HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Chat With Dinakshie Priyasad  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

ඔය කියන තරම් විසයක් මට නැහැ

ඩිනක්ෂි ප්‍රියසාද්

සමාධි අහිංසක දැරියකි. කාගෙවත් පිළිසරණක් හව්හරණක් නොමැතිව හැදී වැඩෙන නිසාවෙන් සමාජය ඇයව හැඳින්වූයේ අනාථ දැරියක ලෙසිනි. සමාධි නම් වූ මේ ප්‍රියමනාප දැරිය අපට හමුවන්නේ මේ දිනවල විකාශය වන රෑන ටෙලි නාට්‍යයෙනි. මේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි ඩිනක්ෂි ප්‍රියසාද් ය.

ඩිනක්ෂි, මෙතෙක් කරපු චරිත ගැන ඔබ තෘප්තිමත්ද?

මම කරපු හැම චරිතයකටම වගේ මම කැමැතියි. ~පියවි~ ටෙලි නාට්‍යයේ මගේ චරිතයට මම හිතන්නෙත් නැති පිරිස අතර පවා කතා බහට ලක් වුණා. මෑතකදී මං අලුත් චිත්‍රපටයකට දායක වුණා. එහි රගපාපු චරිතයටත් මම ගොඩක් කැමැතියි.ඉතින් කියමුකො බලන්න ඒ චිත්‍රපටයේ තොරතුරු ටිකක්?

එය චන්ද්‍රම් රත්නම් මහතාගේ නවතම ජාත්‍යන්තර නිෂ්පාදනයක්. ගොඩක් ලස්සන ආදර කතාවක්

ඔබ කවදාවත් සිනමාවට සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා කලින් කියලා තිබුණානේ ?

මම එහෙම කියලා තිබුණේ නැහැ. නංගි නම් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තිබුණා. මට වැඩිපුර අවස්ථාව ලැබුණේ ටෙලි නාට්‍යවලට. චිත්‍රපට කිහිපයකට දායක වුණත් ප්‍රධාන චරිතය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ තමයි මම ප්‍රධාන චරිතය කරන පළමු චිත්‍රපටිය.

කෙළිලොල් චරිතවලින් ඔබ්බට යන්න අදහසක් නැද්ද?

මමත් කැමැති වෙනස් චරිත කරන්න. නමුත් මට ගොඩක් ලැඛෙන්නේ ඒ වගේ චරිතනේ. ඒ චරිත පවා බොහොමයක් තෝරා බේරාගෙනයි කරන්නේ. ඉදිරියෙදි විකාශය වීමට නියමිත
නාට්‍ය කිහිපයක් තියෙනවා. ඒ චරිත නම් ටිකක් වෙනස්.

ඔබ හිතන විදිහට පුංචි තිරයේ ඔබට වඩාත් ගැළපෙන පෙම්වතා කවුද?

එහෙම හිතන්න බැහැ. මට ඕනෑම රංගන ශිල්පියෙක් එක්ක රගපෑමේ ගැටලුවක් නැහැ. විවිධ වු අය එක්ක මෙතෙක් මම රගපාලා තියෙන නිසා විශේෂයෙන් කෙනෙක්ව නම් කරන්න බැහැ.

විවේකයක් ලැබුණම අක්කලා නංගිලා එකතු වෙලා වැඩිපුරම කරන දෙයක් තියෙනවාලු නේද?

දැන් නම් තුන්දෙනාටම එකට එකතු වෙන්න වෙලාවක් නැහැ. හැමෝම කාර්යබහුලයි නේ. පොඩි නංගි ගෙදර ඉන්න නිසා එයා එක්ක තමයි මම ගොඩක් එකතු. ඉතින් අපිට විවේකයක් ලැබුණහම ගොඩක් වෙලාවට ෆිල්ම්ස් බලනවා. එක දිගට ෆිල්ම්ස් දෙක තුන බලනවා. මේ දවස් වල අම්මට වැඩියෙන් උදව් කරන්නේත් පොඩි නංගි. අම්මිත් අපිට කියලා ගෙදර වැඩ කර ගන්න ලොකුවට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මම නම් විවේකයක් ලැබුණහම පොත් කියවනවා.

තුන් දෙනා ගෙන් වැඩිපුර දගකාරකම් කරන්නේ කවුද කියලා මම ඇහුවෝත්?

චූටි නංගී ශනුද්‍රි තමයි. එයා කරන වැඩ ඉතින් මොනව හරි අවුලක් තමයි.

එතකොට වැඩියෙන්ම කටකාර?

ඒත් ඉතින් පොඩි නංගිම තමයි. කතා කරන්න ඕන අවශ්‍ය තැනේදි මම කතා කරනවා. ඒ හැරුණම මම වැඩිය කතා කරන්නේ නැහැ. පොඩි නංගි එහෙම නෙමෙයි හැම වෙලේම කච කච ගගා මොනවම හරි කියවනවා.

ඩිනක්ෂි ඔහොම කිව්වට එක විදිහට විනාඩි පහක් වත් ඉන්න බැහැයි කියලයි අපි නම් අහලා තියෙන්නේ?

හානේ... එහෙම කියනවාද... මම කොහේ හරි ගියාහම සාමාන්‍යයෙන් හැමෝත් එක්කම එකතුයි. විනෝදෙන් ඉන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ වෙලාවට ඒ හැරුණහම ඔය කියන තරම් විසයක් නැහැ.

විලාසිතා වලදි ඔය තුන් දෙනා අතර තරගකාරීත්වයක් තියෙනවාද?

වැඩියෙන්ම විලාසිතා කරන්නේ පොඩි නංගි. එයාගෙන් තමයි මමත් විලාසිතා ගැන ගොඩක් ඉගෙන ගන්නේ. මට සුදුසු ඇඳුම් පවා මං එයාගෙන් අහනවා. ඇඳුමක් ගත්තත් තුන්දෙනාම මාරුවෙන් මාරුවට ඛෙදා හදාගෙන අඳිනවා. එහෙම හදිස්සියට ඛෙදා හදා ගෙන අඳින්න පුළුවන් කම වාසියක්. අම්මි ගොඩක් වෙලාවට අපේ ඇඳුම් හදලා දෙන නිසා ඇඳුම්වලට අපි වියදම් කරන්නෙත් නැහැ..

ඔය කිව්වට ඇදුම් නිසා දෙන්නා තුන්දෙනා පැටළුනු අවස්ථාත් ඇති?

අපෝ මොකද නැත්තේ. රණ්ඩු නම් වෙනවා. සමහර වෙලාවට තුන්දෙනාටම එකම ඇඳුම එකම වෙලාවේ අඳින්න ඕනේ වෙනවානේ. එතකොට නම් පොඩි හරි රණ්ඩුවක් අනිවාර්යයි.

කාමරේ සගයා නැති පාළුව දැන් මග හැරිලාද?

දැන් මම ගෙදර ඉන්න වෙලාව ගොඩක් අඩුයි. අනික පොඩි නංගි ඉන්නවානේ. එයා නිදා ගන්නකම් මා එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ලොකු තනිකමක් දැන් දැනෙන්නේ නැහැ.

ඔබේ හොඳම විවේචකයා කවුද?

මගේ පවුල හැරුණහම මගේ රසිකයන් ගෙන තමයි වැඩිපුර අදහස් ලැඛෙන්නේ.

ඔබේ රංගනය ගැන නංගිලා මොකද කියන්නේ?

මම දායක වෙන නිර්මාණ පොඩි නංගි ගොඩක් බලනවා. එයා හරිම කැමැති මම රගපාපු නාට්‍ය බලන්න. ඒවා බලලා අඩුවක් නැතුව මගේ හොඳ නරකත් කියනවා.

ඒ දෙන්නා ගැන ඔබේ අදහස?

ඒ දෙන්නම මට වැඩිය හැම අතින්ම දක්ෂයි.

නංගි නම් එකලාසයක් වුණා. අක්කා එකලාසයක් වෙන්නේ කවදාද කියලත් දැන් හැමෝම අහනවා ඇතියි?

අහනවා නමුත් මට තාම එහෙම අදහස් ඔළුවට ඇවිත් නැහැ. තව ගොඩක් වැඩ කටයුතු තියෙනවා කරන්න. ඒ දේවල් ඉවර වුණහම කල්පනා කරලා බලන්න ඕනේ. මට ඉතින් තව වයස තියෙනවනේ.

දැන්ම එකලාසයක් නොවුණට එකලාසයක් වෙන්න කෙනෙක් නම් ඉන්නවා කියලයි ආරංචියි?

ඒක බොරු කතාවක්. එක එක කාලෙට සමහර අය කියන කතානේ. ඒ නිසා ගැන වැඩි අදහසක් දක්වන්නත් වුවමනාවක් නැහැ.

ටානියා මෝසස්

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය