HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

චන්දි තමයි මගෙ පස්සෙන් ආවේ - සමන් දිසානායක  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

ශ්‍රී ලංකා කලා සංවිධානයේ සභාපති සමන් දිසානායක හා නාලක වෙදමුල්ලගේ බිරිය චන්දි රණතුංග අතර පසුගියදා ඇතිවූවායැයි කියූ ආන්දෝලනාත්මක සිදුවීම ගැන සති අන්ත මව්බිම පුවත්පතට පසුගිය සතියේ චන්දි රණතුංග කතා කර තිබුණ අතර අද එයට පිළිතුරු ලෙස සමන් දිසානායක සාකච්ඡාවක් ලබාදී තිඛෙනවා.
පහත පළවන්නේ එයයි.
චන්දි මේ ගැන පසුගිය සතියේ කියූ දේවල් මෙම ලිපිය අවසානයේ යොමුවෙන් කියවන්න.
සමන් දිසානායක කථා කළ දේ මෙසේය.
චන්දි ඔබට කරන චෝදනාව බරපතළයි සමන්...?
ඇත්ත හුඟාක් බරපතළයි. ඒ විතරක් නෙවෙයි ඒක මගේ නමට, චරිතයට කරන ලොකු හානියක්.

දැන් ඔයා කියන්න හදන්නේ කරපු චෝදනා බොරු කියලද?
බොරු නම් කියන්නේ ඒවා බොරු නොකියා වෙන මොනවා කියන්නද? හැබැයි ඇය නඟපු හැම චෝදනාවක්ම අමූලික බොරු කියලා ඔප්පු කරන්න මගේ ළඟ සාක්ෂි තියෙනවා. දැනටමත් ඒ සාක්ෂි මම ඒ පිළිබඳ නීතියෙන් කටයුතු කරන නිලධාරීන්ට භාර දීලයි තියෙන්නේ.


අගෝස්තු 19 වැනිදා සිද්ධිය ගැන මුලින්ම කතා කරමුකෝ. ඔබ චන්දිව පැහැර ගත්තායි කියන චෝදනාව මොකක්ද?
පැහැර ගත්තේ නෑ... ඇය මාත් එක්කම ඇවිත් මගේ වාහනේ පිටිපස්සෙ සීට් එකට නැග්ගා. ඒක පැහැර ගැනීමක් වෙන්නෙ කොහොමද?

එහෙනම් ඔබ ඇයව හඹාගෙන ඇවිත් නාවින්න සිල්වරීඩ් එක අසලදී වාහනේ ඉස්සරහ අසුනට බලහත්කාරයෙන් නංවා ගත්තා කියන කතාව බොරුද?
මොන බොරුවක්ද, එදා උදේ ඉඳන්ම ඇය මට ජචතත කළා. මමද ඇයට කතා කළේ ඇයද මට කතා කළේ කියල මගේ නඩධදඥ එකේ ඩීටේල් බිල් එක චෙක් කරල බලන්න පුළුවන්. මගේ පිටිපස්සෙ හඹාගෙන ඇවිත් සිල්වරීඩ් එක ළඟදි මාව අල්ලාගෙන එතැන කලබලයක් ඇති කරන්නයි ඇය හැදුවේ. අහල පහළ අය හිනස්සන්න බැරි නිසයි මම ආපහු වාහනේ ළඟට ආවේ. මාත් එක්කම ඇවිත් බලහත්කාරෙන් පිටිපස්සෙ සීට් එකට නැග්ගේ ඇයමයි. මගේ වෙලාවට ඒ අසල තිබුණු ඛ්ඛ්ඊඍ කැමරාවල ඒ සිද්ධිය අපූරුවට සටහන් වෙලා තියෙනවා. අනෙක් එක පැලවත්තෙදි පොලිස් නිලධාරීන් 5 දෙනකුටවත් ජීප් එකට නග්ගා ගන්න බැරි වුණ ඇයව තනි මම බලහත්කාරයෙන් නග්ගා ගන්නේ කොහොමද?


එළිපහළියේ විසදාගන්න බැරි කාර් එකට නැඟලා විසදා ගන්න හදපු ඔය දෙන්නා අතර තිබුණු ප්‍රශ්නෙ මොකක්ද?

මට ප්‍රශ්නයක් තිබුණෙ නෑ... ඇයටයි ප්‍රශ්නෙ තිබුණේ... ඇයටයි මාත් එක්ක කතා කරන්න ඕනෑ කිව්වේ...

මොකක්ද ඇයට තිබුණ ප්‍රශ්නේ...?
ඇයට මාත් එක්ක ජීවත් වෙන්න ඕනෑලූ. මම නැතිව ජීවත් වෙන්න බැරිලූ. මට ආදරෙයිලූ. ඒ වෙලාවෙම මගේ බිරියට කතා කරලා ඇයත් එක්ක යනවා කියන්නලූ. ඇයත් දරුවා දාලා මාත් එක්ක ජීවත් වෙන්න එනවලූ.


ඇය කියන විදියට ඔබයි ඇයට ඒ යෝජනාව කරලා තියෙන්නේ...?
මම විවාහකයෙක්. දරුවො දෙන්නෙක් ඉන්නවා. අපි බොහොම සාමකාමීව පවුල් ජීවිතයක් ගත කරනවා. මට ඇයට ඒ වගේ යෝජනාවක් කරන්න අවශ්‍ය නෑ. එදා හිටිහැටියේ නෙවෙයි ඇය ඔය යෝජනාව කළේ. මේ අවුරුද්දෙ මුල ඉඳන්ම ඇය ඔය යෝජනාව කරනවා. එදා ඒ සිද්ධිය වෙලාවෙත් අපේ කලා සංසදයේ අය පොලිසියෙ නිලධාරීන් ඉස්සරහත් ඇය මට ආදරෙයි, මාව ඕනෑ කිව්වා. ඇය ඒ විදියට මට බලපෑම් කරපු බවට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා.

නාලක ජීවත්වෙලා ඉන්නවිටත් ඔබ ඇයගේ පස්සෙන් ගියාලූ ජනාධිපති කාර්යාලෙදිත් ඇයට බලහත්කාරකමක් කරන්න හැදුවාලූ...?
නාලක ජීවත්වෙලා ඉන්නකොටත් මගේ පස්සෙන් ආවෙ ඇයමයි. ඇගේ මේ වැඩ නිසා නාලකයි ඇයයි අතර නිතරම ප්‍රශ්න ඇති වුණා. නාලකට හොරෙන් මගේ කාර්යාලයට ඇවිත් හිටපු දවසක ඇයව හොයාගෙන ඇවිත් නාලක ලිෆ්ට් එක ළඟදි ගහලා තිබුණා. ඒක දැකපු අපේ නිලධාරීන් හිටිය. පස්සෙ දෙන්නම ඇවිත් වෙච්ච දේට මගෙන් සමාව ගත්තා.


සමන් ඇයව හඳුනා ගන්නේ කොහොමද?
මම ජනාධිපති කාර්යාලයේ සංස්කෘතික හා කලා කටයුතු අංශයේ වැඩ කරනවිට ඇය හිටියේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ. මුලින්ම රාජකාරි මට්ටමින් තමයි මම ඇයව හඳුනා ගත්තේ. පස්සේ ඇය දිගින් දිගටම කතා කළා. සමහර දවසට ජචතත 50ක් විතර ගන්නවා.

මොකටද කතා කරන්නේ...?
එක එක හේතු හදා ගන්නවා. මුලින්ම ඇයට ඕනෑ වුණා අපේ කාර්යාලයේ වැඩවලට සම්බන්ධ වෙන්න. ඒ සංගීතය පිළිබඳ දැනුම, හැකියාව තියෙන නිසා. නාලකත් මට ඇයව සම්බන්ධකර ගන්න කියපු අවස්ථා තිබුණා. ඒ ඉල්ලීම් නිසා 2012 හක්මන පොසොන් කලාපයට ඒ දෙන්නව සම්බන්ධ කර ගත්තා. එහි පින්තූර ගන්නේ නාලක. කලාපය සහාය සංස්කරණය කළේ චන්දි. ඒ වැඩේට දෙන්නම මගේ වාහනෙන් හක්මන යන්නේ ජනාධිපති කාර්යාලයේදී වෙච්ච සිද්ධියට පස්සේ. මං ගැන ප්‍රශ්නයක් තිබුණා නම් ඇයි දෙන්නම මාත් එක්ක ගියේ.


ඒ කියන්නේ හිතවත්කමක් තිබිලා තියෙනවා?
හිතවත්කමක් නොතිබුණේ නෑ... හොඳ හිතවත්කමක් තිබුණා... ඒ නිසා මම ඕනෑ තරම් දෙන්නටම උදවු කරලා තියෙනවා.

උදවු කළේ හිතේ වෙන දෙයක් තියාගෙනද?
එහෙනම් මෙච්චර ප්‍රශ්න දුරදිග යන්නෙ නෑනේ. ඇය කරපු අභූත චෝදනාවක් නිසා මට එක රැකියාවක් අහිමි වුණා. මගේ පවුල තුළ ප්‍රශ්න හදන්න උත්සාහ ගත්තා. ඇගෙන් බේරෙන්න ගෙවල් මාරු කරන්න වුණා... සමහර අවස්ථාවල මහ පාරෙත් ලැජ්ජා වෙන්න සිද්ධ වුණා. බිරියගේ, දරුවන්ගේ පාසලට, පන්සලට, ග්‍රාමසේවකට, අහල පහළ මිනිසුන්ට මං ස්ත්‍රී දූෂකයෙක් කියලා චෝදනා කරලා පෙත්සම් ගැහුවා. මෙච්චර දේවල් කරලත් ඉවසාගෙන හිටියේ මනුස්සකමට, නීතිය ඉදිරියට යන්නෙ නැතිව ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න.


ඔබ මීට කලින් වතාවකුත් ඇයව පැහැර ගත්තාලූ...?
ඔය කියන දවසේ රාජකාරි කටයුත්තකට යන්න ඇය බොරැල්ල හන්දියෙන් මගේ වාහනයට නැග්ගා... නැඟපු වෙලාවෙ ඉඳන් බහිනකන්ම දිග ජචතත එකක හිටියේ... ඔහොම කතා කරන එක කැතයි නංගි කියලා මම බහින්න හදනකොට කිව්වා. එහෙම කිව්වා කියලා තරහවෙලා අපි කළොත් තමයි වැරැදි කියලා වාහනෙන් බැහැලා දුවගෙන ගියා... ඊට පස්සේ තලංගම පොලිසියේ මම පැහැර ගත්තා කියලා පැමි‚ලි කළා. මම පොලිසියට ගිහින් මගේ නිදහසට කරුණු කිව්වා. ඊට පස්සේ තමයි වෙබ් අඩවියක ඔය චෝදනාව කරලා මඩ ගැහුවේ... ව්ඥඹඵ එකට යටින් එයාලම කැත විදියට කමෙන්ට් කරනවා. ජනාධිපති කාර්යාලය ගෑවෙන නිසා ඒක රැකියාවටත් හානියක් නිසා එතැනින් ඉවත් වෙන්න මම තීරණය කළා... මාසෙකට පස්සෙ ඇවිත් ආපහු ඇයම සමාවෙන්න කිව්වා.
සමාව දුන්නද?
ඔව්.

ඔච්චර ලොකු වරදක් කරලත් එහෙම සමාව දෙන්න පුළුවන්ද?
මොනවා වුණත් තනිවෙච්ච ගැහැනියක්. ටික කලක් හරි හිතවත්කමින් ඇසුරු කරපු ගැහැනියක්නේ. ඒ වගේම මෙයාගෙ අතීතය සහ චරිතය දන්න අය මට අවවාද කළා ඇයව අවුස්සා ගත්තොත් කුණු වළක් අවුස්සා ගත්තා වගේ වෙනවා කියලා. ඒ නිසයි මම ප්‍රශ්නය ගොඩින් බේරගන්න හැදුවේ...

ඔබේ බිරිය මේ ගැන දන්නවාද?
ඇය මේ හැම දෙයක්ම දන්නවා. ඒ නිසානේ මම බයක් නැතිව වාහනේ අතරමඟ දාලා ගෙදරට දුවගෙන ගියේ. ඇයත් එක්ක පැය දෙකකට වඩා පොරබදලා මාව තුවාල කරලා හොඳටම මම හෙම්බත් වෙලා හිටියේ. ඇත්තටම මට මරණ බය දැනුණා. එක වතාවක් වාහනෙන් බැහැලා පොලිසියට යන්න හදද්දි ඇය මටත් ගහල ආපහු මාව වාහනේට දාගත්තා. ඒකත් ඛ්ඛ්ඊඍ කැමරාවල සටහන් වෙලා තියෙනවා. ඊළඟ පාර තමයි මම වාහනෙන් බැහැල ගෙදරට දුවගෙන යන්නේ. බිරිය තමයි මාව පොලිසියට එක්ක යන්නේ...

ඔබ ඔහොම කිව්වට එක්තරා ගුවන්විදුලි නාළිකාවක ඔබේ බිරිය ඔබට චෝදනා කරනවා...?
ඇයගෙන් මාව බේරා ගන්න හිතාගෙන චන්දි දවසක් කතා කරපු වෙලාවකයි ඇය ඔහොම කියලා තියෙන්නේ. මම නරක මනුස්සයෙක් කියලා කිව්වහමත් කරදරෙන් බේරෙයි කියලා... මේක සැලසුම් සහගත වැඩක්. ඒ නිසානේ ඇය ඔය වගේ දේවල් අඥජධපඤ කරගන්නේ.
තනි ගැහැනියකට ඔච්චර හපන්කමක් කරන්න පුළුවන්ද?
ඇය ඒ තරම් ශක්තිමත්. ඒ වගේම මම හිතනවා එයාව කවුරුහරි හසුරනවා, උපදෙස් දෙනවා, මෙහෙයවනවා කියලා. ඔය කියන නාළිකාවට කතා කරපු පුද්ගලයෙක් කියපු දේවල්වලින් මට ඒ ගැන සැකයි.

නාලකගෙ මරණෙ ගැනත් ඇය ඔබට චෝදනා කරනවා...?
බලාපොරොත්තු වුණ දේවල් නොවෙනකොට මොනවා හරි කරන්න ඕනෑනේ... දැන්ද එයාට නාලක මැරුණ බව මතක් වුණේ... ඕකත් ඇගේ අභූත චෝදනාවක්.
ඔබේ පෞද්ගලික ප්‍රශ්නයකට වසන්ති චතුරානි ඇතුළු කලාකරුවො ගාවගත්තෙ ඇයි?
මිරිහාන පොලිසියට යද්දි මගේ බිරිය තමයි වසන්ති අක්කලාට කතා කළේ. මිරිහාන පොලිසියේදියි ඒ අය හම්බවුණේ. වසන්ති අක්කා, සුදත්ත තිලකසිරි ඇතුළු එතැන හිටපු අය දැක්කා චන්දි එතැන හැසිරුණු විදිය.


ඔබ ඇයව මරණ බවට තර්ජනය කරලා තියෙනවා?
නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැති කොට, මගේ පවුල විනාශ කරන්න හදන කොට, මගේ දරුවන්ට බිරියට පාරේ බැහැල යන්න බැරි තරමට වැඩ කරන කොට, ගෙදරට ගල් ගහන කොට, ඉන්න හිටින්න තැන් නැති කරන කොට, අභූත චෝදනා කරන කොට, තවත් ඉවසන්න පුළුවන්ද? ඒ වගේ වෙලාවට ඔය වගේ වචන පිට නොවෙනවානම් අපි සාන්තුවරු වෙන්න ඕනෑ.
දැන් ඔයා ප්‍රශ්නය ගොඩින් බේරගන්නලූ නේද හදන්නේ?
නෑ... ඉවසුවා හොඳටම ඇති. මම දැන් නීතියෙන්ම කටයුතු කරනවා. කාට බොරු කිව්වත් නීතිය ඉදිරියේ බොරු කියන්න බෑනේ.

හිමේෂා සවන්තී රාජපක්ෂ

චන්දි මේ ගැන පසුගිය සතියේ කියූ දේවල් මෙතැනින්

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය