HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

sad gossip story of nishadi buddika  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මීරිගම විල්වත්තේ කමතේ දී ,වඩේ සුදා, මරා දැමු රූමතියගේ කතාව

වඩේ සුදා හිරේ ගියත් තවත් මිනීමරුවන් නිදැල්ලේ
මරා දැමු නිශාදිගේ අම්මා කියයි
දැනට වසර අටයි


ගන අඳුර තුනී වලාවන් එළමින් තිබුණු ඒ මොහොතේ වඩේ විකුණන්නාගේ උකුසු ඇස් තමන්ගේ අලුත්ම ගොදුර නව යොවුන් සමනළිය නිශාදි බුද්ධිකා වෙත එල්ල වී තිබුණේ කෑදර බැල්මෙනි. අකුණු ගසමින් වසින ඒ මහා මොර සූරන වර්ෂාව කොළොම්තොට දී ඇය දුම්රියට නගින විටත් එසේම පැවතිණ. තම මව මීරිගම විල්වත්තේ දුම්රිය පළ අසබඩ තමා එන මග පෙර බලමින් සිටින බව දන්නා නිශාදි හිතේ ගුලිවන බිය මඳක් හෝ පහ කරගත්තේ පරිසරය කෙතරම් අයහපත් වුවත්, ඉක්මන් ගමනින් ගෙදරට යා යුතු බව සිතමිනි.

එක් ඇස් මානයකින් පෙනුණු වඩේ විකුණන්නා ඊළග මොහොතේ ඇයට නොපෙනී ගියේය.

ඒ එම අඳුරු දිනය වූ 2006 නොවැම්බර් 03 වැනි දා සවස් යාමයයි.

තවත් මාස දෙකකින් දෙගුරුන්ගේ ආශිර්වාදයෙන් කුලගෙට පිවිසෙන ඇය ඒ සඳහා නොයෙක් සුබ සිහින මැව්වාය. කසුන් හා 2007 ජනවාරියේ යන මේ අලුත් දිවි ගමනට අවශ්‍ය සියලු කළමනා ඒ වන විටත් ඇය පිළියෙල කැර අවසන් වී තිබිණ. නෑ හිතවතුනට මංගල කාඩ්පත් පවා මුද්‍රණය කැර ඛෙදීමට සූදානම්ය.

මංගල සාරිය, මුදුව, වෙනත් රන් බඩු හා මනාලයා වෙනුවෙන් වූ මුද්ද ඒ දිනය බලාපොරොත්තුව සිටියේය. ඇය අඳුරු කාලගුණය සහිත අහස් කුස දෙස බලමින් මේවා එකිනෙක නැවත ගළපමින් එහි අඩුවක් ඇද්දැයි සිතමින් ආවාය. කසුන් තම ආදරවන්තයා වෙනදා මෙන් ඇය මගට ඇරලන්නවත් එදින ආවේ නැත. කොළඹදීම ඔහු වෙනත් වැඩක් ඇතැයි කියමින් ඇයට සමුදුන් මතකය ඇගේ හිතේ දුක්බර මතක සටහන් මවමින් තිබිණ. වැසි සහිත අඳුරු කාලගුණය නිසාදෝ ඇය වෙනදා එදා දුම්රියට පෙර දුම්රියේ නැගී එදා ගෙදර ආවාය.

මීරිගම විල්වත්තට ළගා වන විට සවස 6.30 පමණ වන්නට ඇත. වැහි බර අහස තවමත් තුරල්ව නොමැත. හතරවට අඳුරේ ගිලෙමින් තිබිණ. විදුලිය විසන්ධි වී තිබිණ. කෑලි කපන ගනඳුර හතරවට රජ කරයි. මේ මගේ ගම. මට කවුරු අනතුරක් කරන්නදැයි සිතමින් ඇය අඳුරේම ඉක්මනින් ගෙදර යන්නට තම ගම කුරුඳුවත්තට යන කමත මැදින් පාරේ අඩි ඉක්මන් කළාය.

එහෙත් මේ අවුරුදු 26 ක නව යොවුන් සමනළිය ඊට මොහොතකට පසු සාහසික කාමතුරයකුගේ සා පිපාසාවට ගොදුරු වී ඒ රාත්‍රියේ දොළ ළග කමතේ කරත්තය ළග නිර්වස්ත්‍රව උඩුබැලිව මියගොස් සිටියාය. මම එතැන් පටන් ඒ අතීත දුක්බර සිදුවීම නොලියමි. ඒ කතාවේ ලබාගත හැකි හැම අලුත්
මූලාශ්‍රයක්ම ඔස්සේ ඔබට අලුත් කතාවක්ම කියමි.

සුමිත්‍රා සේරසිංහ ඇගේ දයාබර මෑණියන්ය. ඇයට දරුවන් සිවුදෙනෙකි. නිශාදි දෙවැන්නීය. ගැහැනු ළමයින් තිදෙනකුට පසුව අවසානයේ පුතෙකි. සුමිත්‍රා දැන් මා අබිමුවය.

මේ කාලකණ්ණි සිදුවීමෙන් පස්සෙ දැන් අවුරුදු 8 ක් ගතවෙලත් අපේ ගෙදර සතුට නෑ මහත්තයො. ළමයින් පුංචි කාලෙ මං බොහොම දුක් වින්දා. දැන් වුණත් අපට අලුත් අවුරුද්දක්, නෑ ගමනක්, ප්‍රීති සවාරියක් සමරන්න බෑ. මේ මද්දුමී මට නිතර සිහි වෙනවා. එයා මේ පළාතේ පුංචි දරුවන්ට නොමිලයේ පාඩම් වැඩ කියා දුන්නා. කැම්පස් යන්ඩ තරම් ලකුණු නැති හින්දා රස්සාවක් කරන්ඩ ගියේ. පුරාණ මීරිගම පන්සලේ දහම් පාසලෙත් ඇය ඉගැන්නුවා.

තාත්තා එස්. කේ. ඩී. සෝමවීර හමුදාවේ අවුරුදු 25 ක් වැඩ කරලා ඒ දවස්වලත් විශ්‍රාමිකව හිටියෙ. ගෙදර අඩුපාඩු නිසා එයත් වෙනම තැනක රස්සාවක් කළා. මගෙ දුව බඳින්ඩ හිටපු ළමයා කසුන්. ගම්පහ උඩුගම්පළ කෝපියාවත්තෙ. දෙපාර්ශ්වයේම කැමැත්තෙන් මගුල් කාඩ් ගහලා දින වෙන් කරගෙන 2007 ජනවාරි 16 දා බඳින්ඩ හිටපු ළමයා. මගෙ දුව හැමදාම විල්වත්තට එනකොට මං මග ඉන්නවා බලාගෙන එදා මහා වැස්ස.

අකුණු ගහනවා හතරවටින්. කමත ළග පාරත් වතුර දෝරේ ගලා යනවා. මං හිටියා කමත ඉදිරිපිට පාරේ කඩය ළග. කෝච්චිය ආවත් දුව ආවෙ නෑ. මහ රාත්තිරිය වෙනකම් අපි සොයා බැලුවා. එහෙම කාටවත් නොකියා එක දවසක් ගෙදරින් පිට ඉන්න ළමයෙක් නෙවේ. දුව නැති බව දැනුම් දුන්නාම කසුන් ළමයත් අපේ ගෙදර ආවා. මගෙ පුතත් එක්ක එකතු වෙලා එයත් හැම තැනම ළමයව හෙව්වා. අපිත් අඳුරේම නිනව්වක් නැතිව එහෙ මෙහෙ හෙව්වා.

වැස්ස නිසා විදුලියත් පළාතෙම තිබුණෙ නෑ. අනේ රාත්‍රි 10 ට විතර මගෙ පුතා අක්කාව දැකලා තියෙනවා කමත ළග නිර්වස්ත්‍රව වැටිලා ඉන්නවා. මගෙ දුවට ඒ වගේ අපරාධයක් කරන්ඩ කාට ද පුළුවන්. එයාගෙ ඇඳුම්, සෙරෙප්පු, බෑග් තැන තැන විසිරිලා පස්සෙ හොයා ගත්තෙ. මැරෙන්න කලින් කාමාතුරයා එක්ක එයා පොර බදලා තියෙනවා. අප දන්නා විදියට අපට හිතුණෙ නෑ. මේ සිද්ධියට පස්දෙදි පොලීසිය අත්අඩංගුවට ගත් වඩේ සුදා නමැති මිනිහා මං දැකලම නෑ.

එදා රාත්තිරියෙ අප මීරිගම පොලීසියට ළමයා නැති වග කියන්ඩ ගියාම ඒ අය පැමිණිල්ලවත් ලියා ගත්තෙ නෑ. ළමයා හෙට උදේට ඒවි. කාත් එක්ක හරි යන්ඩ ඇති මේ වගේ දේ ඒ නිලධාරීන් කීවෙ. පස්සෙ දුවගෙ මිනිය කමතෙ තිබිලා හමුවුණාම කලබල වුණා. ඒ අය මට විටින් විට කීවා මේකට අත්අඩංගුවට ගත්ත වඩේ සුදා බලන්ඩ කියලා. මට ඒ මිනිහගෙ මූසල මුහුණ බලන්ඩ ඕනෑ වුණේ නෑ. අනෙක පොලීසිය කීවා දුවව ඒ විදියට මරලා තියෙන්නෙ ඔබේ වත්තෙ පොල් කඩන්ඩ ආපු මිනිසෙක් කියලා.

අපේ වත්තේ පොල් ගස් නෑ. ඒ දවස්වල තිබුණු එකම ගහෙත් පොල් කැඩුවෙ අපේ මහත්තයා. අපි කා ලව්වාවත් පොල් කඩවගෙනත් නෑ. ඒ විදියට කඩවා ගන්ඩ අපට පොල් ගස් තිබුණෙත් නෑ. මේ පිළිබඳව ඉහළ නිලධාරීන් පරීක්ෂණයට එනකොට ඒ අය කලබල වෙලා මීට කලින් ස්ත්‍රී දූෂණ නඩුවලට අහුවෙච්ච මිනිහෙක් දාලා ප්‍රශ්නය විසදන්ඩ බැලුවා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම මගේ දුව මරපු මිනීමරුවො තවම නිදැල්ලේ කියලා මට හිතෙනවා. මේ නඩුව අවසානේ නඩුකාර උන්නාන්සෙ වඩේ සුදා නමැති වැරැදිකරු හැටියට තීන්දු කළාම ඔය කියන මිනිහා හිනාවෙලා හිරේට ගියේ. එයාගේ හිතේ කිසිම කනගාටුවක් තිබුණෙ නෑ. අපේ මහත්තයාටයි මටයි උසාවිය කියලා හැගුණේ නෑ. ඉබේටම කෑ ගැහුණා. මේ නඩුව අහන්ඩ රැස්වෙච්ච මිනිස්සුත් එදා ඇඩුවා.

ඔය කියන මිනිහා අනුන්ගෙ නඩු සල්ලිවලට බාර ගන්ඩ කෙනෙක්. තවමත් මගේ දුවගෙ මිනීමරුවා අහුවුණා ද කියලා මට සැකයි. මගෙ මහත්තයා අලුගෝසු තනතුරට ඉල්ලුම්පතක් දැම්මෙ මේ වගේ අපරාධකාරයන්ව ගාස්තුවක් නොලබාම එල්ලන්ඩ. ඒත් ඒ අවස්ථාව එයාට ලැබුණේ නෑ.

අද මහත්තයාවත් මගෙ පුතාවත් මේ ගැන කතා කරනවාටත් කැමැති නෑ. එදා රෑ අක්කා ඒ විදියට කමතෙ වැටිලා ඉන්නවා මුලින්ම දැක්කෙ එයාගේ මල්ලී. මගෙ පුතා. ඒ නිසා ඒ අමිහිරි මතකය නැවත මතක් කරන්ඩ එයා කැමැතිම නෑ. දැන් මට මුණුබුරො මිනිබිරියො තුන්දෙනෙක් ඉන්නවා. මගෙ පුතාගේ පුතා මගේ මුණුබුරා ඉපදිච්ච දවසෙ එයාව ගෙදර කාමරයට ගෙනෙන්ඩ එදා දුව හිටපු කාමරය අස්පස් කළා. දුවගෙ දේවල් කඩදාසි ලිපි වගේ බොහොමයක් ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා මිදුලෙ කොණේ කුණු ගොඩට විසි කළා. ඒ දවස්වලත් වැස්ස. වැස්සට අර කොළරොඩු පෙගිලා දියබත් වුණා. ඒත් මහත්මයා පිළිගන්ඩ මගෙ මුණුබුරා උපන් දවසෙ හරියටම එදාම.

අර කුණුරොඩු අස්සෙන් මිහිරි සංගීත නාදයක් ඇසුණා. මේක දරුවා ගෙදරට ගෙනෙනතුරුම ඇහුණා. මෙච්චර කාලෙකට පස්සෙත් පෙගිච්ච කුණු රොඩු අස්සෙන් එන ඒ මිහිරි සංගීත නාදයෙන් කියැවුණේ හැපි බර්ත් ඩේ ටූ යූ කියලයි. පස්සෙ බලනකොට මේක කසුන් ළමයා මැරුණු දුවගෙ උපන් දිනේට දීපු උපන් දින තෑග්ගක්. ඒ කාඩ් එකේ බැටරිය ගලවලා වීසි කරනකම් ඒ සංගීත නාදය ඇහුණා. මගෙ දුව හීනෙන්වත් අප දැක්කෙ නෑ.

ඒත් දුවට අකල් මරණයක් සංසාරෙදි ආයිත් නොවෙන්ඩ කියලා අපි හැම අවුරුද්දෙම සාංඝික දාන දෙන්ඩ බැරි වුණත් ළමා නිවාසෙකට හරි ගිහින් පින්කම් කළා. මේ අවුරුද්දෙත් නොවැම්බර් ඒ පිංකමට අපි දැන් සූදානම් වෙනවා. මට වෙලාවකට හිතෙනවා මගෙ මුණුබුරා වෙලා මගෙ මද්දුමී ආයිත් ගෙදර ආව ද කියලා. ඒත් මගෙ අසරණ කෙල්ලට මේ පාහර වැඩේ කරලා මරලා දාපු උන් යහතින් තවමත් කියලා මට හිතෙනකොට මගෙ බඩ පපුව දනවා මහත්තයො...

එදා මහ වැසි වැටී දණක් උසට වතුර පිරී දොළ උතුරා යද්දී මේ දැරිය තනිවම ඒ මග ආවා ද? ඒ මගින් වෙනදාට කෝච්චියේ එන මගීන් නොගියේ මන්
ද? ඔවුන් වෙනත් මංපෙත් සොයා නිවෙස වෙත යද්දි නිශාදි මේ මග යන්නෙ ඇයි? මට එසේ සිතිණ. ඒ ගැන වැඩිමනත් සොයා බැලු මට මම ඒ කමත පිහිටි ඉසව්වට පැමිණියෙමි. ඒ කමත එළි පෙහෙළි වූවාට ඒ ළග පරිසරය තවමත් එසේමය. ඒ තවත් ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට තෝතැනි සාදා දීමට දැයි මට සිතේ. අප එහි යන විට ඒ අඳුරු සිද්ධිය වූ කමතේ වී වේලමින් සිටි යුවළකි. ඒ සැමියා ශාන්ත කුමාරය. කොළඹ අලුත්කඩේ උසාවියේ ඉංජිනේරු අංශයේ සේවය කරන හෙතෙම එදා තම කුඹුරේ කටයුතුවල නියැළෙමින් සිටියේය.

මොර සූරන වැස්ස පළාතම යටවෙලා මේ කමත විතරයි උස් තැනකට මේ හරියෙ පිහිටලා තිබුණේ. විදුලියත් විසන්ධි වෙලා. මේ ළමයා මෙතැන තිබුණු කරත්තය යට වතුරින් පෙගිලා නිර්වස්ත්‍රව වැටිලා ඉඳලා සොයාගෙන තිඛෙන්නෙ. වඩේ සුදා කියන්නෙ මේ ගමේ මිනිහෙක් නොවේ. පාර පැත්තට පෙනෙන විදියට මේ දැරිවිය වැටිලා හිටියලු. මේ කමත ළග එහා පැත්තෙ පරිසරය තවමත් එහෙමයි කියලා මහත්මයා කියන දේට මං එකගයි. බිහිසුණු අනතුරුවලට අත වනන ගතියක් එහි තියෙනවා. එහෙත් ඒ කුඹුරු කරන අය ඒ පැත්ත සුද්ධ කරන්නෙ නෑ. මේ වගේ විපතක් අපි අහල ගම් හතකවත් අහලා නෑ.

නිලානි ඔහුගේ බිරියය. ඇය ද අපේ කතාවට එක්වෙයි.

ඔය කියන නිශාදි ඒ පවුලෙන්ම අහිංසක ළමයා. කාත් එක්කත් හිනාවෙලා යන්නෙ. ගමේ අය කැමැතියි. එහෙත් මේ සිද්ධිය ගැන තවමත් මිනිසුන්ට සැක සංකා තියෙනවා. කාගේ වුණත් දරුවෙක්. මේ වගේ දෙයක් කළ අයට ශාප වෙනවා. මීරිගම වුණේ මිහිරිගම කියන එකයි. පිරිසුදු මිහිරි වතුර තිඛෙන නිසා ගමට ඒ නම වැටුණා. මේ සිද්ධියෙන් ඒකට කළු පැල්ලමක් එකතු වුණා.

මිනීඔළුව විද්‍යාසාර පිරිවෙන විල්වත්තට මඳක් නුදුරු කණ්ඩලමට කිලෝමීටර් භාගයක් පමණ ගිය තැන පිහිටියකි. නිශාදි දහම් පාසල් කටයුතු කළේ එහිය. ඇයගේ වග තුග සොයමින් අපි ඒ ගමට ද පිවිසියෙමු. එහි වැඩ වෙසෙන මකුලෑවේ වජිර හිමියන්ට මේ දැරිවිය මතකය.

ඔය කියන ළමයා හොඳ අහිංසක ළමයෙක්. මෙහි දහම් පාසලේ ඉගැන්නුවා. කාටවත් හිරිහැරයක් වන විදියට නොවෙයි ජීවත්වුණේ. මේ වගේ අහිංසක දරුවෙක්ට වෙච්ච දේ ගැන කනගාටුයි. මේ සංසාර චක්‍රයේ එයා ගෙනාපු ආයුෂ. එහෙම කියලා බෑ. මිනීමරුවා අල්ලන්ඩ ඕනැ. අහුවුණයි කියන මිනිහා ජීවිතාන්තය දක්වා හිරේ ගියත් ඒ මාපියන්ගෙ දාරක ගින්න කවදා නිවන්න ද? ඒත් අප හිත සනසා ගන්ඩ ඕනැ.

විල්වත්ත දුම්රියපළ ඉදිරිපිට මාළු විකුණන මාළු චූටි ගමේ ජනප්‍රිය කෙනෙකි. එදා නිශාදි දුම්රියෙන් පැමිණ සවස 6.30 ට පමණ අඳුරේම ගෙවල් පැත්තට ගිය බව මුලින්ම දුටුවේ මාළු චූටිය. ඒ වෙනුවෙන් නඩුව අවසන් වන තෙක් රස්සාව හැර දමා සාක්කි දීමට උසාවි ගානේ මිනිස්කම වෙනුවෙන් රස්තියාදු වන්නට මාළු චූටිට සිදුවිය. මාළු චූටි නමින් හැඳින්වෙන්නේ කුරුඳුවත්තේ නිවෙසන සුජාතා අලවත්ත නම් ගැහැනියකි. අපි ඇය සොයා එම ගම පීරමු.

නඩුවක් වුණාම මිනිස්කම වෙනුවෙන් යමක් කියන්ඩ ගියාම ඒකෙන් දඩුවම් ලබන්නේ වැරැදිකාරයන් විතරක් නොවෙයි. අපි වගේ සාක්කිවලට කැඳවන අයත් ඒකෙන් දඩුවම් ලබනවා. ඔය පවුලේ මනුස්සකම තිඛෙන කෙල්ල නිශාදි. එදා හවස 6.30 ට විතර කෝච්චිය ආවා. මං දැක්කා ඒ ළමයා එනවා. මාත් එක්ක හිනාවුණා. ගෙවල් පැත්තට ගියා. ඒ වෙලාවෙ වැස්සෙ තෙමි තෙමී හිගන්නෙක් හිටියා. ඒ මනුස්සයාව වැස්සෙන් වහන් වෙන්ඩවත් නිනව්වක් නෑ. මං එයාවත් කඩ පිලකට ගොඩ කරලා මාළු ලෑල්ල වහලා 7.20 ට විතර ගෙදර යන්ඩ ආවා. ඒ වෙලාවෙත් නිශාදිගේ අම්මා කමත ළග හැරෙන තැන කඩේ ළග ඉන්නවා දුව බලාගෙන මං ඇහුවා ඇයි? දුව ගියා නේද? කියලා. එතකොටයි ඒ මනුස්සයා දන්නේ දුව ඇවිත් බව. අම්මා හිටපු තැනයි කෙල්ල මරා දමපු තැනයි අතර මීටර් 300 ක් නෑ. මහ රාත්තිරියෙ දැනගන්ඩ ලැබුණා නිශාදි ඒ ළග කමතෙ දූෂණය කැර මරා දමා ඇති බව.

ඒ කමත පෙනෙන දුර නිවෙසක ගමේ වැඩිහිටි යෙක් නම හෙළි නොකැර බොහෝ වැදගත් දේ කීවේය.

මහත්තයො, නිශාදිගෙ මල්ලී කෑ ගහන සද්දෙට අපිත් ගියා බලන්ඩ. ඒත් ඒ අය වැටිලා හිටි අයගෙ පැත්තට යන්ඩ දුන්නෙ නෑ. නිර්වස්ත්‍රව හිටිය නිසා වෙන්ඩ ඇති. මං කෑ ගැහුවා ඉතින් ඕයි, තමුසෙගෙ ෂර්ට් එකවත් දානවා ඇගට කියලා. ඒ වෙලාවෙ තමයි නිශාදිගෙ මල්ලි කමිසය ගලවලා ඒ මනුස්සයාගෙ ඇගට දැම්මෙ. ඔය කියන ඇයට කිට්ටුව සිටි සමහරු ගැන මට සැකයි. එදා කෙල්ල තනියෙන් ආවේ.. වඩේ සුදා පාහරයෙක්. එයා ස්ත්‍රී දූෂකයෙක්. ඒත් එයා ඊට දින දෙකකට උඩදී බන්ධනාගාරෙන් ඇවිත් තියෙන්නෙ. එහෙම වෙද්දි එයා කොහොම ද? මෙතරම් ඉක්මනින් ගොදුරක් ගන්නෙ. අනෙක දණක් වතුර. ඒ වගේ තැනකින් මේ කෙල්ල ගෙදර යාවි ද? මේකෙ මිනීමැරුමට තීන්දු දුන්නත් ඇත්ත කතාව ඕක නොවෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා.

මධු හෙවත් සුනීතා වික්‍රමසිංහ ඒ කමත අසල නිවෙසක ඒ දිනවල ජීවත් වූවාය. දැන් ඇය ජීවත්වන්නේ කුරුඳුවත්තේය.

එදා රෑ විලාප සද්දෙට මං දුවගෙන ආවා. රාත්‍රී 10.30 ට විතර ඇති. පොලීසියේ මහත්තයෙක් කිව්වා අක්කේ, ඔයත් ගෑනියෙක් නේද? ඛෙඩ් ෂීට් එකක්වත් ගෙනත් දෙන්න. ඒ ළමයා නිර්වස්ත්‍රව ඉන්නෙ කියලා. මං දුවලා ගිහින් ඩුබායිවලින් ගෙනාපු අලුත්ම ඛෙඩ් ෂීට් එක දුන්නා. ඒක තමයි මිනියට පෙරෙව්වෙ. ඒ වෙනුවෙන් මං අවුරුදු 5 ක් උසාවි ගානේ ගියා. පොලීසිය මේ ගමේ කොල්ලො හැමෝම වගේ ගෙනිහින් ප්‍රශ්න කළා. අන්තිමේ තමයි වඩේ සුදා ගැන කතාව ආවේ.

පොලීසිය ගමේ ගැටවුන් ගෙන ගොස් බොහෝ ප්‍රශ්න කැර තිබුණු බව ඇත්තය. ඉන් ඇතැමෙකු හතර වැනි තට්ටුවට ද ගෙන ගොස් තිබේ. ධර්මලතාගේ සැමියා හා ඩිලාන් නමැත්තකු මෙසේ බොහෝ පීඩා විඳ ඇති අතර, ධර්මලතාගේ සැමියා අද අංශභාගයට වැටී ඇත්තේ පොලිස් ප්‍රතිඵල නිසා යැයි ඒ ගැමියෝ කියති.

සංජීව මධු නමැත්තියගේ පුත්‍රයාය. ඔහු ඒ වන විට වැඩ කළේ පොලිස් අධිකාරි කාර්යාලයේය. එදින හවස හීන් අඩියක් ගසා ඔහු තම යතුරුපැදියෙන් මේ කමත ළගින් කෝච්චිය එන්නට ආසන්න මොහොතේදී තම අම්මාගේ නිවෙසට ගියේය. ඔහු තම බිරිය හා ජීවත්වූ කුරුඳුවත්තට ලහි ලහියේ යද්දී අර කමත පහුකැර පාරට වැටෙද්දී කෝච්චිය පැමිණි හඩ ඇසුණේය. ඔහු තවත් මොහොතක් පමාවී මෙහි පැමිණියේ නම් නිශාදි හමු වනවා නිසැකය.

නිශාදි උදේට මං හැමදාම දකිනවා වැඩට යද්දි. හිනාවෙලා යන්නෙ. එදා මහ වැසි දවසක්. මං අම්මලගෙ ගෙදර ගිහින් කමත ළගින් එද්දි කෝච්චිය ආවේ. මේ ඛේදවාචකය සිදුවෙලා තියෙන්නෙ මං එතැනින් පිටත්වෙලා වැඩි මොහොතකට පස්සෙ නොවෙයි. මේ අපරාධයට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොල් කඩන මිනිහෙක් නොවෙයි. සල්ලිවලට අපරාධ තමන්ගෙ ගිණුමට දා ගන්නවා කියලයි අහලා තියෙන්නෙ. ඒ කෙල්ලගෙ නියපොතුවල තිබුණ කාමතුරයාගෙ ලේ හා සම් වැදලි. එදා මරණ පරීක්ෂණ වාර්තාව ලැබිලා තියෙන්නෙත් වතුර පෙවිලා මැරිලා කියලයි. වැස්සට ශරීරය තදින් වතුරේ ගිලී තිබු නිසා දූෂණය කරලා ද කියලා කියන්ඩත් බෑලු. එදා නඩුව අහපු තීන්දුව දුන් දවසෙ ඒ අම්මයි තාත්තයි කෑ ගහලා අඩලා. නඩුකාර තුමියත් ඇඩුවයි කියලා අම්මා කියනවා. මේ අපරාධයට කෙනෙක් ජීවිතාන්තය දක්වා ඇතුළට ගියත් මේක අභිරහසක්...

වඩේ සුදා නමැත්තාගේ යහළුවකු ලෙස කදිරා නමැත්තකු සිටි බවත් ඔහු කුලියක් මලියක් කැර ජීවත්ව‍ූ කෙනෙකු බවත් ඇසීමෙන් වඩේ සුදාගේ වඩේ යහළුවන් සොයා අපි මීරිගම දුම්රිය ස්ථානයේ කරක් ගසමු. දුම්රිය ස්ථානාධිපති කීර්ති මහතා අප සාදරයෙන් පිළිගත්තේය. එම්. ආර්. කීගල් වසර 40 ක් දුම්රිය පෙට්ටිවල වඩේ විකුණන තැනැත්තා හමුවූයේ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කරුණාවෙනි.

මං 1973 දී මේ රැකියාව ආරම්භ කළේ. ඒ කාලකණ්ණි සිද්ධිය නිසා මිනිස්සු අපේ දිහා බැලුවෙ, සමහර විට අදත් බලන්නෙ වපරැහින්. ඔය කියන මිනිහා සමන්ත (වඩේ සුදා) නමින් ප්‍රසිද්ධ වුණත් ඔය මිනිහා වඩේ විකුණන කෙනෙක් නොවේ. දුම්රිය මැදිරිවලට ගිහින් ගොළුවකු වගේ රගපාමින්, බෝධි පූජා පොත් විකුණපු කෙනෙක්. බොහෝ අය මිනිහාට කීයක් හරි දෙනවා බෝධි පූජා පොත් ගන්නෙ නෑ. ඔය වගෙ කපටිකමින් ජීවත් වෙච්ච පාහරයෙක්. අපට වඩේ එකක්වත් විකුණගෙන ජීවත් වන්ඩ මේ වගේ පාහරයො ඉඩ තියන්නෙ නෑ. කදිරා කියලා මිනිහෙක් ගැන අපි දන්නෙ නෑ. හැබැයි` අතපය ආබාධයට පත් වෙච්ච මිනිහකුගෙ ගෑනියක් එක්ක යාළුකමක් පවත්වන කදිරා නම් මිනිහෙක් ගැන අපට ඇහිලා නම් තියෙනවා.

බොහෝ කාලයක් දුම්රිය මැදිරි හා දුම්රිය ස්ථාන අතර ගැවසුණ ද කදිරා නමැත්තා සොයා ගැනීම අපහසු විය. සමහර වඩේකාරයෝ අප දැක සැගවුණහ. දුරකථන ඇමතුම් ගියේය. කදිරා සැගවිණිදැයි කිය නොහැකිය.

නිශාදිගේ කතාව ඉවර නැත. තවත් නිශාදිලා මෙවන් ඉරණමකට ගොදුරු විය හැකිය. අඩුම තරමේ ඒ කමත පිහිටි බිම අවුරුදු 8 ක් ගතවීත් එළිපෙහෙළි කිරීමට කවුරුත් කටයුතු කැර නැත. මේ ගවේෂණයේදී නොලියු ඒත් ඇසු බොහෝ දේ අතරින් මම ඔබට කරුණු කීපයක් සිතා බලන්නට ඉදිරිපත් කරමි.

නිශාදි එදා කසුන් සමග නොපැමිණියේ ඇයි? වෙනදා එන දුම්රියට පෙර එන දුම්රියේ ඇය පැමිණියේ ඇයි? ඇයගේ නිය අතර සැගවුණු සම් වැදලි පරීක්ෂණයට භාජනය නොවී ඇත්තේ ඇයි? ඩී එන් ඒ පරීක්ෂණ නැත්තේ ඇයි? නිශාදිගේ මල්ලි කසුන් ගැන සැකයි කියා උසාවියෙන් ඉල්ලා සිටියදී ඒ ගැන නොතැකුණේ ඇයි? නිශාදිගේ අම්මාට අපරාධකරු ලෙස කෙනෙක් හගවා එයා හඳුනාගන්න යැයි පොලීසිය කීවේ ඇයි? ඔහු නිශාදිගේ වත්තේ පොල් කඩන්නට ආවා යැයි මතයක් ආවේ ඇයි? දුම්රියෙන් පැමිණි සෙසු මගීන් කමත හා ඇළ පිහිටි දණක් වතුරින් එබුණු මාර්ගය අතහැර වෙනත් මං සොයා යද්දී මේ තරුණිය මේ මගින්ම ආවේ ඇයි? ඇයගේ කනේ තිබු කරාබු යුගල නොඉරා උදුරා නොගෙන ඒවා පරෙස්සමට ගලවා ගෙන තිබුණේ ඇයි?

මේ කරුණු ගැන නම් මටත් සැක සංකා උපදී.

උපාලි සමරසිංහ

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය