HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Brawl Involving Mervin’s Son at Night Club  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මාලක සුදු තරුණියව

පෙම්වතාගෙන් උදුරාගෙන

අතවර කරන්නයි හැදුවේ

- සීසීටීවී ඇසුරෙන් පොලිසිය කියයි


පසුගියදා බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලුස් සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට පෙර අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මනෝජ් මාලක සිල්වා හිරිහැරයට ලත්වූ බි්‍රතාන්‍ය ජාතික තරු‚යව ලිංගික ක්‍රියාවක් සඳහා පෙම්වතාගෙන් පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (11) අධිකරණයට ප්‍රකාශ කළා.
අධිකරණයේ පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රතිලක මහතා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කරමිනි.



කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බි වාර්තාවන්ට අනුව එම සිද්ධියේ සාක්කිකරුවකු වූ පලිහවඩන රණසිංහ ආරච්චිගේ ජයරත්න යන අය විසින් එදින රාත්‍රියේ සිදුවූ සිදුවීම පිළිබඳව දක්වා ඇති ප්‍රකාශයනුත් එම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශනයනුත් මගින් මනෝජ් මාලක සිල්වා නමැත්තා විසින්
අදාළ විදේශීය තරු‚ය ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පැහැර ගැනීමකට ගත් උත්සාහය පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි වැඩිදුරටත් විවෘත අධිකරණයේදී අපරාධ කොට්ඨාසය එලෙස කරුණු ඉදිරිපත් කළේය.
ඊයේ (11) මෙම නඩුව කැඳවීමට තිබුණේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව වෙනුවෙනි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධිකරණය වෙත භාරදෙනු ලැබිය. එම වාර්තාවට අනුව මනෝජ් මාලක සිල්වා යන අයගේ තුවාල සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවට දක්වා ඇතැයිද අධිකරණයේදී කරුණු හෙළි විය.
මෙම සිද්ධියේ සැකකාර මාලක සිල්වා යන අයගේ පියා වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ඊයේ (11) අධිකරණ ශාලාව තුළ රැඳී සිටියහ.
සැකකාර මනෝජ් මාලක සිල්වා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසේකර මහතා : (නඩු තීන්දු විශාල ප්‍රමාණයක් ගෙනහැර දක්වමින් දීර්ඝ විස්තරයක් කරනු ලැබිය.

අපිට සුද්දා ගැහුවා. අද වෙනතුරු ඔහුව රිමාන්ඩ් කරලා නෑ. මුළු රටම දන්න මාලකව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට දාලා. කවුරුවත් දන්නැති සුද්දට මොන පෙරඩ් එකක්වත් නෑ. පොලිසිය මාලකට ක්‍රියාත්මක කරන නීතියම සුද්දාට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? ඇතැම් පොලිස් නිලධාරින් හිතාගෙන ඉන්නේ මේක යටත්විජිත වාදයක් තියෙන රටක් කියලා. හෙට අනිද්දා මේ සුද්දා රටට පැනලා යයි. පොලිසියට ඉදිරිපත් කළ බි වාර්තා දෙකේම තියෙනවා සුද්දා මාලකට ගැහුවා කියලා. ආසියාතික කළු හමට නීතිය ක්‍රියාවේ යොදවන්නේ මෙහෙමද?
මාලකට ගැහුවා කියලා මුල් පැමි‚ල්ල දැම්මේ ටිරාන් රොමේෂ් කුලතුංග යන අය. ඒ අය අසනීප වුණා. රෝහල්ගත වෙලා හිටියේ. වෛද්‍ය වාර්තා තියෙනා. නෙවිල් සිල්වා කියන පොලිස් නිලධාරියෙක් එයාට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා පොලිසියට එන්න කියලා කට උත්තරයක් දෙන්න. එයා පැමි‚ල්ල. දැන් කියනවා ඔහුත් මේකට අවශ්‍ය යැයි කියලා. එදා හිටිය තුන් දෙනෙක් අද අපි ඉදිරිපත් කරනවා. විස්කම් විමලරත්න, රුක්ෂාන් විෙජ්සේකර, ටිරාන් රොමේෂ් කුලතුංග යන ඒ තුන්දෙනා.
(පුද්ගලයන් තිදෙනකු අධිකරණය ඉදිරියට එයි.)

අධිකරණය : මෙම පුද්ගලයින් සැකකරුවන් වශයෙන් අවශ්‍යද? (පොලිසියෙන්)

කොළඹ අපරාධ කොට්ඨාසය : ඔවුන් අවශ්‍යයි. නමුත් ඒ බව තවම අධිකරණයට කරුණු වාර්තා කළේ නෑ.

අගතියට පත් පාර්ශ්වය වූ ස්කොට්ලන්ත ජාතිකයකු වූ ෙජ්ම්ස් ෆ්‍රෑන්සිස් හසල් (43) සහ ඔහුගේ පෙම්වතිය වූ බි්‍රතාන්‍ය ජාතික බ්ලෙන්ඩා මැකන්සි (24) යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආවේන්ද්‍ර රොද්‍රිගු මහතා :
 මං මෙතැනට ආවේ කාටවත් මඩ ගහන්න නමෛයි. මේ ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂිවලට අනුව මේ සිද්ධිය නීතිපතිවරයා වෙත යොමු කිරීමට ඉඩකඩ ලැඛෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය ලිංගික අතවරයක් දක්වා ගිහින් තියෙනවා. මේක විදේශික ජාතිකයන්ට වෙච්ච දෙයක්. අපි හැංගිලා නෑ. අපි ආවේ සංචාරයකට. ඒ අය උපන් දිනය සැමරුවා. මගේ සේවාදායකයා ඉංජිනේරුවෙක්. ඒ ගොල්ලන්ට පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑ. ස්වාමිනි, මේ වන විටත් ඒ අයට මේ සිද්ධියෙන් සමථයක් වෙත යොමු වීමට යැයි කියමින් විශාල පිරිසක් දුරකථන එස්.එම්.එස්. ප‚වුඩ පවා එවලා. මේ සිද්ධියට තවමත් සැක කිහිපදෙනෙක් ඉන්නවා. අද වනතුරු ඒ අය හැංගිලා. මේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු වෙලා තියෙනවා මේ වගේම සිද්ධීන් ගැන. එක සංචාරකයෙක් තංගල්ලේදී මළා.
සුදු ජාතිකයා හිතාගෙන ඉන්නේ තමුන්ගේ පෙම්වතිය දෙයියන්ගේ නාමෙට සමූහ
දූෂණයක් නොවී යන්තම් බේරුණා කියලා. ස්වාමීනි මගේ සේවාදායකයාට එල්ල කරපු ප්‍රහාරයෙන් එයා තුවාල ලැබුවා. ඒක ඔප්පු කරන්න සාක්කි තියෙනවා. (නීතිඥවරයා විසින් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සැරසෙයි. ඒ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරු එය වළකාලමින් කරුණු ඉදිරිපත් කරයි.)

නීතිඥ ඇන්ටන් සේනානායක : කුකුළෙක් කපලා ලේ ගාගෙන ඇවිල්ලා පෙන්වන්න පුළුවන්.

නීතිඥ ආවේන්ද්‍ර රොද්‍රිගු : සුද්දාගේ ලේත් රතු පාටයි ස්වාමිනි.

කොළඹ අපරාධ කොට්ඨාසය : ස්වාමිනි, මෙම සිද්ධිය තවම පවතින්නේ විමර්ශන මට්ටමේ. චෝදනා ගොනු කරලා නෑ. අදාළ සී.සී.ටී.වී. දර්ශනවල ඇතුළත් සියලූ දර්ශන අපි ලබන නඩු වාරේදී අධිකරණයට ඉදිරිපත් කරනවා. ගරු ස්වාමිනි, කොළඹ අපරාධ කොට්ඨාසය හතරට නැමෙන්නේ නෑ. ඒක මං වගකීමෙන් කියනවා. අපි එක එක පැත්තට නැමෙන්නේ නෑ. අපි කටයුතු කරන්නේ නීතියේ රාමුවට අනුවයි. දැනට අධිකරණයට ඉදිරිපත් වුණු තුන්දෙනා අපිට අවශ්‍යයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකාර මාලක සිල්වාගේ ඇප සම්බන්ධව සලකා බැලීම ලබන 18 වැනිදාට කල් තබා එදිනට සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් කළේය.

එසේම මාලක සිල්වා යන අයට විදේශික ජාතිකයා විසින් පහරදීමේ සිද්ධියට අදාළ නඩුවද ඊයේ (11) අධිකරණයේදී මේ අවස්ථාවේදීම කැඳවනු ලැබිය.

ඒ අනුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ තම සේවාදායකයාට පහර දුන් විදේශිකයාව පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි යන්නය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලබන 18 වැනිදාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගයක් කරමින් ඒ සම්බන්ධව නඩුව එදින තෙක් කල් තැබිය.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය