Hiru Gossip,Hiru news,Gossip Lanka news
සඳහිරු සෑයේ සර්වඥ ධාතු තැන්පත් කෙරේ....

මේ මහා පුණ්යත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය ද ජනාධිපති ආර්යා
ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැතිඇමතිවරුන් ද රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිකෙරෙන සඳහිරු සෑයට වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 30කි. තිස් වසරක කුරිරු යුද්ධයේදී මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අනුරාධපුර පූජාභූමියේ සඳහිරු සෑය ඉදිකෙරේ.
දුටුගැමුණු රජ දවස ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කළ ආකාරයෙන් ම සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවිය. රන් කිලෝ ග්‍රෑම් 12ක වැඩ හිඳින පිළිම වහන්සේ නමක් සහ පිළිම වහන්සේට සෙවණ සපයන රන් බෝධියක්, ඡත්රයක් ඇතුළු නිධන් වස්තු එහි තැන්පත් කෙරිණි. රන්පත්වල ලියන ලද ති‍්‍රපිටකය සහ රිදී පත්ඉරුවල ලියන ලද පිරිවානා පොත් වහන්සේ, වැසි පිරිත සහ ගිනි පිරිත ද එහි 23දා තැන්පත් කෙරිණි.