HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Mario Ananda  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

බොන ග්‍රේෂන් කියල ලේබල් කරා තාත්තට කවුරුත් වටිනාකමක් දුන්නේ නැහැ -මාරියෝ

තම පියාණන්ගේ උරුමයෙන් ගායන ලොවට පිවිසුණත් පියාගේ අන්‍යතාව හා ජනප්‍රියත්වය මතම යැපෙන්නේ නැතිව ස්වෝත්සහයෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට යන්න වෙර දරන තරුණ ගායන ශිල්පියකු ලෙස මරියෝ ආනන්ද හැඳින්විය හැකිය.

ගායකයෙක් ලෙස මෑත කාලයේ ඔබ හරිම නිහ~යිනේ?

ඊට යම් යම් හේතු තියෙනවා. මට විතරක් නෙමෙයි අපේ තාත්තටත් ඔය ප්‍රශ්න තිබුණා. වර්තමාන පරපුරේ ගොඩක් අයට මම තනියම නිර්මාණ කරලා තියෙනවා වගේම මගේ දිමුතු මුතු, මනමාලියේ, කල්පනා සහ සිත සැලූණා වැනි ගීත ඇතුළු ගීත තිහ හතළිහකට ආසන්න ප්‍රමාණයක් යම් යම් ආයතනවලටත් දීලා තියෙනවා.

නමුත් මේ කිසිම නිර්මාණයකට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. ඒවා ප්‍රචාරය කරන්න කවුරුත්

ඉදිරිපත් වුණෙත් නැහැ. ඊට හේතුව මගේ දුප්පත්කම වෙන්නත් ඇති. ඒ නිසා මේ සියල්ල රස විඳින්න වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණයි.

ඔබේ ගීත හා සංගීත ශෛලිය නූතන සංගීත රටාවෙන් වෙනස් වීම ඊට හේතුව වෙන්න බැරිද?

මම ඉහත පැවසු කරුණු ඔප්පු කිරීම සඳහා මට එකම ක්‍රමයයි තියෙන්නේ. මුලින්ම මගේ ගීත අහන්න. මගේ ශෛලිය, මගේ හැකියාව දන්න ප්‍රමාණයක් ඉන්නවා.

මේ දවස් වල විකාශය වන zගිනි අවි සහ ගිනි කෙළිz ටෙලි නාට්‍යයේ සංගීතය අහන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මගේ හැකියාව කුමන පරාසයකද තියෙන්නේ කියලා.

ඒ දේ ඇහුවට පස්සේ zමරියෝට ඇයි ඔහුගේම ගීත කර ගන්න බැරි? කියන පැනය කෙනෙකුට මතු වෙන්න පුළුවන් අන්න එතකොට තමයි දැන ගන්නේ මම සින්දු කරලා තිබුණත් ඒ සින්දු ඇහෙන්නේ නැතිකම තමයි ඊට හේතුව කියලා.

ප්‍රසංග වේදිකාවේ වුණත් දැන් ගායනා කෙරෙන්නේ මගේ එක ගීතයක් පමණයි. සාමන්‍යයෙන් චැනල් වල හිට් වුණොත් තමයි ඒ ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්න පුළුවන්. මේවා පරිපාලනමය දුර්වලකම්. ඒ අය අතර තමන්ගේ පොකට් එකට වාසි බලන පිරිසක් ඉන්නවානේ අන්න ඒ කට්ටියගේ නුගත් මානසිකත්වය මෙවැනි දේවල් වලින් හෙළි වෙනවා. නැතුව මාධ්‍යයට චෝදනා කරලා බැණලා වැඩක් නැහැ.

ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසිමේදි තවත් ග්‍රේෂන් ආනන්ද කෙනෙකු වේවි යැයි සමහරු බලාපොරොත්තු වුණා. ඔබටත් එවැනි සිහිනයක් තිඛෙනවාද?

මම කවදාවත් ග්‍රේෂන් ආනන්ද වෙන්නේ නැහැ. මම මමම වෙනවා. මරියෝ ආනන්ද කියන කෙනා
යම් කිසි ප්‍රමාණයක් අතර හෝ දැනටමත් බිහි වෙලා ඉවරයි. වේදිකාවේ දකින කට්ටිය හිතන්න පුළුවන් මම ග්‍රේෂන් ආනන්ද හා සමානව යන කෙනෙක් කියලා. නමුත් අන්තර්ජාලයෙන් මා හා සම්බන්ධ වෙලා ඉන්න අය දන්නවා මරියෝ ආනන්ද කවුද හා මම මොනවද කරන්නේ කියලා.

පැය අටකින් මට ගීතයක් ලියලා, සංගීත අධ්‍යක්ෂණය කරලා, රෙකෝඩිං කරලා වොයිසුත් කරලා දෙන්න පුළුවන්. එය මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු වරප්‍රසාදයක්. තාත්තාටත් ඒ හැකියාව තිබුණා.

ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවෙ හැකියාව තියෙන මනුස්සයෙකුට ඉදිරියට එන්න නොදීම. මොකද ඔහු ළඟ තලෙන්තු ගොඩක් තියෙද්දි ඒ මනුස්සයා පුදුමාකාර විදිහට හම්බ කරයි කියන බය හා ඊර්ශ්‍යාව. මගේ තාත්තටත් එවැනි තලෙන්තු කිහිපයක්ම තිබුණා.

නමුත් යම් යම් මිනිස්සු හැමදාම කළේ තාත්තාගේ පොකට් එකට පුංචි ගාණක් දාලා. ඔහුට ඔහුගේ වටිනාකම නොදීම. නමුත් මම මගේ තාත්තා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

මමත් පුංචි පිචං ගාණක් ගන්න ගායකයෙක් වෙයි. තාත්තාටත් එහෙම වුණා. මොකද ඔහු කිසිම දේශපාලන පක්ෂයකට රුකුලක් වුණු කෙනෙක් නොවෙයි .තමන්ගේ ආත්මය කාටවත් පාවලා දුන්නේ නැහැ. හම්බුණු සොච්චම් ගාණෙන් ජිවත් වුණු කෙනෙක්. එකයි තාත්තා මැරුණට පස්සෙත් බොන ගායකයා කියලා ලේබල් කළේ.

යම් යම් කරුණු සම්බන්ධයෙන් ඔබ ප්‍රකාශ කරන දැඩි අදහස් නිසා ඔබේ ජනප්‍රියත්වයට හානියක් වෙන්නේ නැද්ද?

වෙන්න පුළුවන්. දැනටමත් මගේ නිශ්ශබ්දතාවයට හේතුව ඔය කෙළින් කතා කිරීමයි. මේ ජිවත් වෙලා ඉන්න ටික කාලෙට රජ වෙන්න නෙවෙයි මට ඕනේ. මම අද වෙනකම් නිර්මාණ බිහි කළේ සල්ලි හම්බ කරන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඇත්තටම මේ වෙනකන් සමහර ගීතවලින් සතයක්වත් හම්බ කරලා නෑ.

මට යමක් කරන්න පුළුවන් ආශාව නිසයි ඒවා කළේ. මම සහතික කරනවා සහ අභියෝග කරනවා සියයට සියයක් නෙවේ සියයට දාහක් මගේ ගීත මාධ්‍යවල ප්‍රචාරය නොවුණත් දවසක ඒ ගීත ප්‍රචාරය වෙනව විදිහක් තියෙයි. තවත් සමහරු කැමැති නෑ ග්‍රේෂන් ආනන්දගේ පුතා තනියම සින්දු හදාගෙන ගායනා කරනවා යැයි කියන්න. ඒ නිසා එයාල මගේ සින්දු අහලා නිහ~ව ඉන්නවා.

ඔබ රංගනයෙන් දායක වුණු ශ්වේත කුසුමට මොකද වුණේ?

ඒකටත් ලොකු ලොකු අභියෝග ගොඩක් ආවා. නමුත් දැන් එක්තරා මාධ්‍ය නාළිකාවක් ප්‍රදර්ශනයට පොරොන්දු වෙලා තියෙනවා. ඉදිරියේදී එය දැක ගන්න පුළුවන් වෙයි.

මේ සිදුවන කෙනෙහිලි කම් අසාධාරණකම් වලදි ඔබේ පෙම්වතියගෙන් ලැඛෙන සහයෝගය කොහොමද?

මේ සම්බන්ධතාව තවම අපේ දෙමාපිය පාර්ශ්වය අතර කතාබහ කරලා තීරණයක් ගෙන තියෙනවා. දවසක අපේ අධ්‍යාපනය කටයුතු ඉවර කරලා ඉන්න තැනක් හරියට පිළිවෙළක් කරගත්ත දවසට එයත් එක්ක ජීවත් වෙන්න කැමැතියි.

ඔබ අලූත් වැඩකට අත ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නේද?

ඒක සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ වැඩක්. ඊට අමතරව මගේ ඉංග්‍රීසි ගීත දෙකකුයි සිංහල ගීතයකුයි මමම රූප රචනය කරන්න බලාපොරොත්තු වෙනවා.

ටානියා මෝසස්

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය