HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Maheshi Madhushanka  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මහේෂි ‘මනාලිය’ වූ වගයි...

මහේෂි මධුශංකා මේ දිනවල අපට හමුවන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා රාත‍්‍රී 7.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ෆේස්බුක් සහ සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත‍්‍රී 9.30 ට සිරසේ විකාශය කෙරෙන මුතු නාට්‍ය සමගයි. මේ විදියට හමුවන මහේෂි පසුගිය දවසක මනාලියක ලෙස හැඩ වුණා. මේ විදියට ඇය මනාලියක ලෙස හැඩ වුණේ විවාහ ගිවිස ගැනීමට කියලයි සමහරු විශ්වාස කළේ. ඇත්තටම මහේෂි විවාහ වුණාද? ඇයට කැන්ඩියන් හෙවත් උඩරට මනාලියක විදියට හැඩවෙන්න හිතුණේ ඇයි?

 මහේෂි මොකද මේ මනාලියක වෙලා?

මම රංගන ක්‍ෂේත‍්‍රයට ඇවිත් වසර දෙකකට විතර පසුව තමයි මේ විදියට හැඩ වුණේ. චම්පි සිරිවර්ධන රූපලාවන්‍ය ශිල්පිනියගේ ආරාධනයකට අනුව තමයි ඒ විදියට හැඩවුණේ.

හැබැයි සමහරු කතා වුණේ ඔබ හොර රහසේම විවාහ වුණා කියලයි. එහෙම නේද?

එහෙම හොර රහසේ හරි විවාහ වුණා නම් මහත්තයා ඉන්න එපැයි. මෙතැන ඉන්නෙ මම විතරනෙ. අනෙක මම උපන්නෙ 1992 ඔක්තෝබර් 27 වැනිදා. ඉතින් බලන්න මට විවාහ වෙන්න තව කොච්චර කල් තියෙනවද. මේක මනාලියන් දැක්මක් වෙනුවෙන් කළ නිර්මාණයක්.

ඇයි ඔබට ඒකට හිත ගියේ?

මම නුවර කෙනෙක්. උඩරට විදියට හැඩ වෙන්න ආසාවක් තිබුණා. මාල හත දාලා ඇඳලා ඒ හැඩ බලන්න  ඕනෑ වුණා. මගේ ඒ ආසාව වගේම එක අතකට මෙය විවාහයට පෙර කළ පෙර සූදානමක් වගේ දෙයක් වුණා.

ඒ කියන්නෙ මනාලයා තෝරා ගෙන ඉවරයි කියලද?

නැහැ. තවම නැහැ. ඒක එහෙම එකවර තෝරා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. වාහනයක් නිවසක් මාරු කරන්න පුළුවනි. නමුත් විවාහයක් කියන්නෙ එහෙම දෙයක් නොවෙයි. ඒ හැරත් රඟපාන අය ගැන ලංකාවේ තියෙන්නෙ හරි වෙනස් ආකල්පනෙ. සමහර වෙලාවට ඍණ ආකල්පයේ අදහස්නෙ. ඒ නිසා ඇත්තටම විවාහයට හරිම කෙනා ගලපා ගන්න  ඕනෑ. දෛවය මොන විදියට සරදම් කරාවිද දන්නෙ නැහැ. ඒත් මම නිදහසක් ලැබුණු විගස යන්නෙ බෙල්ලන්විල පන්සලටයි. පංසලට ගිහිල්ලා බුදුන් වැඳලා අනාගත දේ ගැන ප‍්‍රාර්ථනා කරන්නෙ හොඳ කලා ජීවිතයක් වගේම හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියලයි.

 හිත ගිය මනාලයෙක් නැද්ද?

අපි මනුස්සයොනෙ. අපට හිත යන බව ඇත්ත. ඒත් හිතගිය කෙනා ඇසුරු කරද්දි තමයි සැබෑ ස්වරූපය පෙනෙන්නෙ. ඒ නිසා මේ ගැන මම වඩා සැලකිලිමත් වෙනවා. අපේ දුරකථන අංක සොයාගෙන යෝජනා නම් ගොඩක් එනවා. නමුත් හරි කෙනා තෝරා ගැනීම හරිම අමාරුයි වගේම හරි වෙලාවට වේවි. 

ක්‍ෂේත‍්‍රයේ තරුණ නළුවන් ඔබ ගැන උනන්දු වෙන බව ආරංචියි?

ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් සමග විවාහයක් වන එකක් නැහැ. ඒකට හේතුව ඒ අය නරකයි කියන එක නොවෙයි. රංගන ශිල්පීන් හරිම හොඳයි.
නමුත් කාර්ය බහුලයි. සැමියා-බිරිඳ දෙදෙනාම කාර්ය බහුලවූ ජීවිතයකට මම පුද්ගලිකව අකමැතියි. ඉවසීම කියන දේ තිබේ නම් ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ඉවසීම තවම මම ප‍්‍රගුණ කරලා නැහැ.

ඔබ එහෙම කිව්වට රංගන ක්‍ෂේත‍්‍රයේ විවාහ වූ අය පසුගිය කාලයේදී අප දුටුවා. එහෙම නේද?

ඔව්. ඒක තමයි මම කියන්නෙ ඒකට හොඳ අවබෝධයක් තියෙන්න  ඕනෑ. විශ්වාසය තමයි විවාහයේ පදනම. මම මගේ පුද්ගලික කැමැත්ත ගැනයි කිව්වෙ.

ඔබගෙ කැමැත්ත මොන වගේ රැුකියාවක් කරන කෙනෙකුටද?

ලූණුයි බතුයි කමුකො රත්තරං න්‍යායේ මම නැහැ. ක්‍ෂේත‍්‍රය මොකක්ද කියලා හරියටම කියන්නත් බැහැ. කතා බහ කරනකොට තමයි හරි පුද්ගලයා දැන ගන්න පුළුවන් වෙන්නෙ. කෙනෙක් කෙනෙකුට ආදරය කරනවා නම් මොන තරම් කාර්ය බහුල වුණත් මොන තරම් වැඩ තිබුණත් අඩු තරමින් කෙටි පණිවිඩයක් හරි යවන්න  ඕනෑ. එහෙම නැතිව බාහිරව කරන ලෝකයට පෙනෙන්නට කරන ආදරයට මම කැමැති නැහැ.

ඔබ ඔහොම කියන්නෙ ඔබට එපා වෙච්ච පේ‍්‍රමයක් තිබුණද?

දරාගත නොහැකි තරමට මම ආදරය කරලා නැහැ. පේ‍්‍රම සම්බන්ධය පටන් ගන්න පෙර කෑවද බිව්වද ඔය වගේ ඔක්කෝම අහනවා. හැබැයි පේ‍්‍රමය පටන් ගත්තාම ඔය මොනවත් නැහැ. පිරිමින්ගෙ හැටි එහෙම වෙන්න ඇති. දෙයක් ලැබුණට පස්සෙ අගයක් නැහැ. ලැබෙනවා නම් තමයි ඔක්කොම උත්සාහ කරන්නෙ. කොහොම වුනත් මේ වන විට නම් මට පේ‍්‍රමයක් නැහැ. අතිශයින්ම ආදරය කරන පේ‍්‍රමයක් ගැන මට දැනිලත් නැහැ.

 ඔබ නිතරම මළ ගෙවල්, මගුල් ගෙවල් වගේම ආරාධනා ලැබෙන සෑම දෙයකටම මොන වැඩ තිබුණත් සහභාගි වෙන්නෙ අනාගත දේශපාලන අරමුණක් ඇතිවද?

දේශපාලනය කියන්නෙ කොච්චර උතුම් දෙයක්ද? ඒත් ඊටත් වඩා උතුම් තැනකයි මම ඉන්නෙ. සමාජයේ  ඕනෑම මට්ටමකට කලාව වෙතින් දිය හැකි වින්දනය ඉහළයි. දේශපාලනය කියන දේ අද අතිශයින්ම සරල වෙලා.  ඕනෑම කෙනෙකුට එතැනට ගිය හැකි තත්ත්වයට පත්වෙලා. නමුත් ජනතාව ඡුන්දය දෙන්නෙ අතිශයින්ම ගරුත්වයක් ඇතිව සමාජ යහපත උදෙසා යමක් කරාවි යන අදහස ඇතිවයි. එහෙම ගෞරවණීය සේවයක් කරන්න නම් දේශපාලනය ගැන දැනගෙන එතැනට එන්න  ඕනෑ. මම දේශපාලනය දන්නෙ නැහැ. ඒ හැරත් සමාජ සේවය කරන්න දේශපාලනය කරන්නට  ඕනෙ නැහැ. මේ පවතින විදියෙ දේශපාලනය කරන්න මට බලයකුත් නැහැ.


 

 

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය