HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

මෛත්‍රී මෙහෙයවන පාලලාගේ පැටිකිරිය මෙන්න  

Hiru Gossip,Hiru news,Gossip Lanka news


“මෛත්‍රී පාලවයක් ඇතිකරන බව පවසමින් යළි බෙදුම්වාදයට මේ රට කැන්දාගෙන යාමට උත්සාහ දරන කල්ලියේ පැටිකිරිය”  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
“ගිය පාර ඡන්දයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවානම් ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 ක් ගන්නේ නැහැ. මොකද එහෙනම් ජනාධිපතිතුමා කොහොමත් කප් එක ගහනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එතරම් උනන්දු වන්නේ නැහැ. එහෙත් ෆොන්සේකා මහත්තයා ආව හින්දා රත්වෙලා, ලේ කකියලා මුළු ජන බලවේගයම ජනාධිපතිතුමා දිනවන වැඩේ අතට ගත්තා. මෙදා පාරත් වික්‍රමසිංහ මහත්තයා
අපිට ඒ උත්තේජනය දුන්නා. ” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ දැදුරුඔය ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමේ මහෝත්සවයේදීය. මෙම උත්සවය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය  22)) දින එම ජලාශ පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ රනිල් වික්‍රමසිංහ මහතා බැළලියන් ලවා කොස්ඇට බෑමට කුමන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළත් ලබන ජනවාරි 9 වන දා වන විට ලක්ෂ 20 කට වඩා වැඩි ඡන්දයෙන් නැවත වතාවක් ජනාධිපති  ධූරයට,  මේ රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතා ට පත්කිරීමට කළ ගුණ දත් ජනතාව කටයුතු කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා බලන් හිටියා තමන් එක්ක තරග කරන්න එන පොදු අපේක්ෂක භූතයා කවුද කියලා, ආරංචි ආවා  රනිල් වික්‍රමසිංහ එනවා, කරූ එනවා, සෝභිත හාමුදුරුවෝ වඩිනවා. ශිරානි බණ්ඩාරනායක එනවා අන්තිමට ඒ එක්කෙනෙක්වත් නැහැ. හැමෝම බයයි. හැමෝගෙම තාම මොළේ වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආරම්භ කරලා තියෙන්නේ ෆොන්සේකා දෙවන මෙහෙයුම.  ගියපාර බළලුන් ලවා කොස් ඇට බෑව්වා, මේ පාර බැළලියන් ලවා කොස් ඇට බාවනවා.
මම මුලින් හිතුවා මෛත්‍රී පාලනයක් කිව්වාම රනිල්ගේ නෝනා එනවා කියලා. එයත් මෛත්‍රීනේ. අපිට මෛත්‍රීපාල ගැන ප්‍රශ්නයක් නෑ, මෛත්‍රීපාලව පාලනය කරන පාල ලා ගැන තමයි අපිට ප්‍රශ්නය තියෙන්නේ. කවුද මේ මෛත්‍රීපාලව පාලනය කරන පාල ලා? අර පරණ නෝනා. සැටලයිට් නෝනා, වික්ටර් අයිවන් මහත්තයා කියපු චෞර රැජින, රූකාන්ත – චන්ද්‍රෙල්ඛා යුවලගේ කොණ්ඩේ කපපු නෝනා, එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ලිඛිතව පොරොන්දුවක් දුන්ණු නෝනා අද එනවා දින 100 න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න.
පාල යනවලු දින 100 න් ගෙදර, දින 100 න් ගෙදර යන්න මොන පාලද ඔය වගේ වැඩකට යන්නේ? අපිට පේනවා මේක පරස්පර විරෝධී හවුලක්. එදා යුද්දෙ දිනලා දවසින් දෙකෙන් යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාව ගත්ත. ජාතික වීරයෙක් විදියට ගරු බුහුමන් ලබන්න හිටිය එතුමාව ඉවරයක් කරලා දැම්මා. මේ පාරත් විපක්ෂය මේ කැලෙන්ම ගහක් හොයාගත්තා. මේ ගහ ෆොන්සේකා මහත්තයා තරම් වත් ගහක් නෙවෙයි. මේ පැත්තෙන් අරන් මේකට බෙල්ල තියන්න දුන්නා. මේකට තමයි තුන් කුළුදුල් බිල්ල කියන්නේ. තමන්ට දිනන්න පුළුවන් නම් රනිල් මේක වෙන කෙනෙකුට දෙනවද? නැහැ. රනිල් මේක දෙන්නේ දිනන්න බැරි කෙනෙකුට. විජයදාස රාජපක්ෂ මහත්තයා මේ ළගදි කිව්වේ නැද්ද ෆොන්සේකාට දිනන්න බැරි බව දැනන් හිටියා කියලා? ලබන අවුරුද්දෙත් පත්තරේක ඔය කථාවම තියෙයි. ආප්ප හදනවා වගේ අපේක්ෂකයෝ හදන්න පුළුවන්ද? ජනාධිපතිතුමා එක්ක රෑ කෑම කාලා ගිය කෙනා ඊට පස්සේ දවසේ කියනවා පොදු අපේක්ෂකයලු.
දැන් සම්බන්ධන්ලා රැස්වෙලා පොදු අපේක්ෂකයට සහය දෙන්න. සම්බන්ධන්ලට ඕනේ සිංහල ඡන්ද කඩන්න, චන්ද්‍රිකා නෝනාට ඕනේ ඇගේ වෛරය පිරිමහන්න, මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී බයිස්කෝප් එකක්. මේ හදන්නේ රටේ ප්‍රගතිශීලී කදවුර කඩලා , හතුරු කල්ලි වල පරමාර්ථය මුදුන්පත් කරගන්න. රනිල්ට ඕනැ නොදැවී ඉන්න. ඒ නිසා අමාරු පන්දු නිදැල්ලේ යවනවා, නැත්තම් වෙන පිතිකරුවෙක් දානවා. මේ පිතිකරුවාගේ ලකුණු තීරණය වෙලා ඉවරයි. ජනවාරි 9 වෙද්දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 ක් නොවෙයි, ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරවන්න මේ ජනතාව කටයුතු කරන බව පැහැදිලියි.
මේ තමයි රටට තිබෙන වැදගත්ම අවස්ථාව. අරුමෝසම්, ඉමිටේෂන් නායකයෝ මේ රටට වැඩක් නැහැ.  මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පැළවෙච්ච, මේ රටේ පැළයක් වුණු කිසිම අභියෝගයකට භය නැති නායකයෙක්, සතුරු කදවුරු මොනවා කිව්වත් ජාතිය වෙනුවෙන් තීරණ ගන්න නායකයෙක්. බටහිර රටවල් වලට උවමණා මේ නායකයා එලවලා, ආරක්ෂක ලේකම් තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ එලවලා, උතුරේ හමුදාව දකුණට එවලා, උතුරට ඉඩම් බලතල, පොලිස් බලතල ලබා දීලා මේ රට දෙකඩ කරන්න. නැවත මේ රටේ ලේ හැලෙන්න ඕනෙද? නැහැ. මේ අපේක්ෂා භංගත්වයෙන් නන්නත්තාර වෙච්ච අයට ඕනේ රට ඒ අඳුරු අතීතයට ආයෙත් ඇදගෙන යන්න.
2005 ට පෙර මේ රට තිබුණු තත්ත්වයට අනුව මේ බිමේ මේ ආකාරයේ වාරි යෝජනා ක්‍රමයක් ඇති වෙයි කියලා සත්කෝරළේ ජනතාව හිතුවේ නැහැ. සුද්දෙ කරන්න තියන් හිටපු යුද්දෙ  අවුරුදු 4 කින් ඉවරකර, රටේ සංවර්ධනය ආරම්භ කර, අද ගොවි ජනතාවට දෙන්න පුළුවන්  හොඳම තෑග්ග තමයි සත්කෝරළය බත්කෝරළය කරන්න මේ  හදපු විශාල වාරි යෝජනා ක්‍රමය. යුද්ධයෙන් පස්සේ ආර්ථිකව හිස ඔසවන මේ රට ආපස්සට අදින්න මේ තක්කඩි රැළට, මේ ලක් මාතාවගේ දරුවෝ ඉඩතියන්නේ නැහැ. මේ රැස්ව සිටින ජනතාව පෙන්වන්නේ ඒ ශක්තිය. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට මුහුණදෙන්න ශක්තියක් තියෙන ගොබිලෙක් නැහැ. ඒ නිසා නිල් මැණිකක් හොයන්න පතල් හාරලා අන්තිමේදි දාන්නේ ආරනූලක්, ගෙවුඩයක්. ඒ නිසා මේ කුමන්ත්‍රනකාරයන්ට, කොස්ඇට බාන බැළලියට, වික්‍රමසිංහ මහත්තයා මොන කොස් ඇට බෑවත් ජනවාරි 8 වෙනිදා රටේ ජනපති, අපේ ජනපති මහින්ද රාජපක්ෂ බව මේ රොද බැඳගෙන  සිටින ජනතාව පෙන්වාදිය යුතුයි ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය