HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Uva Province Provincial Council  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

ඌව ආණ්ඩුව දින්නේ ඡන්ද 75 000 කින්


මෙවර ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ත ජයග‍්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ඡන්ද 75 දහස් 133 ක් ලබාගනිමින්. ඌව පළාතේදී සන්ධානය හිමිකරගත් මුළු ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් නමදහස් 906ක්. ඌව පළාතෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙලක්ෂ 74773  ක් හිමිවුණා.

බදුල්ලේ සියලූ ආසනවල ප‍්‍රතිඵල නිකුත්ව අවසන් 

බදුල්ල - බණ්ඩාරවෙල ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවුණා. ඒ ඡන්ද 27,365 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 27,085 ක් ලබා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2300 යි. මේ අනුව, බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 9 ම ප‍්‍රතිඵල මේ වනවිට නිකුත්ව අවසන්ව තිබෙනවා. ඒ අනුව, ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගත්තා.

හාලිඇල ආසනයේ ජය එජාපයට.-UVA PC Poll 2014

 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හාලිඇල ආසනයේ ජය එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත්තා. ඒ ඡන්ද 23,900 ක් ලබා ගනිමින්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 21,104 යි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1942 යි.

 

එජාපයට ඡන්ද 71,562 ක් වැඩි වේ. සන්ධානයට ඡන්ද 37,792 ක් අඩුවේ.-UVA PC Poll 2014  

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර ඡන්ද කොට්ඨාශය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තා. ඒ ඡන්ද 23,188 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,426 යි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 800 යි.


බදුල්ල දිස්ත‍්‍රික්කයේ වියලූව, මහියංගනය, වැලිමඩ, හපුතලේ, බදුල්ල, පස්සර සහ ඌව පරණගම ආසනවල ඡන්ද ප‍්‍රතිඵලත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ඡන්ද ප‍්‍රතිඵලයත් මේ වනවිට නිකුත්වී තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනය, වියලූව, ඌව පරණගම සහ හපුතලේ යන ආසන සන්ධානය ජය ගත් අතර බදුල්ල සහ වැලිමඩ ආසන එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළා. දිස්ත‍්‍රික්ක දෙකේම තැපැල් ඡන්ද ජයග‍්‍රහණය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

නිකුත් වූ ඡන්ද ප‍්‍රතිඵල අනුව බදුල්ලෙන් සන්ධානය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 60,587 ක්. මෙම ආසන වලින් සන්ධානය 2009 පළාත් සභා මැතිවරණයේදී ඡන්ද එක් ලක්ෂ 98,379 ක් ලබා ගෙන තිබුණා. ඒ අනුව, සන්ධානයට අඩුවී ඇති ඡන්ද සංඛ්‍යාව 37,792 යි.

ප‍්‍රතිඵල නිකුත් වූ ආසන හතේ සහ තැපැල් ඡන්දය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද එක්ලක්ෂ 46,723 ක් ලබා සිටිනවා. එහෙත් 2009 දී එම ආසනවලින් එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකිවූයේ ඡන්ද 75,161 ක් පමණයි. ඔවුන්ට මෙවර වැඩිවී ඇති ඡන්ද සංඛ්‍යාව 71,562 ක්.

ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ලබා ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 16,383 ක්. එහෙත් 2009 අවසන් වරට පැවති පළාත් සභා මැතිවරණයේ ඔවුන් මෙම ආසනවලින් ලබා ගත්තේ ඡන්ද 7460 ක් පමණයි. මෙවර ඔවුන්ට වැඩිවී ඇති ඡන්ද සංඛ්‍යාව 8923 ක්.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානයෙන් වෙන්ව වෙනම තරඟ කළ ජාතික නිදහස් පෙරමුණ දැනට ඡන්ද 4157 ක් ලබා සිටිනවා. එමෙන්ම, සන්ධානයෙන් වෙන්ව බදුල්ලට තරඟ කළ මුස්ලිම් කොංග‍්‍රසය සහ අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්ව දැනට ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4502 ක්.

පස්සරත් සන්ධානයට

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර ඡන්ද කොට්ඨාශය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තා. ඒ ඡන්ද 23,188 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,426 යි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 800 යි

 

  වියලූව ජය සන්ධානයට

බදුල්ල - වියලූව ආසනයේ ප‍්‍රතිඵල ද මේ වනවිට නිකුත්ව ඇති අතර ඒ අනුව එම ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගනු ලැබුවේ ඡන්ද 17,650 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14,695 ක් ලබා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 958 යි. ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 254 යි.

මහියංගනයේ ජය සන්ධානයට

බදුල්ල - මහියංගන ආසනයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත්ව තිබෙනවා. ඒ අනුව, මහියංගන ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගනු ලැබුවේ ඡන්ද 32,862 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 25,956 ක් ලබා ගත් අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3976 ක් ලබාගෙන තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 1466 ක් ලබා ගත්තා.
 

හපුතලේ ජය සන්ධානයට

බදුල්ල - හපුතලේ ආසනය ඡන්ද 21, 637 ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 19,297 ක් ලබා ගත් අතර, ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1261 ක්.

බිබිලේ වැඩි ඡන්ද 17078 කින් සන්ධානය ජය ගනී

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 17078කින් ජයග්‍රහණය කළේය.
සන්ධානය - 33307
එජාපය - 16229
ජනතා විමුක්ති පෙරමුණ 2957

 

වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය.

එක්සත් ජාතික පක්ෂය - 23046
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 22311
ජනතා විමුක්ති පෙරමුණ - 2485

ඌව පරණගම ආසනය : සන්ධානයට ජය

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19127
එක්සත් ජාතික පක්ෂය 18930
ජනතා විමුක්ති පෙරමුණ 2557 

 

 බදුල්ල ආසනය එජාපයට

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය - 21099
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15001
ජනතා විමුක්ති පෙරමුණ -  2271
ඒ අනුව බදුල්ල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 6098කින් ජයග්‍රහණය කළේය.
 

 

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය