HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

tharu podhi - romesh sugathapala, omali's new song  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

රොමේෂ් නෝනත් එක්ක රැල්ලක් හදන්න යයි

රොමේෂ් සුගතපාල වෙනස් හැඩයක් හදාගත්ත ගායකයෙක්. තමන්ගේ නිර්මාණවලින් ඒ වෙනස හොයාගෙන යන රොමේෂ් ඔහුගේ අලුත්ම වෙනසට ඔහුගේ බිරිය ඔමාලිත් එකතු කරගෙන තිඛෙනවා.

තරු පොදි, ගීතයත් එක්ක රොමේෂ්ගේ වෙනස දැන ගන්න අපි ඔහුට කතා කළා.

කොහොමද රොමේෂ්? මේ දවස්වල මොනවද වෙන්නේ?

මම තරු පොදි සහ හමු නොවෙනා කියන ගීත දෙක එකපාර රිලීස් කළා. දැන් ගීත රිලීස් කරලා සති දෙකක් විතර වෙනවා.ඔබ තරු පොදි ගීතය ගයන්නේ ඔබේ බිරිය එක්ක. කොහොමද ඒ ගීතයට ලැඛෙන ප්‍රතිචාර?

මේ ගීතය විරහවෙන් තොර වුණ ගීතයක්. මමයි මගේ බිරියයි එකතු වෙලා මේ ගීතය ගායනා කළා. ඒ කරපු විශේෂත්වයට ගොඩක් දෙනෙක් කැමැතියි.

බිරියව යුග ගායනයට සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි?

ඇයට සංගීතය ගැන අවබෝධයක් තිඛෙනවා. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් තමයි හැදෑරීම් කළේ. ඒ නිසා එයාගේ සංගීත ඥානය ඉස්මතු කරන්න අවස්ථාවක් විදියට මේ ගීතය යොදා ගන්න හිතුවා.

මේ ගීතයට බිරියව සම්බන්ධ කර ගත්තේ තවත් ජනප්‍රිය වෙන අදහසින්ද?

මට ප්‍රමෝට් වෙන්න දෙයක් නෑ. මට එහෙම ප්‍රමෝට් වෙන්න ඕනෙත් නෑ. මම මගේ නම හදාගෙන ඉන්නේ. අපි දෙන්නට එකතු වෙලා ගීතයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාවට තමයි මේ ගීතය කළේ. ඉතිං මම ෂෙහාන් ගලහිටියාව කියන මගේ මිත්‍රයට මේ වැඩේ දෙන්න හිතුවා. මම මීට කලින් ඔහුගේ ගීත කියලා තිබ්බේ නෑ. මමයි බිරියයි එකතු වෙලා ගීතය කියලා ක්ෂේත්‍රයට දෙයක් දුන්නා. මම හිතන්නේ දැන් අනෙක් අයත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න පෙලඹෙයි.

රොමේෂ් ඔය කියන්න හදන්නේ අනෙක් ගායකයොත් ඉස්සරහට තමන්ගේ බිරින්දෑවරු එක්ක ගී ගයයි කියලාද?

මම ඉගියක් විතරයි කළේ. ඉස්සරත් රැල්ල හැදුවේ මමනේ. දිගු දෑස ගීතය කළාම තවත් අය ඒ රැල්ලට ගීත කළා. මේ ගීතයෙනුත් එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා මම හිතනවා. අනෙක් අය මාව අනුකරණය කරනවා කියලා මම චෝදනා කරනවා නෙවෙයි. වෙනස් දේවල් කරනකොට තමයි ක්ෂේත්‍රය ගලාගෙන යන්නේ. මම ආරම්භය හදලා දෙනවා අනෙක් අය ඒක ගෙනියනවා.

ඔබ මියුසික් වීඩියෝ කලාවේ වෙනස්කම් කරන ගායකයෙක්. මේ වීඩියෝවෙත් එවැනි වෙනසක් ඔබ අපේක්ෂා කළාද?

මේ වීඩියෝවෙත් වෙනසක් තියෙනවා. බටහිර වීඩියෝ කලාවේ එක පැත්තක් තමයි මේ වීඩියෝවෙන් කළේ. මේ ගීතයට සෙක්සර්ෆෝනය, ගිටාරය වගේ බටහිර වාද්‍ය භාණ්ඩ යොදාගෙන තිඛෙනවා. ඒ නිසා ඒ වාද්‍ය භාණ්ඩවලට ගැළපෙන විෂුවල් එක දිය යුතුයි කියලා හිතුවා. ඛ්ධතධභප ඡ්ටටඥජබ ගත්තම ලොකු වියදමක් දරලා ඒ දේවල් කළා. මේ හැම දෙයින්ම අපි උත්සාහ කළේ බටහිර හුරුවට යන වීඩියෝවක් කරන්න.

ගායකයෙක් විදියට ඔබ කොයිතාක් දුරට සාර්ථකයිද?

මම ගායකයෙක් විදියට යම්තාක් දුරට සාර්ථකත්වයක් ලබලා තියෙනවා. මම මගේ නිර්මාණකරණයන් වෙනස් කරමින් යන්න ආසයි. මම දිගු දෑස වීඩියෝව කළාම අනෙක් අය දෙබස් දාලා වීඩියෝ කරන්න පටන් ගත්තා. ~සිනාසෙන්න බෑ~ ගීතය කළාම පිළිතුරු ගීත නිර්මාණය වෙන්න ගත්තා. මම ගීතවලින් වයසට යද්දි අනෙක් අයත් වයසට යන්න ගත්තා. මගේ ක්ෂේත්‍රයේ අය මාව කොපි කරනවට මම ආසයි.

අද යුග ගායනාවක් කළාට ඔබේ බිරිය ඔමාලි ගායිකාවක් විදියට තනිවම ලොකු ගමනක් යන්න හීන දකිනවා ඇතිනේද?

මම නමක් හදාගෙන ලොකු දුරක් ඇවිත් ඉන්නවානෙ. ඒ නිසා එයාට තනියෙන් ගමනක් යන්න අවශ්‍ය නෑ. නිර්මාණයක් විදියට අපි දෙන්නා එකතු වෙලා දෙයක් කළාම හොඳටම ඇති.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය