HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

විවාහයට සති ‍දෙකයි - පෙම්වතිය ‍ගෙල වැලලා‍ගෙන  

 Hiru Gossip,Hiru news,Gossip Lanka news

මම බඳින්න හිටපු ගෑනු ළමයා සාරියකින් ගෙදර බෙල්‍ලේ වැලදාගෙන මැරිල ඉකුත් දිනක හංවැල්‍ලේ ‍පොලීසියට 21 වියැති තරුණයෙකු පැමිණියේය. ඒ ඉකුත් ඉල් ‍පොහෝ දින  රාත්‍රී 10.00 ට පමණය.චමිල නමැති එම තරුණයා ‍පොලිස් නිලධාරීන් ඉදිරියේ වැලපෙන්නට වූයේ ඔහු විවාහ වීමට සිටි තරුණියගේ මරණය ගැන දැඩිව කම්පාවට පත්වෙමිනි.

එම තරුණිය වූවේ ඉරේෂා ලක්මාලි නමැත්තියකි.  දහඅට වියැති ඇය කොස්ගම කඩුගොඩ ප්‍රදේශයේ තැනැත්තියකි. ඇය සියදිවි හානිකරගෙන ඇත්තේ හංවැල්ල ඇල්ලකන්ද ප්‍රදේශයේ පිහිටි තරුණයාගේ නිවසේදීය. ඒ ඇය වසර දෙක තුනක කාලයක් තිස්සේ පදිංචිව සිටින්නේ එම නිවසේ බැවිනි. ඔවුන් ජීවත් වී තිබුණේ අඹුසැමියන් ලෙසය.මේ දෙදෙනාට නීත්‍යනුකූලව විවාහ දිවියට එළඹ එසේ එකට ජීවත් වීමට අවකාශ නොලැබෙන්නේ ඇයව ඔහු සිය නිවසට කැන්දාගෙන එන විට වයස අවුරුදු
දාසයක බාල වයස්කාරියක් වූ බැවිනි. මෙසේ ඔහු ඇයව එසේ නිවසට ගෙන එන්නේද වසරක පෙම් සම්බන්ධයකින් පසුවය. ඒ වන විට ඇය  පාසල් ගමනද අතරමග හමාර කර දමා තිබුණි.
මෙසේ පෙම්වතා සමග ඇය එසේ අඩු වයසින් දීග කන්නට යන්නේ ඇගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය හමුවේය. පසුව ඒ අය තීරණය කරන්නේ නිසි වයස සම්පූර්ණ වීමෙන් අනතුරුව දෙදෙනාව විවාහ කරදෙන්නටය. ඇය ගෙල වැලලාගෙන මිය ගියේ යැයි කියැවෙන්නේ ඔය විදියට විවාහයට සති දෙකක් තිබියදීය.
මේ ගැන පරීක්ෂණ පවත්වන්නට ඇල්ලකන්දට යන්නේ සැරයන් මෙන්ඩිස් (20553) ප්‍රමුඛ ‍පොලිස් කණ්ඩායමකි. ‍පොලීසිය එහි යනවිටත් ගම්වැසියන් ඒ නිවස වටකරගෙන සිටියේ එම මරණය ගැන හූල්ලමිණි. ගෙල වැලලාගෙන ඇය මිය ගියේ යැයි කීවාට මළ සිරුර වූයේ බිමය. සාරිය වූයේ පැත්තකය. ඇගේ මුහුණේ සිට පපු ප්‍රදේශය දක්වා රුධිරය ගලාගිය බවක් පෙනෙන්නට විය. ඇය ගෙල වැලලාගත්තේ යැයි සඳහන් වූ සාරියේ ගෙල වැලලා ගැනීමක් වූ බවට කිසිදු ලක්ෂණයක් දක්නට නොවීය. අඩුම තරමින් සාරිය ගුලිවී ඇති බවක් වත් පෙනෙන්නට නොවීය. ඒ ගැන සැරයන් මෙන්ඩිස්ට ඇති වූයේ දැඩි සැකයකි.කවුද බොඩි එක පල්ලෙහාට ගත්තේ මෙන්ඩිස් ප්‍රශ්න කළේය.
මම යයි පවසමින් ඒ සඳහා ඉදිරිපත්වූයේ චමිලය. ඇයි බොඩි එක බිමට බෑවේ සැරයන් මෙන්ඩිස් ඒ සමගම විමසුවේය. මම ‍පොඩ්ඩකට ගෙදරින් එළියට ගිහින් විනාඩි දහයකට විතර පස්සේ එනකොටයි දැක්කේ එයා එල්ලිලා ඉන්නවා. පණ තියෙනව කියල හිතාගෙනයි එයාව බිමට ගත්තේ. පස්සේ තේරුණා නාඩි වැටෙන්නේ නැහැ කියල. පස්සේ කෑගහල අහල පහළ අයගෙන් උදව් ඉල්ලුවා. ඒ අය ඇවිල්ල කිව්වා මැරිල දැන් වැඩක් නැහැ කියල ඔහු කීවේය. ඒ සමගම සැරයන් මෙන්ඩිස්ට ගැටලුවක් ගෙන දෙන්නේ ඇය එසේ සියදිවි හානිකර ගත්තේ නම් ඒ ඇයිදැයි කියාය. ඔහු ඒ ගැන හාර අවුස්සන්නට වූයේ චමිලගෙන්මය. චමිල වෑල්ඩින් වැඩ පළක සේවය කරමින් ජීවිතය ගැට ගහගන්නා තරුණයෙකි. එතරම් දැන උගත් කමක් නැත්තෙකි. අඹුවට ගන්නට චමිලාව නිවසට ගෙන ආවත් ගැහැනියකට කන්න අඳින්න දෙන්නට තරම් ශක්තියක් ඔහුට සැබෑවටම නොවීය. ඒ නිසාම ඔවුන්ව ජීවත්කරවන්නට සිදුවූයේ චමිලගේ මවටත් සහෝදරයන්ටත්ය.
ඒ නිවසේ ජීවත්වූයේ ද චමිලත් , ඉරේෂාත් චමිලගේ මවත් පමණි. සහෝදරයා පදිංචිව සිටියේ ඒ ප්‍රදේශයේම නිවසකය. සහෝදරිය සිටියේ විවාහවී මොරගහහේන ප්‍රදේශයේ සැමියා සහ දරුවන් සමගය.  චමිල තරමක් දඩබ්බරයෙකි. කේන්තිකාරයෙකි. ‍පොඩි දේටත් ඔහු ඉරේෂාට සැලකුවේ අතින් පයින් ගුටි බැට දෙමිනි. ඉරේෂාට ඒ ආකාරයට සලකන්නට තරම් ඔහු දරුණු පුද්ගලයෙක් බවට පත්වන්නේ ඉරේෂාගෙන් වූ යම් වැරැද්දක් හේතුකොටගෙනය. ඒ ඇය ඔහු සමග එකට ජීවත්වන අතරේ තරුණයෙක් සමග ඇතිකරගත් සම්බන්ධයකි. ඇය එම සම්බන්ධය ඇතිකර ගන්නේ කළුඅග්ගල පැත්තේ ඇඟළුම් කම්හලක සේවයට ගොස් සිටියදීය. ඇය ඒ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයට යන්නේ චමිලට පමණක් පවුල් බර දරන්නට ශක්තියක් නොමැතිකම නිසාය. එහිදී ඇය තරුණයෙක් සමග සම්බන්ධයක් ඇතිකරගෙන ඔහු සමග නවාතැන්   ‍පොළවල් වෙතද යන බව චමිලට දැනගන්නට ලැබෙන්නේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. ඒ එම ඇඟළුම් කම්හ‍ලේ ආරක්ෂක අංශයේ වැඩකරන චමිලගේ නැන්දණියකගෙනි.
තමා අසීමිතව පෙම්කර කැන්දාගෙන ආ පෙම්වතිය එසේ හැසිරෙන බව දැනගත් චමිලගේ ඉහමොළ රත්විය. ඉරේෂාගෙන් ඔහු ඒ ගැන හාර අවුස්සන්නේ අතින් පයින් ඇයට පහර දෙමිණි. එහිදී ඇය තමන් අතින් වැරැද්දක් වූ බව පිළිගෙන එවැනි වැරැද්දක් නැවත සිදු නොවන බවට චමිලගේ දෙපා මුල වැඳ වැටී පැවසුවත්  ඇයව තවදුරටත් තබා ගන්නට චමිල කැමැත්තක් දැක්වූයේ  නැත.
ඒ නිසා ඇයට සිදුවන්නේ  සිය මව්පියන් වෙත යන්නටය. ඔය අතරේ ඉරේෂා සමග එම සම්බන්ධය පැවැත්වූ බව කියූ පුද්ගලයාද චමිලව සොයා ආවේය. මින් මතු එවන් සම්බන්ධයක් ඇය සමග නොපවත්වන බවට ඔහු චමිල ඉදිරියේ ‍පොරොන්දුවක් දෙන්නටද විය. ඒ සමග නැවත ඉරේෂාව තමන් ළඟට ගෙන්වා ගත් චමිල ඇය සමග එක වහලක් යට ජීවත්වන්නට ගත්තේය. ඒ අතර දෙදෙනා අතර පුංචි පුංචි ආරවුල්  තිබුණද චමිල  ඒ සියල්ලක්ම  සුපුරුදු පරිදි අතේ පයේ හයියෙන් විසඳා ගත්තේය.
එදා ඉල් ‍පොහෝ දින සුපුරුදු ලෙස චමිලගේ මව උදෑසනම මොරගහහේනේ සිටින දියණියගේ නිවසට යන්නට සූදානම් වූවාය. ඒ යන විට ඇය චමිලවද ,ඉරේෂාවද අසල නිවසක පදිංචිව සිටින වැඩිමහල් පුතා සහ බිරිඳ සහ දරුවන්ද කැටුව යන්නට අමතක කරන්නේ නැත. එහෙත් එදා ඒ ගමනට චමිල එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. අද මමයි ඉරේෂයි කැලණි යනව. අම්මල අක්කලගේ ගෙදර යන්න. චමිල එදා ඒ ගමන මගහරින්නේ එසේ පවසමිනි. සැබෑ ලෙසම එදින ඔවුන් සූදානමින් සිටියේ කැලණි යන්නටය. ඒ යතුරු පැදියෙනි. ඒ නිසාම එදා පෙරවරුවේ ඔවුන් දෙදෙනා එක්ව යතුරුපැදිය සෝදා පිරිසිදු කළහ.  ඒ අතර ඉරේෂාගේ වැඩිමහල් සහෝදරිය පවසන්නේ  කැලණි යන අතරේ ‍පොලොස් ගෙඩියක් කඩා ගෙනවිත් දීගෙන යන ලෙසිනි. ඇය එසේ පවසන්නට වූයේ යතුරු පැදියට ඉන්ධන ලබාගන්නට අතේ මුදල් නොවුණු බැවින් රුපියල් 300ක් ඇගෙන් ඉල්ලා  සිටින විටදී ය. එම ‍පොලොස් ගෙඩියද කඩා චමිල සූදානම් වූයේ කැලණි විහාරයට යන ගමන තහවුරු කරමිණි.
චමිලව සොයාගෙන එන මිතුරෙක් යතුරු පැදිය ‍පොඩි ගමනක් යන්නටයැයි කියා ඉල්ලාගෙන යන්නේ ඔය අතර තුරදීය. ඉරේෂාගේ ඉරණම තීරණය වන්නේ ඒ සමගිනි. ඒ මිතුරා යතුරුපැදිය රැගෙන ගිය පසු මිතුරාට යතුරුපැදිය ලබාදීම ගැන චමිලට ඇය දොස් නගන්නට පටන් ගැනීමත් සමගිනි. ඇය දොස් නගන්නට වූයේ පන්සල් යන්නට සිතාගෙන සෝදා පිරිසිදුකර තිබුණු යතුරු පැදිය මිතුරාට දීම ගැනය.
එහිදී දෙදෙනා අතර ඇතිවන බහින්බස් වීමක් දුරදිග යන්නේ ගැටුමක් දක්වාය. මට වඩා යාළුවො ලොකුවෙලාඇය චමිලට බැණවදින්නට වූයේ පාරවල් කිහිපයක් චමිලගෙන් ඇයට එල්ලවීමත් සමගිණි. චමිල  එදා ඇයට පහර දෙන්නේ යකඩ කූරකිනි. යකඩ කූරු පහරේ වේදනාවද ඉවසාගෙන ඇය චමිලගේ මව නිදා ගන්නා කාමරයට ගොස් ඇඳේ හාන්සිවී පැයක් හමාරක් සිටියාය. යතුරු පැදිය ඒ වන තුරුම මිතුරා විසින් රැගෙන ආවේ නැත. ඇය නැවතත් ඒ ගැන මතක්කරන්නට වූ බැවින් චමිල එවර ඇයට පහර දෙන්නේ අසල පිහිටි සහෝදරයාගේ නිවසේ මිදු‍ලේ තිබුණු වතුර බට කැබැල්ලකිනි.  එහිදී ඇය පහර කමින් වේදනාවෙන් කෑ මොර දෙන විට ඇයව බේරාගන්නට එහි දිව එන්නේ චමිලගේ මිතුරෙකි. එම මිතුරා චමිලව ඇදගෙන යන්නේ පාර පැත්තටය. ඒ ගොස් ඔහු නැවත නිවසට එන්නේ විනාඩි දහයකට පහළොවකට පමණ පසුවය. එවිට වේලාව සවස 6.30 ට පමණ ඇත. ඉරේෂා ගෙලවැලලාගෙන මියගොස් සිටියේ යැයි කියන්නේ ඒ එන විටදීය.
මේ ගැන ‍පොලීසියට ඔහු කියන්නට එන්නේ මොරගහහේනේ සිටි මවත් සහෝදරයනුත් නිවසට ආ පසුවය. එතෙක් ඔහුට ‍පොලීසියට එන්නට උවමනාවක් නොවීය. ඒ ගැන මෙන්ම එල්ලී සිය දිවි හානිකර ගත්තා යැයි කීමද දැඩි සැකයකට බඳුන්වී තිබිම හේතුවෙන් ඉරේෂාගේ මරණයට සැකපිට චමිලව අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය වහා පියවර ගත්තේය. ඒ ඔහු ඉරේෂාට හොඳටෝම පහරදී ඇති බව පෙනී යන්නට වූ බැවිනි.
පොලීසියේ සැකය නිවැරදිය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද ඇගේ මරණය ගෙල වැලලාගැනීමකින් සිදුවී නැති බව තහවුරු විය. ඒ ගෙල වැලලාගැනීමකදී උගුරු දණ්ඩ කැඩී වෙන්වුවත් ඉරේෂාගේ උගුරු දණ්ඩට කිසිදු හානියක් වී නොතිබිම හේතුවෙනි. ගෙල වැලලාගැනීමකදී ගෙලෙහි ගෙලට දමාගන්නා තොණ්ඩුව සිරවීමෙන් සලකුණක්ද ඇතිවේ. ඉරේෂාගේ ගෙලෙහි එවන් සලකුණක්ද නොවීය. නමුත් ඉරේෂාගේ මරණය කෙසේ සිදුවී දැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තවමත් නිශ්චිත ලෙස තහවුරු වී නැත. නමුත් විශ්වාස කරනුයේ එම මරණය පහරදීම්වලින් සිදුවූවක් වන්නට ඇති බවය.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය