HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

හඳුන්නෙත්තිගෙ බිරිඳ අල්ලස් අරගෙන  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

රුද්‍රකුමාරන්ලාට, එමැනුවෙල් පියතුමාලාට අවශ්‍ය මේ රටේ රෑකඩ පාලනයක් ඇතිකර රට නැවත දෙකඩ කිරීමට බවත් එම දේශ ද්‍රෝහී බලවේග වලට උඩගෙඩි දෙන්න කවර හෝ ජාතිකවාදී බලවේග තීරණ ගන්නවා නම් ඒ තරම් දේශපාලන පාවාදීමක් මේ රටේ තවත් නොමැති බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස 52 කින් සමන්විත අනුරාධපුර, පලාගල, විජයගම ජනසෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ උතුරේ ඡන්ද ලක්ෂ 4 ක් තියාගෙන
මැතිවරණ ක්‍රමය කේවල් කිරීමට දෙමළ ජාතික සංධානය අද උත්සාහ  කරනවා. ජාත්‍යන්තර අභියෝග මැද  රට ඉදිරියට යනවිට කවුරුහරි දේශපාලන බියගුල්ලෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවලා රට අස්ථාවර කර නැවත රට ආපස්සට අදින්න ඒ අයට අවශ්‍යයි.  ජාතිකවාදී බලවේග නියෝජනය කරන හෝ නොකරන කවුරුන් හෝ එම දේශද්‍රෝහී කුප්ප ක්‍රියාදාමයට සහයෝගය දෙන, අන්තර් ජාතික බලවේගවලට හා දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටුකරන්න උඩගෙඩි දෙන තීරණ ගන්නවා නම් ඒ තරම් දේශපාලන පාවාදීමක් මේ රටට වෙන නැහැ. වත්මන් ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්තුමා කෙසේ හෝ ඉවත්කර මේ රට අරාජික කර යළි ඊළාම් සිහිනය සැබෑකරගන්න දෙමළ ඩයස්පෝරාව ඇතුළු කොටි හිතවාදීන්ට අවශ්‍යයි. ඒ සඳහා උතුරේ ඡන්ද ලක්ෂ 4 කේවල් කර රූකඩ පාලකයෙක් ගෙන එන්න ඔවුන්ට අවශ්‍යයි. එම රූකඩ පාලකයාට වාසි ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීමට ජාතිකවාදී බලවේග නියෝජනය කරන කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පළමු වසර 5 රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට කටයුතු කළා. ඊළග ජනවරමෙන් පාලනය කළ වසර  4 රටේ සියලු යටිතල පහසුකම් සංවර්ධනය කර රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන ගියා. මෙවර අයවැය මගින් ග්‍රාමීය ජනතාවට ආදායම් හිමිවන, නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කර, ජනතාවගේ අදායම් වර්ධනය කරමින් දැවැන්ත සංවර්ධන පිම්මක් ඇතිකරන්න අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා.
අයවැයෙන් පොදු ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදීම නිසා ජනතාව සතුටට පත්වනවිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ මුහුණු , ගමේ භාෂාවෙන් කියනවානම් කුණ්ඩහට්ටි වෙලා වගේ. මම කලින් හිටපු පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශකරලා තියෙනවා මෙවර අයවැයෙන් ජනතාවට අල්ලසක් දුන්නා කියලා. නමුත් එයාගේ නෝනා කිව්වලු අයවැයට විරුද්ධව මුකුත් කියන්න එපා කියලා. සුනිල් හදුන්නෙත්ති මහතා කියන විදිහට එයාගේ නෝනා අල්ලස් අරගෙන. අයවැයට එරෙහිව කටමැත දොඩවන විපක්ෂයේ මහතුන්ගේ පිටුපස නෝනලා ඉලපත අරගෙන එනවලු අයවැයට විරුද්ධව කට අරින්න එපා කියලා. කට වහගෙන ඉන්න කියලා. හඳුන්නෙත්ති මහතාගේ නෝනා දේශපාලනය නොකරන නිසා එයා සාමාන්‍ය රටවැසියෙක්. එයාට තේරෙනවා මේ අයවැය හොඳයි කියලා. නමුත් විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන අසාමාන්‍ය අයට මේ අයවැය ඉතා නරකයි.“  යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජනසෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ විරු ගම්මාන ” වැඩසටහන යටතේ මෙම නිවාස ගම්මානය ඉදිකර තිබේ.
මෙහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 52 කි. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වැයකර ඇති මුදල රුපියල් මිලියන 16.305 කි. නිවාස ඉදිකිරීමට අමතරව මෙම නිවාස ව්‍යාපෘතියේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය,  විදුලිය ලබාදීම සිදුකර ඇති අතර පොදු ළිඳක්  හා පොදු නළ ළිඳක් ද සකස්කොට දී තිබේ. ඊට අමතරව නිවාස ව්‍යාපෘතිය වටා ආරක්ෂිත අලි වැටක් ද ඉදිකර ඇත.
පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මේ නිවාස ව්‍යාපෘතිය  ඉදිකිරීම සඳහා අක්කර 11 ක ඉඩමක් ලබාදී ඇති අතර එක් නිවාස ප්‍රතිලාභියකු සඳහා පර්චස් 30 ක බිම් කොටසක් නොමිලේ ලබාදී ඇත.
2007 වර්ෂයේ ජනවාරි 17 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී වර්ෂ 2009 ජනවාරි 25 වන දින ඕලුමඩු ප්‍රදේශයේදී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය “ දිනේෂ් විජේන්ද්‍ර ගුණරත්න”රණවිරුවාණන් නමින් මෙම විරු ගම්මානය නම් කොට ඇත්තේ “ විජයගම ”   යනුවෙනි.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය