HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Nipunika Madushani Famous Teledrama Actress  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මිනිහෙක් ඇවිදින් ඇඟට  හේත්තු වුණා

පබසරා ටෙලි සිතුවම විකාශය වන්නට මත්තෙන් නිපුණිකා හේවාගමගේ ගේ පුවත්පත් ලිපියක් සරසවියේ පළ වෙද්දී ඇය එතරම්ම ජනප්‍රිය තාරකාවක නොවීය. අද වන විට නිපුණිව රසික රසිකාවන් හඳුනන්නේ සැබෑ නමට වඩා පබසරා යන නමිනි. මේ දිනවල පොඩි මාමා ටෙලි සිතුවමේ උත්පලා වන්නී ද ඇයයි.

* කොහොමද නිපුණි?

බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා.* උත්පලා හරිම මධ්‍යස්ථ චරිතයක්. ඔබත් එහෙද?

බොහෝ විට . . . මමත් ආස දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න.

* මේ වෙන කොට නිපුණි හුඟක් ජනප්‍රිය වෙලා?

ඔබ මෙහි මුලදි සඳහන් කළා වගේ පබසරා කියලා තමයි හැමෝම අමතන්නේ. මං හිතන්නේ නිළියකට අන්වර්ථ නමක් වැටෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ විදිහට කිව්වොත් උපේක්ෂා අක්කට පබා, ශෙරිල්ට අමා වගේ. මමත් ඉතින් පබසරා වුණා. එහෙම වෙන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ.

* ඔබ ඇයි නිළියක් වුණේ?

මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා. මං ඊට බෑ නොකියා හා කිව්වා. දිගටම රඟපාන්න කතා කළ.

* ඒ වෙන කොටත් ඔබ නීතිඥවරියක වන්නටයි හීන මව මවා හිටියේ?

ඔව්.

* දැන් ඒ බලාපොරොත්තුව කෝ?


ඒක පෑල දොරින් යන්න ගියා.

* දුක නැද්ද?

එහෙම ලොකු දුකක් නැහැ.

* නීතිඥවරියක වුණා නම් නිළියකට වඩා සල්ලි හොයන්න තිබුණා?

ඒ කතාව නම් හරි. නමුත් සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ.

* නිළි වෘත්තිය එපා වෙන අවස්ථාවනුත් ඇති?

එහෙම අවස්ථා නම් තියෙනවා. පාන්දර ෂූටිං යන කොට, මහ රෑ වෙලා ගෙදර එනකොට වෙන වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙනවා.

* එහෙනම් දැන්වත් නිළිකම අතහැරලා නීතිය පිළිබඳ ඉගෙන ගන්නකො?

එක අතකින් රංගනය හොඳයි. නීතිඥවරියක වුණා නම් මානසික පීඩනයත් වැඩියිනෙ. නිළියක් වීම හිතට එක අතකින් සැනසීමක්. මොකද නීතිඥයකු නිතර ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්කනෙ.

* නිපුණි හරි කපටියි. පෙරලුන පිට දැන් හොඳයි කියනවා වගේ උත්තරයක්.

නැහැ, මං කිව්වේ රංගනය දැන් මට හොඳයි කියලා.

* නිළියක් විදිහට ඔබට සමාජයෙන් ගෞරවයක් ලැබෙනවාද?


ඔව්. මට නම් හොඳ පිළිගැනීමක් තියෙනවා.

* වාසි එහෙමත් ලැබෙනවා ඇති?


කොහොමත් තැනකට ගියත් හඳුනගන්න නිසා වැඩක් කර ගන්න වුණත් පහසුයි. ඒත් මං කවදාවත් මගේ ජනප්‍රියකමෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.

* නිපුණි ආයෙ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ මොන රටේද?

කතා දෙකක් නැහැ ලංකාවේමයි.

* ඇයි ඉන්දියාව වගේ රටක අකමැතිද?

ඉන්දියාවෙ ඉපදුනා නම් නිළියක් වෙලා ලෝ ප්‍රකට වෙන්න තිබුණා. නමුත් පුංචි වුණත් කලා ලොව පුංචි වුණත් ලංකාවට මං හරිම ආදරෙයි.

* නිපුණිට අවස්ථාවක් ලැබුණොත් තමන්ගේ ගති ගුණයක් වෙනස් කර ගන්න?

මට ඉක්මනට කේන්ති යනවා. කොච්චර ඉවසන්න හැදුවත් බැහැ. මං ඒ වරයෙන් මට තියෙන ඒ නරක ගති ගුණය වෙනස් කර ගන්නවා.

* ඔබ වැඩියෙන් අපහසුතාවයකට පත් වූ මොහොත මතක් කළොත්?

පාසල් යන කාලේ බස් එකේ ගෙදර එනකොට කවුදෝ ඇවිත් මගේ ඇඟට හේත්තු වුණා. මම දැන් ඒ මිනිහට හිරවෙලා. මට හරිම කේන්තියි. ඒත් කරකියා ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ මං කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා කිව්වොත් වචනත් නැහැ ඒ ගැන කියන්න.

* නිපුණි ඇයි තෝරා බේරා ගෙන යාළුවො ඇසුරු කරන්නේ?

මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි කොයි ක්ෂේත්‍රයේ වුණත් හැමෝම විශ්වාස කරන්න බැහැ. ඉතින් මම විසින්ම තෝරා බේරා ගත් අතිශය විශ්වාස කරන්න හැකි යාළුවෝ අතලොස්සක් තමයි මං ආශ්‍රය කරන්නේ.

* කෝ ඔබේ දේශපාලනයට සබඳකම් තියෙන පෙම්වතා?

එයා හොඳින් ඉන්නවා.

* නිපුණිත් කවදා හරි දේශපාලනයට අවතීර්ණ වේවිද?

මෙහෙමයි.

එයාගෙ පවුලේ අය තමයි දේශපාලනයට සම්බන්ධ. පෙම්වතා ව්‍යාපාරිකයෙක්. ඔහු එන්නේ නැතුව මං කොහොමද දේශපාලනයට එන්නේ.

* ඔබේ පෙම්වතාට දර්ශන තලවලට පැමිණීමට තහනම් කර තිබෙන හේතුව මොකක්ද?

මං කවදාවත් එයාට නීති රීති දාලා නැහැ. එයාමයි නෑවිදින් ඉන්නේ.

* ඔබ රඟපානවට ඔහු කමැතියි?


ඔව්.

* විවාහ වුණායින් අනතුරුවත්?

තවම විවාහයට දින දාගෙන නැහැ. බැන්දට පස්සේ ගන්න තීරණ ගැන තවම හිතලා නැහැ.

* පොඩි මාමා දර්ශන තලයේදී ඉන්න කොට ඔබේ වැඩේම නිතරම හිනාවෙන එකලු. ඇත්තද?

හරියට හරි. පොඩි මාමා ලෙස රඟපාන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න. ඔහු ඉන්න තැන හිනා නොවී සිටියොත් තමා දක්ෂකම.

* කවුරුන් හෝ ඔබ ගැන ඔබේ මුහුණටම කියපු හොඳම වදන මොකක්ද?

‘නිපුණි ඔයා හරිම නිහතමානි කෙනෙක්’

සටහන – ප්‍රසාද් සමරතුංග


Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය