Hiru Gossip,Hiru news,Gossip Lanka news
අමෙරිකානු පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ අධ්යක්ෂ මණ්ඩලයේ තනතුරු කිහිපයක් සඳහා සනත් ජයසූරියගේ සහ ෆර්වීස් මහරුෆ්ගේ නම් යෝජනා වී තිබෙනවා.සනත් ජයසූරිය යෝජනා වී ඇත්තේ එහි සභාපති ධුරය සඳහායි. ෆර්වීස් මහරුෆ් උප සභාපති ධුරය සඳහා යෝජනා වී තිබෙනවා. අදාළ අධ්යක්ෂ මණ්ඩලයට සාමාජික සාමාජිකවන් 7 දෙනෙකු ඇතුළත්.
මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අදාළ මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා අමෙරිකානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් එය අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති බවයි.
එ් අනුව ඊට අනුමැතිය හිමි වුවහොත් මෙවර අමෙරිකානු පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය කටයුතු කරනු ඇති. තරගාවලිය ලබන නොවැම්බර් මස 23 වැනිදා අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි ආරම්භ වීමට නියමිතයි.