ගැන හිතන්නෙ නැහැ. ජීවිතයට සතුට අවශ්‍යයි. මට විවාහ යෝජනා ගොඩාක් ආවා. ඒත් ඒ එකකටවත් මගේ හිත ගියේ නැහැ. මට දෛවය දුන්න කෙනා තමයි අමර්. මම හොයපු, ඊටත් වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් එයා. ඇත්තටම දැන් මගේ ජීවිතය හරිම සතුටින් ගෙවෙන්නෙ.”

මේ විදියට කියන මේනකා පීරිස් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. රූපවාහිනි තිරයේ හැඩකාර තරුවක් වන මේනකා මේ දිනවල ඒ හැඩකාර බව මවන්නෙ කළුඅරලියා, සබඳ බබානිස්, දස්කොන් යන
නාට්‍ය සමගයි. මේ විදියට අද දවසේ ටෙලි තිරය හැඩකරන මේනකා ඇයගේ ජීවිතය හැඩ කරගන්න මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ කියන්නේ ඇයගේ විවාහයට සූදානම් වෙනවා. මේ මස අගදී පැවැත්වෙන මේ විවාහය ගැන සහ සහකරු අමර් ගැන ඇය විස්තර කළේ මෙලෙසිනි.

ඇයි මේ තරම් ඉක්මනටම විවාහය ගන්න තීන්දු කළේ?

මේක ඇත්තටම යෝජිත විවාහයක්. ගිය පෙබරවාරියේ දී තමයි මේ යෝජනාව ආවේ. ඒත් එයා හිටියෙ ලංකාවේ නෙවෙයි. නමුත් මේ යෝජනාව නිසාම ලංකාවට ඇවිත් එයා මාව
බලලා ගියා. මුලින්ම මට ඕනෑ වුණේ බාරගත්ත වැඩ ටික ඉවර කරන්නයි. ඊට පස්සෙ විවාහයට දින යොදා ගත්තා.

කොහොමද මේ යෝජනාව ආවේ?

අපේ අම්මා මගේ කේන්දරය බලන්නෙ ..................?? සේනානායකගෙන්. එයාගෙ අම්මත් කේන්දර බලන්න එන්නෙ එතැනටලූ. කොහොම හරි කේන්දර දෙක ලක්ස් අයියා ළග තිබියදී, එයා කේන්දර බලාගෙන යනකොට මේ දෙක අපූරුවට ගැලපෙන බව දැනගෙන ඊට පස්සෙ අපේ අම්මට කතා කරලා තියෙනවා. මේනකා දුව කැමති වේවිද දන්නෙ නැහැ කියලා අපේ අම්මා කියලා තියෙනවා. මේ විදියට කාලය ගතවෙද්දී අමර් අපේ අම්මාට කතා කරලා මේ ගැන විමසලා. ඔන්න ඊට පස්සෙ තමයි අපි දෙන්නා දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත්තෙ. මේනකා පීරිස් කිව්වාම මම මොනවද කරන්නෙ කියලා එයා දැනගෙන හිටියෙ නැහැ. මොකද පසුගිය වසර දහය එකොළහ කාලයේ සිට එයා රැකියාව කරන්නෙ නෝර්වේ රාජ්‍යයේ නිසා. නෝර්වේ සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතරේ එරට සරසවියක සහකාර මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.

අමර්ගෙ ගම් පළාත එහෙම?

අවිස්සාවේල්ල. මූලික අධ්‍යාපනය එහිදී ලබාගෙන පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරලා.

ඇයි අමර්ට ඔයාගෙ හිත ගියේ?

අම්මා මට යෝජනා ගොඩක් ගෙනැල්ලා තිබුණා. නමුත් මගේ හිතේ මම හොයපු කෙනෙක් හිටියා. එයා උගත්, සිගරට් අරක්කු නොබොන කෙනෙක් වෙන්න  ඕනෑ කියන මතයේ මම හිටියෙ. මගේ තාත්තා කවදාවත් ගෙදර අරක්කු - සිගරට් බීලා නැහැ. ගෙදර ඒ පරිසරයට මම ආසයි. මේ සියල්ලට අමතරව මගේ වෘත්තිය ගැන තේරුම් ගත්ත බුද්ධිමත් කෙනෙක් වෙන්න  ඕනෑ. ඇත්තටම ඒ ගුණාංග ඉහළින්ම ඔහු ළග තිබුණා. හැබැයි ඒ වුණාට සංකීර්ණ චරිතයක් නෙවෙයි. බුද්ධිමත්, ඒ වගේම හරිම විනෝදයෙන්
ජීවිතය ගෙවන කෙනෙක්.

ඔබගෙ රගපෑම් ගැන ”අමර්” මොනවද කියන්නෙ?

මම හැමදාම හිතුවෙ මූලික දේ පවුල් ජීවිතය විය යුතුයි කියලයි. අපේ අම්මා අපිව හොඳට හදපු නිසා ජීවිතය අපට දැනුණෙ ඒ විදියටයි. අමර් මගේ රංගන ජීවිතය ගැන බාධා කළේ නැහැ. ඒත් විවාහයෙන් පස්සෙ ඔයාව මට එක්ක එක්කගෙන යන්න වේවි කියලා අමර් කිව්වා. මම ඒක සතුටින් බාර ගත්තෙ. මොකද මම රගපාන චරිත පවා බාරගත්තෙ හොඳ දේවල්. ඉතින් හොඳ වැඩක් කරලා රගපෑමෙන් විවේකයක් ගන්න එක හොඳ දෙයක්. අමර් මේ කෙටි කාලයේ දී මං කවුද? කොහොම කෙනෙක්ද කියලා ඇහුවෙ නැහැ. දෑවැද්දට මොනවද දෙන්නෙ කියලා, මං කීයක් හම්බ කරනවද කියලා ඇහුවෙ නැහැ, ඔයාට අවශ්‍ය සියල්ල දීලා, මම ඔයාව අරගෙන යන්නෙ මම හෙව්ව හොඳ බිරිඳකට තියෙන ගතිගුණ ඔයා ළග තියෙන නිසා කියලා අමර් මට කිව්වා. ඒ හන්දා තමයි විවාහය ඉක්මනටම සැලසුම් කළේ.

මේනකා ඔබ මොන වගේ කෙනෙක්ද?

මම හිතන්නෙ මම හරි සරලයි. මගේ අම්මා - තාත්තා - මල්ලි එක්ක මගේ පවුලේ වගකීම් දරන්න මට පුළුවන් වුණා. ඒ අපේ අම්මයි - තාත්තගෙනුයි ලැබුණු යහගුණය නිසයි. කොහොම වුණත් අමර් අපේ පවුලට වඩා ලැදියි. එයා මටත් වඩා මගේ අම්මාට තාත්තාට මල්ලිට ආදරේ කරනවා. මං හිතන්නෙ මම ගොඩාක් පිං කරලා තියෙනවා. එච්චරයි දැනට දැනෙන්නෙ.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය