HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

why child's becam a subsistence for sensual pleasure men's  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මේ සමාජය තුළ අපේ සුරතල් දරුවන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වන්නේ ඇයි?

කුඩා දැරියන් පැහැරගෙන යාම, දූෂණය කර මරා දැමීම සම්බන්ධ ඉතාම අවාසනාවන්ත සහ බියජනක අපරාධ රැල්ලක් මෑත භාගය තුළ රටපුරාම ව්‍යාප්තව වෙමින් පවතින බව පෙනේ. මේ තුළින් පැහැදිලි වන්නේ වර්තමානයේ අපේ සමාජය තුළ ඇති දරුවන්ගේ අනාරක්ෂිත භාවයයි.


මේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් අප වැඩිපුරම ඇගිල්ල දිගු කරන්නේ ඒ දරුවන්ගේ දෙමාපියන්ටය. නමුත් මේ දෙමාපියන්ට තමන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යතාවක් නොමැතිද? ඔවුන් ආරක්ෂා කර ගැනීමේ උනන්දුවක් නැතිද? ගැටලුව තිඛෙන්නේ මෙතැනය. දරුවන්ට කොයි තරම් ආදරය දැක්වූවත්, ඔවුන් ආරක්ෂා කර ගැනීමේ දැඩි වුවමනාව තිබුණත් දරුවන් ජීවත් කරවීම සහ ඔවුන්ට ඉගැන්වීම වෙනුවෙන් සුවිසල් අරගලයකට මුහුණ දී හිඳින මේ මව්පියනට පෙර කී කරුණු දෙක යම් පමණකට යටපත් කර දමන්නට නිසැකවම සිදුවනු ඇත. එනිසා මේ සමාජය තුළ ජීවත්වන අන්ත අසරණ පිරිසක් වන දෙමාපියන් පිටම වරද පටවා සමාජයට ඉන් නිදහස් විය හැකිද?

අපරාධයක් පිළිබඳව අප සිතිය යුත්තේ අපරාධය පැත්තෙන්ම නොවේ. අපරාධය සේම අපරාධකරුද නිර්මාණය කළේ මේ සමාජයයි. එනිසා අපරාධකරුවන්ට දඩුවම් දීමෙන්
පමණක් සමාජය නිවැරදි කරන්නට උත්සාහ කිරීම පය බරවායට පිටිකර ඛෙහෙත් බැඳීමකි. අපරාධකරුවන් නිර්මාණය වීම වැළැක්වීම මේ බරපතළ සමාජ ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා කළ යුතු වේ. ඒ සඳහා එක්කෝ මේ සමාජ ඒකකය ගුණ ගරුක, දැහැමි ප්‍රතිමාණයක් මත යළි සකස් කළ යුතුය. නැතිනම් බටහිර රටවල්වල මෙන් නීතියේ පරාසය මත සමාජය සකස් කළ යුතුය. එම රටවල නීතිය ඉතාම වේගවත්ය. බලවත්ය. කෙටිකලක් තුළ නඩු ඇසීම අවසන් කර වැරදිකරුට දඩුවම් ද නියම කරනු ඇත.

අපේ රටේ වර්තමානය තුළ බොහෝ විටම දැකිය හැක්කේ වැරදිකරුවන් නීතියෙන් නිදහස් වීමය. එවැනි තත්ත්වයකදී වැරදි කිරීම සඳහා මිනිසුන් තුළ ස්වභාවිකව පවතින බිය නැතිවී යයි. බටහිර රටක සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී වුවද සුරතල් හුරුබුහුටි දරුවකු දුටුවිට ඒ දරුවාගේ හිසට අත තබා ස්වීට් බේබි යනුවෙන් ආදරය පෙන්වීමවත් කළ හැකි නොවේ. හේතුව, දරුවාගේ මව්පියන් ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගතහොත් නිසැක ලෙසම එසේ හිස අතගෑ පුද්ගලයා වැරදිකරුවකු වන බැවිනි.

නමුත් අපේ සමාජය එසේ නොවේ. කුමක් හෝ වරදක් කළ අයෙකුට දඩුවමින් මිදීම සඳහා අදාළ තැන්වලට බලපෑම් කිරීමේ හැකියාව අපේ රටේ මිනිසුන්ට තිබේ. ඒ දැන හැඳුනුම්කම්, දේශපාලනමය බලපුළුවන්කාරකම් වැනි දෑ තුළිනි. මේ නිසා තමන්ගේ දරුවාට වරදක් සිදුවූයේ බලවතෙකුගෙන් හෝ බලවතෙකුගේ සහචරයෙකුගෙන් නම් දෙමාපියන්ට සිදුවන්නේ ඒ පාඩුව, දුක, වේදනාව, කෝපය ආදි සියල්ල විඳ දරාගෙන නිහඩ වන්නටය. මෙය සමාජයක් තුළ පැවතිය හැකි අතිශයින්ම ශෝචනීය වූ තත්ත්වයකි.

මේ හැරුණු විට දැන් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නටත් පෙර ප්‍රාථමික මට්ටමින්ම අපරාධකරුගේ ජීවිතය කෙළවර කරන්නට යම් යම් අංශ සහ සමාජය ඉදිරිපත් වන අවස්ථාද සුලබය. මාංචු පිටින් දියට වැටී මිය යාම් ආදිය ගැනද අසන්නට ලැබේ. මෙසේ ‍පොදු සමාජය නීතිය අතට ගැනීම තුළින් තහවුරු වන්නේ අපේ නීතිය සහ පර්යායෙහි ඇති දුර්වලකමය. නීතිය ඉතා කෙටි කාලයක් තුළ නඩුව විසඳා තීන්දුවක් දී අපරාධකරුට දඩුවම් කිරීම මගින් මිනිසුන් හට දඩුවම් සම්බන්ධ බිය ඇතිවේ. එක් පැත්තකින් එය එසේ වන අතරේ ගුණ ගරුක සමාජයක් බිහි කිරීමේ කාර්යයද සිදුවුවහොත් මෙබඳු අපරාධ බොහෝ විටම අඩුවී යනු ඇත. නමුත් සමාජයේ මේ ඇති වී තිඛෙන තත්ත්වයට අනුව එවැනි සමාජයක් බිහිවීමට තිඛෙන සාධක අඩුය.

ගුණ ගරුක සමාජයක් සකස් වන්නේ සාමූහිකත්වය තුළිනි. අපේ සමාජය තුළ එවැනි ඒකක නැත. අද සියලුම දේවල් සම්බන්ධයෙන් පවතින්නේ තරගකාරිත්වයයි. මෙය කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම ‍පොදුය. තරගකාරිත්වයෙහි ප්‍රතිඵලය වන්නේ ටික දෙනෙකු ජයග්‍රහණය කරද්දී වැඩි දෙනෙකු පරාජයට පත්ව කොන් වීමය.

අධ්‍යාපන තරගය පිළිබඳව බලමු. විභාගයකින් සමත් වන දරුවන් කරළියට ගෙන තෑගි බෝග, ශිෂ්‍යත්ව ආදී නොයෙකුත් දේ පිරිනමමින් අනේකවිධ ප්‍රශංසා කරන විට අසමත් වූ දරුවන්ගේ මානසිකත්වය කෙබඳු විය හැකිද? එසේම ඔවුන් සමාජයෙන් කොන් වේ. මෙලෙස අසමත් වූ හැම දරුවෙකුම අදක්ෂයෙක්ද?

සමහර දරුවන්ට ඉගෙනීමට දක්ෂකම තිබුණත් එය සාර්ථකව කර ගෙන යාමට නොහැක්කේ දෙමාපියන්ට මුදල් නැතිකම නිසාය. නැතහොත් මව්පියන්ගේ අඩදබර නිසා දරුවන්ට පාඩම් කිරීම සඳහා සිත එකග කරගත නොහැකි වීම වැනි සාධක නිසාය. ඒත් නැතහොත් මව විදේශ ගත වීම නිසා වැඩිමහල් දරුවාට පවු‍ලේ වගකීම් කරට ගන්නට සිදුවීම නිසාය. මෙවැනි බොහෝ බාහිර සාධක මත දරුවන්ට විභාගය සමත් වීම සඳහා යහපත් මානසිකත්වයක් සහ සුදුසු පසුබිමක් සකස් නොවීමේ ඊළග ප්‍රතිඵලය විභාගය අසමත් වීමය. අති දක්ෂයෙකු
වුවත් අසමත් වූ පසු ඒ දරුවා අදක්ෂයෙකු ලෙස හංවඩු ගැසේ. සෙසු දරුවන්ගෙන්ද කොන් වෙයි. ඒ මානසික පසුබෑම එම දරුවාගේ මුළු ජීවිතයටම බලපානු ඇත. අදක්ෂයෙකු නිසා රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව අහිමි වෙයි. රැකියාවක් නැතිවීම යනු විශාල මානසික පීඩනයක් ඇති කරවන කරුණකි. මෙම තත්ත්වයට මුහුණ දුන්නේ තරුණයෙකු නම් ඔහුට උගත් බුද්ධිමත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට ඇති අවකාශයද අහිමි වෙයි. මුදල් නැතිකම මත තමාගේම කියා ගෙයක් දොරක් සාදා ගැනීමත් සිහිනයක් වෙයි. මෙම හේතු මත තදබල ලෙස මානසික පීඩනයට පත් කොතරම් තරුණ පිරිසක් අපේ රටේ සිටිනවාද? මෙලෙස සමාජයේ කොන් වන ගොඩ අඩු කරන්නට විසඳුමක් නොසොයන තාක්කල් මේ ගැටලු විසඬෙන්නේ නැත.

මකුළුවා දැල එලා ගන්නේ උගේ ශක්ති පමණට හැකි අන්දමේ ගොදුරක් සොයා ගන්නටය. ඒ අනුව සමාජයේ යම් පිරිසක් මුදල් උපයමින්, ගෙවල් දොරවල් සාදා ගනිමින්, අඹුදරුවන් ‍පෝෂණය කරමින් යහතින් ජීවත් වන කළ ඒ වාසනාව භුක්ති විඳීමට ඉඩ නොලද්දෝ සමාජයට වෛර කරන අතරේ තමන්ගේ ආශාවන් සංසිඳවා ගැනීමටද විවිධ උපක්‍රම යොදනු ඇත. එහිදී ඔවුන් දැල එළන්නේ තමාට වඩා ශක්තියෙන් සහ පෞරුෂයෙන් අඩු කුඩා දැරියන් වැනි අය වෙතය. ඒ දරුවෝද ඔවුන්ගේ සමාජ මට්ටමේම අය වෙති. එනම් සාමාන්‍ය පවුල්වල හෝ දිළිඳු පවුල්වල දරුවන්ය. මෙබඳු අපරාධවලට යොමුවූ අපරාධකරුවන්ගේ පසුබිම සොයා බැලුවහොත් ඔවුන්ගේ 99.9ක් වත් මෙලෙස සමාජය විසින් විවිධ හේතුන් මත කොන් කරනු ලැබූ පිරිස බව වටහා ගත හැකි වනු ඇත.

එනිසා අපරාධකරුවන්ටම වරද පටවා සමාජයේ කිසිවෙකුටත් නිදහස් විය හැකි නොවේ. හේතුව වැරදිකරුවන්, අපරාධකරුවන් නිර්මාණය කරන්නේද සමාජයම නිසාය. නමුත් මෙමගින් අප කෙසේවත් වැරදිකරුවන් සාධාර”කරණය කරන්නේ නැති බවද ඒ සමගම පැවසිය යුතුය.

මෙබඳු සාපරාධී සිදුවීම් පිළිබඳ නඩු සමාජයට අමතක වීමට පෙර ඉක්මනින් විසඳා දැඩි දඩුවම් පැමිණවීම එක් පැත්තකින් සිදු කළ යුතුය. අනෙක් අතට සමාජයේ සියලුම ඒකක එක්ව මුළු මහත් සමාජයම යළි අලුතින්ම ගොඩ නැගිය යුතුය. නමුත් ප්‍රායෝගිකව මෙය එතරම් පහසු කටයුත්තක් නොවේ. එසේ වුවද කුමන හෝ ආකාරයකින් එය නොකරන තාක් කල් මේ සමාජය තුළ අපරාධකරුවන් වැඩි වීමද වැළැක්විය නොහැකිය. මෙය එක්වරම අවුරුද්දකින් දෙකකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත විය හැකිය. අඩු තරමින් ඊට අඩිතාලම හෝ දැන් දැමිය යුතුව තිබේ. සෑම දරුවකුටම සමාජය යහපත් වුවහොත් ඔවුන්ගේ වැරදි කිරීම් බොහෝ සෙයින් අඩු වනු ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය