HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Chilie Thilanka tells about Parapura Film Cutouts  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

‘පරපුර’ චිත්‍රපටයේ කට්අවුට්වලින් මගේ රූපය අයින් වුණේ ‘කැපිල්ලක්’ හින්දයි

වර්තමාන පරපුරේ ජනප්‍රිය ගායකයකු වන චිලී ටෙලි නාට්‍යය තුළින් රංගනයටද පිවිසුණි. අද වනවිට ඔහු සිනමා රංගනයට ද පිවිස සිටියි. චිලීගේ ප්‍රථම සිනමා රංගනය පරපුර චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. චිලීගේ නවතම ගීත රූප රචනාව ද මේ දිනවල විකාශය වේ. මේ නිසාම අද වන විට ඔහුට විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ප්‍රතිචාර ලැඛෙමින් පවතියි. පසුගිය දිනක අපි චිලීව කතාබහකට එක්කර ගත්තෙමු. ඒ චිලීගේ කලා දිවිය ගැන සේම පෞද්ගලික දිවිය ගැන ද විමසා බැලීමටය.

මේ දවස්වල රසික ප්‍රතිචාර වැඩිපුර ලැඛෙනවා ඇති.

ඇත්තටම ඔව්. සජිත් චතුරංග ලියපු හේෂාන් පෙරේරා සංගීතවත් කරපු මමයි රෝසියි ගායනා කළ ඔබගෙන් තරම් ගීතයට ප්‍රසාද් කළේ වෙනස්ම රූප රචනාවක්. ඒකේ මාත් එක්ක රගපාන්නේ විනූ. ඒ වගේම ක්ලීටස් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ පරපුර චිත්‍රපටයේ මම රගපාන්නේ සංගීතයට ලැදි තරුණයෙකුගේ චරිතයක්. මේ දෙකටම ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැඛෙනවා.

එහෙම නම් මේක චිලීගෙ ජීවිතයේ සතුටුදායකම කාලය. ඒත් පසුගිය දවසක එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් චිලී අදහස් දක්වලා තිබුණේ ලොකු කලකිරීමෙන්

ඒකට හේතුව ‘පරපුර’ චිත්‍රපටයේ කිසිම ප්‍රචාරක පුවරුවක මගේ ඡායාරූපය ඇතුළත් නොවීම.

ඒ ගැන ඇයි කලකිරීමට පත්වන්නේ

මම චිත්‍රපටයේ ප්‍රධානම චරිතයක් රගපානවා. චිත්‍රපටයට සම්බන්ධ උප ප්‍රධාන චරිත රගපාන නළු නිළියන්ගේ පවා ඡායාරූප එහි ඇතුළත්. මගේ පමණක් ඡායාරූප ඇතුළත් නොවීම නිසයි මා කනගාටු වුණේ.

චිලී හිතන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවද ......?

පැහැදිලිවම ඔව්. මේක කැපිල්ලක් තමයි.

කවුද ඒ කැපිල්ලට සම්බන්ධ ....?

චිත්‍රපටයේ ප්‍රචාරණයට සම්බන්ධ අයකු විය යුතුයි.

මොකක්ද එවැන්නක් කරන්නට හේතුව.......?

අපි සමහර වෙලාවට නාඳුනන අයට ප්‍රිය කරනවා. ඒ වගේම අප්‍රිය කරනවා. ඒත් ඇසුරු කරලා බලද්දී නරක ප්‍රතිරූප මවාගෙන හිටි අය හොඳ වෙන ඒ වගේම හොඳ ප්‍රතිරූප
මවාගෙන හිටි අය නරක වන අවස්ථා තියෙනවා. මාව අඳුනන්නේ නැතිව මා ගැන යම් යම් වැරදි වැටහීම් මවාගෙන හිටි අය සමහර විට හිතන්න ඇති අපි මොකටද චිලීව පුම්බන්නේ කියලා. ඒත් දැන් ඒ වැරදි වැටහීම් ඉවරයි. මගේ රූපය ප්‍රචාරක පුවරුවලට යෙදීම චිත්‍රපටයට අවාසියක් ‍නෙවෙයි. වාණිජ වශයෙන් වාසියක් කියන එක චිත්‍රපටය තිරගත වූ පසු වැටහෙන්නට ඇති. දැන් පරපුර චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුවලට මගේ ඡායාරූපය තියෙනවා.

මුලදී ඔබ ඔය කරුණ ගැන වගකිවයුතු අයගෙන් විමසුවේ නැද්ද...?

විමසුවා ...... ඒත් මගේ ඡායාරූප නොදැමීම චිත්‍රපටයට සම්බන්ධ වගකිවයුතු අංශ ගත්තු තීරණයක් ‍නෙවෙයි කියලා තමයි ඒ වෙලාවෙදී ඒ අයටත් ඒ ගැන හරියට වැටහුණේ මම මතක් කළාමයි. කොහොම හරි දැන් ඒ වරද නිවැරදි වෙලා.

පරපුර චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුවල ඔබේ ඡායාරූපය ඇතුළත් නොවීම පිටුපස චිත්‍රපටයේ රගපෑ නළුවකු සිටින බවට සැකයක් චිලීගේ යම් යම් ප්‍රකාශවලින් වැටහුණා.

මේ සිද්ධියට නළුවකු සම්බන්ධයිද කියලා සමහරු මට දුරකථනයෙන් කතාකරලා ඇහුවා. නමුත් මට කිසිම නළුවෙකුගෙන් කැපිල්ලක් ඇවිත් නැහැ.

ඔබේ ප්‍රථම චිත්‍රපටය පරපුර රූගත කරන කාලයේදී සෙසු නළු නිළියන්ගෙන් සහයෝගය ලැබුණාද....?

හැමෝගෙන්ම ලොකු සහයක් ලැබුණා. මේ චිත්‍රපටය අයියලා මල්ලිලා තුන් දෙනෙකුගේ කතාවක්. අයියගේ චරිතය රගපාන්නේ රන්ජන් රාමනායක. මම දෙවැනියා. මල්ලී විදියට නවක නළුවෙක් රගපානවා. රන්ජන් අයියා මට කවදත් ගොඩක් හිතවත් කෙනෙක්නේ. රූගත කිරීම් කාලය හරිම සතුටින් ගෙවිලා ගියා.

පසුගිය කාලයේදී ඉතාලි සංචාරයකදී චිලී අපේ ජනප්‍රිය තරුණ නිළියක් සමග නර්තනයේ යෙදුණු මොහොතේ නර්තනය අතර ඇගේ දෙතොල සිප ගැනීමක් සිදුකළ බවට ලොකු කතා බහක් ඇති වුණා.

ඒ ගැන මම මාධ්‍යය තුළින් කතා කළානේ.

ඒත් එවැනි සිදුවීමක් සිදුවුණේ නැහැ කියලා ඔබ සෘජුවම ප්‍රකාශ කළෙත් නැහැ නේද......?

එවැනි සිදුවීමක් සිදුවුණා කියලාත් මම ප්‍රකාශ කළෙත් නැහැනේ ....

හැබැයි චිලීගෙ ප්‍රකාශවලින් ඇතැම් අයට වැටහුණේ හැබෑවටම ඔබ නර්තනය අතරතුර ඒ දේ සිදුවුණු බවයි.

කැමති කෙනෙක් කැමති දෙයක් හිතාගත්තට මට ප්‍රශ්නයක් නැහැ. මං ඒ ගැන වැඩිය හිතන්නේ නෑ.

එතකොට ඒ නිළියට ......?

මම හිතන්නේ එයත් ඒ ප්‍රශ්නේ ගැන මහ ලොකුවට හිතන්නේ නැහැ කියලයි. කොහේවත් ඉන්න අයනේ පුංචි සිදුවීමක් අනවශ්‍ය විදිහට හුවා දක්වලා කෙන්ද, කන්ද කරන්න හදන්නේ.

ඔබේ පෙම්වතියටත් ඒ සිද්ධිය සුළු දෙයක්ද ......?

ඔය කියන සිද්ධිය ඇත්තක් ‍නෙවෙයි, අනික ඇත්තක් වුණත් ඕක සිද්ධ වුණා කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවක මිසක් හොර රහසේ ‍නෙවෙයිනේ. අනික ඔය වගේ දේවල් සුළු දේවල් මහ ලොකුවට හිතන පෙම්වතියෝ හිටියේ දහනව වෙනි සියවසේ විතර. නමුත් මගේ පෙම්වතිය ළග එහෙම යල්පැනපු අදහස් නැහැ.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය