HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Anuj & Dinakshi  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

විවාහය ගැන හදිසියක් අපි දෙන්නටම නැහැ - අනුජ් සහ දිනක්ෂි

අනුජ් සහ දිනක්ෂි අප හඳුනාගත්තේ ජනප්‍රියත්වය වඩවා ගත් කලා ශිල්පීන් දෙදෙනෙක් හැටියටයි. ක්‍ෂේත්‍රයේ හිතවතුන් ලෙස පෙනී ඉන්න මේ දෙදෙනා අතරේ අලුත් පෙමක් ගොඩනැගී ඇති බවක් අපට දැනගන්න ලැබුණා. දිනක්ෂි ප්‍රියසාද් සහ අනුජ් රණසිංහ දෙදෙනාගෙන්ම  අපි එහි ඇත්ත නැත්ත විමසුවේ මෙහෙමයි.
‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය නිසා අනුජ්-දිනක්ෂි අතරත් ඒ වගේ ආදරයක් තියෙනවා කියන කතාව ඇත්තක් ද?
ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ. මම දන්නෙත් නෑ මට ඇහිලත් නෑ එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. සම්බන්ධයක් නැතුව ඒ කතාව ඇත්තක් වෙන්න බෑ.

එහෙම සම්බන්ධයක් නැතුව කටකතා හැදෙන එක දිනක්ෂිට ප්‍රශ්නයක් නමෛයිද?
මට එහෙම දේවල් කලිනුත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන නිර්මාණවල වෙන සිදුවීම් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා කටකතා හැදුණා. අලුත් චිත්‍රපටයේ මමයි අනුජ් අයියයි පෙම්වතුන් විදියට රඟපාන නිසා එහෙම කතාවක් හැදෙන්න ඇති.

අනුජ් වගේ කෙනෙක්ව තමාගේ පෙම්වතා කරගන්න කැමැත්තක් නැද්ද?
එයා නළුවෙක්, සහෝදරයෙක් විදියට ගොඩාක් හොඳ කෙනෙක්. ගොඩක් හොඳ ගතිගුණ තියෙන හැමෝමත් එක්ක හරිම මිත්‍රශීලීව වැඩ කරන, ලොකු කැපවීමක් තියෙන හොඳ රංගන ශිල්පියෙක් තමයි අනුජ් කියන්නේ. ඒත් එයා පෙම්වතා කරගන්න හිතේ කැමැත්තක් ඇතිවෙලා නෑ.

එහෙමනම් මොනවගේ කෙනෙක්ද පෙම්වතා කරගන්න කැමැති?
මමත් ටිකක් අමුතු කෙනෙක් නිසා වැඩිය කතාකරන්නැති, ගුප්ත අයට මම කැමැති නෑ. දඟලන්නැති, නිතරම කියවන්නැති මාව තේරුම් අරන් හොඳට බලාගන්න පුළුවන් කෙනෙක්ට මම කැමැතියි.

එහෙම කෙනෙක් ඉන්නවද?
තාම නම් නෑ. විවාහ යෝජනා නම් එනවා. ඒත් තාම මම කැමැති කෙනා මට මුණගැහිලා නෑ.

අනුජ්ගෙන් විවාහ යෝජනාවක් ලැබුණොත්?
මම හිතන්නේ නෑ එහෙම යෝජනාවක් අනුජ් අයියා මට ගෙනේවි කියලා. මොකද මම එයාට කැමැතියි කියලා දැනුණොත් විතරයිනේ එයා මට යෝජනාවක් ගේන්නේ. ඉතින් එහෙම විශේෂ කැමැත්තක් නෑ එයාට මගෙ හිතේ.

ඇයි ඒ?
මට එයා ගැන එහෙම හිතිලා නෑ. එහෙම ආදරයක් හිතෙන්නේ නැතුව ඒ යෝජනාව භාරගන්න කිසිම කැමැත්තක් නෑ. මම යාළුවෙක් සහෝදරයෙක් විදියට එයාට ගොඩක් කැමැතියි.

ක්‍ෂේත්‍රයේ අයගෙන් දිනක්ෂිට විවාහ යෝජනා ලැබිලා නැද්ද?
එහෙම කලා ක්‍ෂේත්‍රයෙන් නම් යෝජනා ලැබිලා නෑ.

දැන්ම විවාහ වෙන්න දිනක්ෂිගේ අදහසක් නැද්ද?
විවාහය මේ දවසට වෙනවා කියලා සැලසුම් කරලා නෑ. කාලය හැම ප්‍රශ්නෙකටම උත්තර දේවි. ජීවිතයේ වෙන හැමදේම සිදුවෙන්නේ වෙලාව ආවහම. මම හිතන්නේ තාම විවාහයට හරි වෙලාව ඇවිත් නෑ කියලා.

දෙමව්පියන් කියන්නැද්ද දැන් විවාහයට වයස හරි කියලා?
කියනවා. අම්මා තමයි එහෙම කියන්නේ. හැබැයි එහෙම කීවා කියලා මට ලොකුවට බලපෑම් කරන්නෙත් නෑ.

තාමත් ශනුද්‍රි එක්ක රණ්ඩු තියෙනවද?
හ්ම්.. රණ්ඩු කළේ නැතිවුණොත් ගතියකුත් නෑනේ. අපි දෙන්නා ගොඩක් වෙලාවට රණ්ඩු වෙන්නේ දෙන්නගෙම ඇඳුම් දෙන්න හොරෙන් අඳින නිසා.

‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්න ලැබුණු අවස්ථාව ගැන මතක් කළොත්?
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන්රත්නම් මහත්මයා අපේ තාත්තගේ හොඳ යාළුවෙක්. හැබැයි ඒ යාළුකමට නෙමේ මාව එයාගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට තෝරගත්තේ. එයා මාව ඉන්ටර්වීව් කරලා තමයි චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.

කොහොමද චිත්‍රපටයේ වැඩ කරද්දී ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?
ඒ චිත්‍රපටය පුරාවටම ඉගෙනගන්න දේවල් තිබුණා. සිංහල වගේම ඉංග්‍රීසිවලින් චිත්‍රපට දෙකම ෂූටින් තිබුණා. ඉංග්‍රීසි චිත්‍රපටයේ ගොඩක් රංගනයෙන් දායක වුණේ අප්‍රිකානු නළු නිළියෝ. ඒ අයගෙන් ලැබුණු අත්දැකීම් කලා ජීවිතේට ගොඩක් වටිනවා.

‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ රූගත කිරීම්වල දී අනුජ්ගෙන් ලැබුණු සහයෝගය මෙන වගේද?
ලොකු සහයෝගයක් ලැබුණා. එයා අලුත් කියලා කොයි වෙලාවකවත් මට දැනුණේ නෑ. කැමරාව ඉස්සරහදි දැනුණේ ලොකු බැඳීමක් තියෙනවා කියලා. ඒ නිසා රඟපාන්න ගොඩක් පහසු වුණා.
දිනක්ෂිගෙන් අනතුරුව අපි මේ කතාව ගැන විමසන්න අනුජ් වෙතට හැරුණා.

අනුජ්-දිනක්ෂි සැබෑ ජීවිතයේ පෙම්වතුන් කියන කතාව ඇත්තක්ද?
එහෙම නෑ. දිනක්ෂි හොඳ යාළුවෙක් විතරයි මගේ. එහෙම නැතුව අපි පෙම්වතුන් ‍නෙවෙයි.

ෆේස්බුක් එකේ ඡායාරූපය පළ කරන්නෙ යාළුකම නිසාද?
ඔව්. අපි දෙන්නගේ ඡායාරූප විතරක් නෙමේ චිත්‍රපටයේ අනිත් අයගේ ඡායාරූපත් අපි ෆේස්බුක් එකට දැම්මා. මගෙයි දිනක්ෂිගෙයි ඡායාරූප පළවුණාම ගොඩක් අය හිතුවේ අපි දෙන්නා යාළුවෝ කියලා. ඒ ඡායාරූප මගේ ප්‍රථම චිත්‍රපටය නිසා මගේ ජීවිතයේ මතක සටහනක් විතරයි.

කැමරාව ඉස්සරහා විතරද පෙම්වතුන් ලෙස රඟපෑවේ?
ඔව්. චිත්‍රපටයේ දර්ශනවලට විතරයි. නැතුව අපි සැබෑ ජීවිතයේ පෙම්වතුන් විදියට රඟපෑවේ නෑ.

දිනක්ෂි වගේ කෙනෙක් පෙම්වතිය වෙනවට අනුජ් කැමැති නැද්ද?
දිනක්ෂි ගොඩාක් හොඳ කෙනෙක්. එයාගේ වරදක් නෑ. ඒත් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවට වඩා අපේ යාළුකම ගොඩාක් වටිනවා. දිනක්ෂි ගැන මට එහෙම හිතිලා නෑ.

ක්‍ෂේත්‍රයේ කෙනෙක් බිරිඳ කරගන්න අනුජ් කැමැති නැද්ද?
එහෙම කියන්න බෑ. කාලයත් එක්ක හොඳ කෙනෙක් ලැබුණොත් ක්‍ෂේත්‍රයේද නැද්ද කියන දේ මට වැදගත් වෙන්නෑ. මොකද ගොඩාක් වෙලාවට ක්‍ෂේත්‍රයේ කෙනෙක්ම බිරිඳ වුණොත් තේරුම් ගන්න පහසුයි.

අනුජ් පෙම්වතෙක් ද?
තාම මම පෙම්වතෙක් නෙමේ. මොකද මට කියලා අරමුණක් තියෙනවා. පෙම්වතියක් හිටියොත් මගේ ගමනට තහංචි වැටෙන නිසා ආදරය කියන දේ  පස්සට දැම්මා.

මොනවගේ කෙනෙක්ට ද කැමැති?
මගේ වැඩවලට සහයෝගය දෙන මාව තේරුම්ගන්න පුළුවන් මට අවවාද උපදෙස් දෙන කෙනෙක්ට තමයි මම කැමැති. මම සාමාන්‍යයෙන් මුරණ්ඩු චරිතයක්. ඒ නිසා මාව මෙල්ලකරගන්න පුළුවන් කෙනෙක්ට මම කැමැතියි. විශේෂයෙන් ගුරුවරියකට.

වෘත්තිය ඇරෙන්න දිනක්ෂිට අනිත් සුදුසුකම් සියල්ලම තියෙනවා නේද?
මගේ හිතේ එහෙම කිසි අදහසක් නෑ. එහෙම දෙයක් මගේ හිතේ ඇතිවෙන්නේ නෑ කියලා මම දන්නවා.

ජනප්‍රියත්වය පස්සෙ යන නිසාද විවාහය කල්දාන්නේ?
අනේ නෑ. එහෙම මට ලොකුවට ජනප්‍රියත්වය පස්සෙ යන්න ආසාවක් නෑ. මම දක්ෂ නම් මට ඒ දේ ඉබේම ලැබේවි.

ගෙදරින් කියන්නේ නැද්ද විවාහ වෙන්න කියලා?
දෙයියනේ කියලා එහෙම බලපෑම් කරන්නේ නෑ. මේ ළඟදි නම් තාත්තා ඇහැව්වා කසාදයක් බඳින්න ඕන නේද කියලා. ඒ අය මගේ ගමන ගැන දන්න නිසා මට උදව් කරනවා.

කටකතා ගැන මොකද හිතෙන්නේ?
සමහර කටකතා ඇත්ත. මොකද ඒවා හේතුවක් ඇතිව හැදෙනවා. ක්‍ෂේත්‍රයේ ළඟින් දෙන්නෙක් වැඩකළොත් පිටින් බලන කෙනා හිතන්නේ ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම පදනමක් නැතුව කටකතා හදනවා.

ක්‍ෂේත්‍රයේ සමහර අය ජනප්‍රිය වෙන්න කටකතා හදාගන්නවා නේද?
එහෙම හදාගන්නවා ඇති. මොකද තාම මම මේ ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්. මට කටකතා හදාගෙන ගොසිප් හදාගෙන ජනප්‍රියත්වය ළංකරගන්න වුවමනාවක් නෑ. මට ඕන මගේ දක්ෂතාවෙන් ඉස්සරහට යන්න.

චන්ද්‍රන්රත්නම් මහත්මයාගේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ?
හේෂාන් මගේ ඡායාරූප වගයක් චන්ද්‍රන්රත්නම් මහත්මයට පෙන්වලා තියෙනවා. ඒ නිසා තමයි මට චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ.

ඔබේ පළමු සිනමා නිර්මාණය ලෙස කොහොමද ලැබුණු අත්දැකීම?
මම ජාත්‍යන්තර සිනමා පාසලකට ගියා වගේ දැනුම් සම්භාරයක් ලැබුණා. මගේ සිනමා ජීවිතය ආරම්භ කළේ ලංකාවේ ඉන්න හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් යටතේ වීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

මීට අමතරව පුංචි තිරයට වගේම සිනමාවට ආරාධනා ලැබුණද?
ලැබිලා තියෙනවා. ඒ වැඩවලට මම සම්බන්ධ වුණා. විස්තර පස්සෙ කියන්නම්.

ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නවද?
චරිත තෝරාබේරාගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙනවා. සිනමාවද ටෙලිනාට්‍යය ද කියලා බලන්නේ නෑ. මට වැදගත් වෙන්නේ නිර්මාණයේ තියෙන ගුණාත්මක භාවය.

වෘත්තිය වශයෙන් අනුජ් කලාව තෝරාගෙනද තියෙන්නේ?
එහෙම නෑ. මම කලාවට යොමුවන්නේ ආසාව නිසා. නැතුව වෘත්තිය වශයෙන් නෙමේ. මගේ කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න තමයි කැමැති. ඒ වැඩත් එක්ක මම නිරූපණය වගේම රංගන වැඩවලටත් කාලය කැපකරන්න බලා‍පොරොත්තු වෙනවා.
තිළිණි මධුවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න



Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය