HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Odel Otara  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

බිලියන 2.7කට ඔඩෙල් විකුණා දැමූ හේතුව ඔටාරා හෙළිකරයි


ඔඩෙල් සමාගමේ ඔබ සතුව තිබූ කොටස් අලෙවි කළේ හදිසියේ ගත් තීරණයක් අනුවද?

කොහෙත්ම නැහැ. ගොඩක් අයට මේක හදිසියේ ගත් තීරණයක් විදිහට පේනවා ඇති.
නමුත් අවුරුද්දක විතර කාලයක ඉඳලා තමයි මගේ සිතේ තිබුණේ යම් වෙනසක් අවශ්‍යයි කියලා. මට ඒ දවස්වල දැනුණේ නැහැ ඒ සිදුවිය යුතු වෙනස මොකක්ද කියලා. මම ඉදිරියේදී කරන්න වඩාත්ම කැමති මොකක්ද කියන එක මගේ හිතේ තිබුණා. ඒ අනුවයි මම මේ තීරණය ගත්තේ.
 මේ තීරණය දැනගත් විට ඔබේ පවු‍ලේ අය මොනවාද කිව්වේ?
මට විශේෂයෙන්ම වැදගත් මගේ පුතාලා දෙන්නා, අම්මා සහ අයියලා දෙන්නා. ඒ හැමෝම මේ තීරණයට කැමැත්ත පළ කළා. ඒ වගේම ඔවුන් ඒ සඳහා මට සහයෝගයක් වුණා. ඇත්තටම ඔවුන්ගේ සහයෝගය මට ලොකු ශක්තියක් වුණා.

 ඇත්තටම ඇයි ඔබ ඔඩෙල් හැරයාමට තීරණය කළේ?

මම දැනට වසර 25ක කාලයක් ඔඩෙල් පවත්වාගෙන ගිහින් තියෙනවා. දැන් මගේ වයස අවුරුදු 50ක්. මගේ ජීවිත කාලය අනුව බැලුවත්, ආයතනය අනුව බැලුවත් මම හිතනවා මේ තීරණය ගන්න හොඳම කාලය තමයි මේක කියලා. පසුගිය වසර කිහිපය පුරාම මම සතුන් වෙනුවෙන් මට හැකි උපරිම දේ කිරීමට උත්සාහ ගත්තා. ඒ වගේම සතුන් සමග සහයෝගයෙන් ජීවත්වීමේ වැදගත්කම මිනිසුන්ට වටහා දීමට උත්සාහ කළා. නමුත් දැන් ඔවුන් වෙනුවෙන් ඊට වඩා යමක් කිරීමට කාලය එළැඹිලා බව මට වැටහුණා. ඒ නිසා සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීමට මා ආරම්භ කර තිබෙන එම්බාර්ක් වැඩසටහන සමග ඉදිරියට යායුතුයි කියලා මම තීරණය කළා.

 නමුත් ඔබ ඔඩෙල් ආයතනයේ සිටියදීත් එවැනි සුබසාධන කටයුතුවල යෙදුණා?

ඔව්. ඒක ආයතනයේ ආරම්භයේ පටන්ම කරපු දෙයක්. සතුන්, පරිසරය සහ මිනිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් එම්බාර්ක් කළ දේවල් බොහෝ අය දන්නවා. නමුත් ආයතනයේ වැඩ කටයුතු කරද්දී මට ඒ වැඩවල යෙදෙන්න වෙලාව මදි. ඒ සඳහා මට වැඩි කාලයක් අවශ්‍යයි. මම ඉපදිලා තියෙන්නේ සතුන්ට උපකාර කිරීම වෙනුවෙන් කියලයි මම විශ්වාස කරන්නේ.

 මේ වන විට ඔබ ඔඩෙල් ආයතනය සම්පූර්ණයෙන්ම හැර ගිහින්ද?

ඔඩෙල් ආයතනයත් මාත් අතර තිබෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධයක් බව කවුරුත් දන්නවා. මම ඔඩෙල් ආයතනය තවම හැර ගිහින් නැහැ. මම තවමත් කාර්යාලයට එනවා. තවමත් ඔඩෙල් කණ්ඩායම සමග වැඩ කරනවා. මම තමයි තවමත් ඔඩෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය.
 ඒ විදිහට ඔබ ඔඩෙල් ආයතනයේදී තවත් කොච්චර කාලයක් දැකගන්නට ලැබේවිද?
මම දිගටම ඉන්නේ නැහැ. නමුත් මම කැමතියි ඔඩෙල් තවත් දියුණු වෙනවා දකින්න. මම දන්නවා ඔඩෙල් ආයතනයට තියෙන ශක්තිය සහ අවස්ථාවන් මොනවාද කියලා. ඒ නිසා මම ඔඩෙල්හි දියුණුව වෙනුවෙන්, සමාගමේ අනෙකුත් කොටස්කරුවන්ට උදවු කරනවා. සමහර විට තවත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් මම ඉඳීවි.

 ඔඩෙල් දැනට ලාබ ලබන ආයතනයක්ද?
ඔව්

 එහි වාර්ෂික ආදායම කොපමණද?

රුපියල් බිලියන 5ක් පමණ

 ශාඛා ගණන?
20යි

 ඔබ විසින් ආරම්භකොට මේ තරම් දියුණුවක් ළඟා කරගත් ඔඩෙල්හි ඔබ සතුව තිබූ කොටස් සියල්ල විකුණා දැමීමෙන් ව්‍යාපාරික වශයෙන් ඔබට අවාසියක් සිදුවෙන්නට පුළුවන් නේද?

මේ තීරණය ව්‍යාපාරික වශයෙනුත් ඉතා යථාර්ථවාදී තීරණයක් විදියටයි මම සලකන්නේ. මම තවදුරටත් සිටියා නම් මට තවත් දේවල් ලැබේවි කියලා මට හිතන්න තිබුණා. නමුත් මම මේ තීරණය ගත්තේ මම කැමති දෙයක් සහ හොඳ දෙයක් වෙනුවෙන්.

 ඔබ සුළු වශයෙන් ආරම්භ කළ ආයතනය අද මහා පරිමාණයේ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. එය හැරයාමට ඔබට දුකක් හිතුනේ නැද්ද?

අපි කාටවත් ඕනෑම දෙයක සදහටම යෙදිලා ඉන්න බැහැ. තමන් කැමති දේවල් හැරයාම කාටත් අමාරුයි. එය බුදු දහමේත් සඳහන් වෙන දෙයක්. හැබැයි එවැනි දුකක් ඇති වුණා නම් පසුගිය වසරක පමණ කාලය තුළදී මම ඒ දුක තුනී කරගත්තා. මොකද මම ඉදිරියේදී කරන්න බලා‍පොරොත්තු වෙන්නේ මට සතුටු විය හැකි දෙයක්. මාත් ඔඩෙල් ආයතනයත් අතර සම්බන්ධය ඉදිරියටත් තියෙනවා. ඒ නිසා මට ඒ ගැන කනගාටුවක් නැහැ.

 ඔබ සමග ඔබේ සහෝදරයන් දෙදෙනාත් තමන් සතුව තිබූ ඔඩෙල් සමාගමේ කොටස් විකුණා දැමුවා. ඇයි ඔවුනුත් එලෙස ඔඩෙල් හැර යාමට තීරණය කළේ?

ඔවුන් විශ්වාස කරනවා මා ගත් තීරණය නිවැරදියි කියලා. ඒ නිසයි ඔවුන් දෙදෙනාත් තමන්ගේ කොටස් විකුණා දැමුවේ.
 සොෆ්ට්ලොජික් ආයතනය විසින් ඔඩෙල් සමාගමේ කොටස් මිලදී ගැනීම පිටුපස, හැටන් නැෂනල් බැංකුවත් සිටින බව පැවසෙනවා. මොකක්ද ඒ සම්බන්ධය?
හැටන් නැෂනල් බැංකුව තමයි ඒ ගනුදෙනුවෙදී සොෆ්ට්ලොජික් සමාගමේ බැංකු සහකරු ලෙස කටයුතු කර තිබෙන්නේ.

 මේ ගනුදෙනුවෙන් පසුව ඔබ විදේශගත වීමට බලා‍පොරොත්තු වෙනවාද?

කොහෙත්ම නැහැ.

 දේශපාලනයට පිවිසෙන්න?

ඒත් නැහැ.

 ඔබ ඔඩෙල් සමාගමේ කොටස් අලෙවි කළේ තවත් දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බව ඇතමුන් පවසනවා. එය ඇත්තක්ද?

එවැනි කැමැත්තක් තියෙනවා. නමුත්, ඒ සඳහා තව කාලය තියෙනවා. බලමු ඉදිරියට මොනවාද වෙන්නේ කියලා.
 ඔබේ එම්බාර්ක් සන්නාමයෙන් යුත් ඇඟලුම් සහ භාණ්ඩ ඔඩෙල්හි විකිණීමට තිබෙනවා. ඔබ ඔඩෙල් හැර යාමෙන් ඊට බලපෑමක් එල්ලවේවිද?
නැහැ. එහි වෙනසක් වෙන්නේ නැහැ.

 එම්බාර්ක් නාමය ඉදිරියට ගෙන යාමට දැනට සැලසුම් තිබෙනවාද?

මගේ අරමුණ තමයි එම්බාර්ක්හි පණිවුඩය තවත් විශාල පිරිසක් වෙත රැගෙන යාම. ඒ සඳහා එම්බාර්ක් කණ්ඩායමත් සමග සුනඛයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට විශාල වැඩකොටසක් දිනපතා කරනවා. ඒ වගේම දැනටත් අලි සහ පරිසරය සම්බන්ධයෙනුත් විශාල වැඩකටයුතු ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. මේ වැඩපිළිවෙළවල් ඉදිරියේදී තවත් සාර්ථක ලෙස කරගෙන යාමට මම බලා‍පොරොත්තු වෙනවා. එම්බාර්ක් කියන්නේ විලාසිතා සන්නාමයක්. පාරිභෝගිකයනුත් ඊට ගොඩක් කැමතියි.

 එදා 1989 වසරේදී ඔබ ඔඩෙල් ආරම්භ කරනා විට එය කවදා හෝ මෙවැනි දියුණුවක් ලබාවි යැයි සිතුණාද?

නෑ. ඒ දවස්වල මම කරන හැම දේම කැපවීමෙන් කළා. ඒ වගේම අලුත් දේවල් පාරිභෝගිකයන්ට හඳුන්වා දෙන්න උත්සාහ කළා. මම මා ගැන නොවෙයි නිතරම අන් අය ගැන හිතුවේ. පාරිභෝගිකයන් නිතරම සතුටින් ඉන්නවා දකින්නයි මට වුවමනා කළේ. පාරිභෝගිකයන් ඔඩෙල් ආයතනයෙන් පිටවෙද්දී ඔවුන්ගේ මුහුණේ සිනහවක් තියෙනවා දකින්නයි මට ඕනෑ වුණේ. මට හොඳ කණ්ඩායමක් හිටියා. ඒ සමහරු තවමත් ඉන්නවා. ඒ අයගේ උදව් මට මේ ගමන එන්න ගොඩක් උපකාර වුණා. එක් එක් අවස්ථාවලදී මට එක් එක් ඉලක්කයන් තිබුණා. මේක සුමානයෙන් සුමානේ, මාසෙන් මාසේ, වසරින් වසර දියුණු වෙලා ආපු ගමනක් ත ඔඩෙල් මේ දක්වා පැමිණි ගමන්මගේදී ඔබ මුහුණ දුන් ලොකුම අභියෝගය මොකක්ද?

ප්‍රශ්නවලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම ඒ ඇතිවුණු ප්‍රශ්නවලින් ඉගෙන ගෙන ඊළඟ අවස්ථාවේ එවැනි ප්‍රශ්න නොවෙන්න කටයුතු කළා. ඒ ප්‍රශ්න ඒ වෙලාවට ඇතිවන දේවල් විතරයි කියලයි මම හිතුවේ. එහෙම නැතුව ඒවා ගැන දිගටම කල්පනා කළේ නැහැ.

 ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම ළඟා වූ කාන්තාවක්. ව්‍යාපාරයක දියුණුව සඳහා සිහින මවන අය සඳහා ඔබට දියහැකි උපදෙස මොකක්ද?

තමන් ගැනම සිතන්නේ නැතුව, තමන්ගේ වටපිටාවේ ඉන්න අය වගේම මුළු ලෝකයේ අයටම හොඳක් වෙන්න කියලා හිතලා වැඩකටයුතු කළොත් ඕනෑම දෙයක් සාර්ථක වෙනවා. මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ ඒ විදිහටයි.

 ඔඩෙල් සමග ගත කළ 25 වසරක කාලය ඔබට දැනෙන්නේ කොහොමද?

ඒ ගැන මම ගොඩක් සතුටට පත්වෙනවා. ඒ වගේම මේ ගමන පැමිණීමට සහය වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය