HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

නාලක මැරෙන්න කලින් සමනුයි මායි සම්බන්ධයි කියල නෑයො අපිව අතෑරියා - චන්දි  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ එක්දරු බිරිය චන්දි රණතුංග පසුපස එන සමන් දිසානායක නමැති පුද්ගලයා ගැන පසුගිය දිනවල ආන්දෝලනාත්මක ආරංචියක් පැතිර ගියා.
සමන් දිසානායක එක් කලා සංගමයක ප්‍රධානියෙකු නිසා මෙම සිද්ධිය රජයට පක්ෂපාත කලා සංගම් දෙකක ආරවුලක් නිසා මතුවුණ බවටද ආරංචියක් පැතිර තිඛෙනවා.

සිද්ධිය සම්බන්ධව මව්බිම පුවත්පතට චන්දි ලබාදී තිඛෙන සාකච්ඡාව පහතින්


මොකක්ද චන්දි සිද්ධ වුණේ...?

පහුගිය 19 වැනිදා මාව බලහත්කාරයෙන් පැහැරගෙන ගියා. ඒ පැහැරගත් පුද්ගලයා මම හොඳින් හඳුනන, මට කැමැත්තෙන් ඉන්න කෙනෙක්. මීට කලිනුත් එයා මාව පැහැරගෙන ගිහින් තියෙනවා.
සාමාන්‍යයෙන් පැහැරගෙන යන්නේ නන්නාඳුනන අය. ඒත් චන්දිව පැහැරගත් පුද්ගලයා ඔයා හොඳින් දන්න කෙනෙක්...?
ඔව්. ඔය පුද්ගලයාගෙන් බේරෙන්න බැරි තැන තමයි මම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඉවත්වෙලා බුද්ධශාසන අමාත්‍යංශයට එන්නේ.

ඔහුත් වැඩ කළේ ඔබේ ආයතනයේමද?


නැහැ. ඒ කාලේ ඔහු ජනාධිපති කාර්යාලයේ සංස්කෘතික හා කලා කටයුතු සම්බන්ධීකාරක කෙනෙක්. මමත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිසා වැඩවලදී අපිව නිතරම හමුවෙනවා.

ඔය ඒ කාලේ කිව්වෙ කොයි කාලේද?
මීට අවුරුදු තුනකට විතර කලින්.


ඒ කියන්නේ ඔයාගේ සැමියා නාලක ජීවතුන් අතර ඉන්න කාලේ...?
ඔව්... නාලක ජීවත්වෙලා ඉන්නවා විතරක් නෙවෙයි. මම විවාහකයි. දරුවෙකුත් ඉන්නවා කියලා ඔහු දන්නවා.

ඔහු ඔයා ගැන උනන්දුයි කියල නාලක දැනගෙන හිටියද?


ඇයි නැත්තේ? මට නාලකට හංගන්න දෙයක් තිබුණෙ නැහැ. හැබැයි නාලක කලබල වුණේ නැහැ.


තමන්ගේ බිරියට වෙනත් පුද්ගලයෙක් අයුතු යෝජනා ගෙන එන බව දැන දැන නිශ්ශබ්දව ඉන්න සැමියෙක්ට පුළුවන්ද?
බොරුවට කලබල වෙලා දැඟලූවා කියලා ප්‍රශ්න නිරාකරණය වෙන්නෙ නැහැනේ. මොකද එතකොට ඔහු හිටිය තනතුරත් එක්ක බලය තිබුණේ එයාටනේ. ඒ වගේ කෙනෙක් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන නැති කරදර හදා ගන්නේ නැතිව ප්‍රශ්නය උපක්‍රමශීලීව විසඳන්නයි නාලකට ඕනෑ වුණේ.


නාලකයි ඔහුයි හමුවෙලා කතා බහ කරලා තියෙනවාද?
අනේ ඔව්... මුලින්ම ආවේ යාළුවෙක් විදියටනේ. එයා මානසිකව පීඩා විඳිනවා කියලා පීඩාව මඟඇර ගන්න නාලක හොයාගෙන එනවා. ඒත් අපි දැනගෙන හිටියා එයාගෙ යටි අරමුණු.


ඔහු නිසා ඔය දෙන්නා අතර ප්‍රශ්න ඇතිවුණා. රණ්ඩුසරුවල් ඇතිවුණා කියලා සමහරු කියනවා?

අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණේ නෑ... ඒත් නාලක මැරෙන්න කලින් ඔහුයි නාලකයි අතර නම් ලොකු ප්‍රශ්නයක් වුණා.
ඒ ඔයා නිසා...?
ඔව්. ජනාධිපති කාර්යාලයේදී ඔය කියන පුද්ගලයා මට බලහත්කාරකමක් කරන්න හැදුවා. නාලකට ඒ වෙලාවෙ කේන්ති ගිහින් ඔය කියන පුද්ගලයාට බැන්නා. ඒ වෙලාවෙ ඔහු නාලකට කියලා තියෙනවා zඋඹට මම තව දවස් දෙකයි ජීවත්වෙලා ඉන්න දෙන්නේ කියලා...z කිව්වා වගේම දවස් දෙකකට පස්සේ හිතාගන්න බැරි හදිසි අනතුරකින් නාලක ජීවිතයෙන් සමුගත්තා.


ඒක හදිසි අනතුරක්නේ... දැන් ඔයා කියන්න හදන්නේ නාලකගෙ මරණෙට ඔහු වගකිව යුතුයි කියලද?


මම ඒක අද නෙවෙයි එදත් කිව්වා. එච්චර ලොකු අනතුරක් වෙලත් රියැදුරා බේරුණා. එදා නාලක එක්ක වාහනේ ආවෙත් ඔය කියන පුද්ගලයාගේ හිතවතෙක්.
නාලක අනතුරට ලක්වුණේ රූගත කිරීම් අවසන් කරලා එන විටනේ...?
ඔව්... වාහනේ ආවෙත් ඒ නාට්‍යයේම නිෂ්පාදන කළමනාකරු. ඔහුත් අර කියන පුද්ගලයාගේ හිතවතෙක් කියල මම දන්නවා.

ඔයා කරන්නේ බරපතළ චෝදනාවක්?

ඒක මම දන්නවා. මම එහෙම කියන්නේ සාක්ෂි ඇතිව. මම ඒ ගැන මහරගම පොලිසියේ පැමි‚ල්ලක් කළා.
ඒත් නාලක මැරුණට පස්සේ පවුලේ හිතවතෙක් වගේ මළගෙදර සංවිධාන කටයුතුවලටත් ඔහු සම්බන්ධ වෙනවානේ?
ඔව්. ඒත් එයා සංවිධානය කරපු දේවල් එයාට කරගන්න බැරි වුණා. එතැනට ඇවිත් කිඹුල් කඳුළු හෙළුවා. ලකුණු දාගන්න උත්සාහ කළා.
නාලක ජීවත්වෙලා ඉන්න කාලේම ඔය කියන පුද්ගලයා එක්ක ඔයාගෙ අනියම් සම්බන්ධයක් තිබුණ කියලා සමහරු කියනවා...
ඔය ප්‍රශ්නය මගෙන් කෙළින්ම අහපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා. ඔය කතාව ගොතලා ප්‍රචාරය කළෙත් ඔහුමයි. නාලකගෙ මරණෙ සැකයි කියල අපි මරණෙ වැඩකටයුතු ඉවර වුණාම නාලකගේ සහෝදරයොයි තාත්තයි මාත් එක්ක එකතු වුණා. ඒත් ඔය බොරු මඩ ප්‍රචාරය යවලා ඒ අයව ඒකෙන් වැළැක්කුවා විතරක් නෙවෙයි මාත් එක්ක තියෙන සබඳතාවත් නැති කරලා දැම්මා. එදා ඉඳන් අද වෙනකන් ඒ කවුරුත් මගේ දරුවාවත් බලන්න ඇවිත් නෑ. මට ඒ ගැන තරහක් නෑ. මම දන්නවා මගේ නාලක කොහේ හරි ඉඳන් මම දිහා බලනවා කියලා. ඒකනේ මෙච්චර දෙයක් වෙලත් මාව බේරුණේ. කවුරු නොදන්නවා වුණත් නාලක දන්නවා මම වැරැදි නෑ කියලා.

ඔය කියන පුද්ගලයා විවාහකයෙක්නේ...?

ඔව්... දරුවො දෙන්නෙක් ඉන්නවා. බිරිය ගුරුවරියක්... මම විතරක් නෙවෙයි නාලකත් එයා එක්ක ඔය ප්‍රශ්නේ කතා කරලා තියෙනවා. ඒ මනුස්සයා අසරණයි.


නාලක මැරුණට පස්සේ ඔහු පරණ යෝජනාව කළාද?
ඔව්... ඒවාට එකඟ නොවුණු නිසානේ නාලක මැරිලා මාසෙකින් මාව පැහැරගෙන ගියේ... එදත් මම බේරුණා... මේවා ආරංචිවෙලා ඔහු වැඩ තහනමටත් ලක්වුණා... ජනාධිපති කාර්යාලයෙන් එළෙව්වාට පස්සේ ඔහු නතර වුණේ තවත් ප්‍රධාන ආයතනයක. මම දන්න තරමට ඔහු එහි කළමනාකරුවෙක්.

පහුගිය 19 වැනිදා ඔබව පැහැරගෙන යන්නට හේතුව මොකක්ද?

ඔහු මට තර්ජනය කරනවා ඔහුත් එක්ක ජීවත් වෙන්න එන්න කියලා... හැබැයි මට මගේ දරුවාව ගේන්න බෑ. එයත් දරුවන්ව ගේන්නෙ නෑ කියලා. මගේ සැමියා නැතිවුණා කියලා මට ඒකට එකඟ වෙන්න බෑ... මගේ දරුවාට ඉන්නේ දැන් මම විතරයි. අනෙක් එක ඔහු විවාහකයෙක්.
ඒ කියන්නේ ඔහු වර්තමාන විවාහයෙන් නීතියෙන් වෙන්වෙලා, හිටියා නම් ඔයාගේ දරුවාට තාත්ත වෙනවා නම් ඔහු සමඟ අලූත් ජීවිතයක් අරඹන්න ඔයා සූදානම්ද?
අපෝ නෑ... මගේ තුන් හිතකින්වත් නෑ... මගේ නාලක මට නැති කරපු, මගේ දරුවාට තාත්තාව අහිමි කරපු, මට මේ තරම් දුක් කන්දරාවක් ඇති කරපු, මට උන්හිටි තැන් නැති කර පු, සමාජය ඉදිරියේ මාව නරක ගෑනියෙක් කරපු ඒ වගේ මනුස්සයෙක් එක්ක ජීවිතයක් අරඹන්න හිතන්නවත් පුළුවන්ද?

16 වැනිදා පැහැර ගැනීමේ චෝදනාව තියෙන්නේ ඔයාටනේ... ඔයයි ඔහුගේ වාහනයට හානි කරලා තියෙන්නේ, ඔයාමයි ඔහුට හිංසා කරලා තියෙන්නේ, අත්අඩංගුවට ගන්න ආපු පොලිස් කාන්තාවන්ගේ අත හපාකාලා තියෙන්නෙත් ඔයාමයි...?

මාව බලහත්කාරයෙන් වාහනයට දාගෙන යද්දී මම උත්සාහ කරන්නේ එතැනින් පැනලා
යන්න.ඔහුගෙන් මිදෙන්න. එතැනදී මම මගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්තිමට සිහිය නැති වෙන්න මගේ ඛෙල්ල මිරිකුවා. මට සිහිය නැති වුණ අතරෙ තමයි ඔහු වාහනේ දාලා මිරිහානේ පොලිසියට දුවලා තියෙන්නේ. පාරේ මිනිස්සු තමයි මාව දැකලා වතුර ඉහලා ප්‍රතිකාර කළේ. ඊට පස්සේ තමයි ඔහු පොලිස් නිලධාරීන් එක්ක ආවේ. කරුවලටයි, මම හිටපු තත්ත්වයත් එක්ක මම ඒ අයව දැක්කෙ නෑ. මාව අල්ලන්න උත්සාහ ගත්ත පොලිස් කාන්තාව සිවිල් පිට හිටියේ. ඒ නිසා මම හිතුවා අර මනුස්සයාගේ කෙනෙක් කියලා. බේරෙන්නයි මම අත හපා කෑවේ. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ ඒ අයම වැරැද්ද කරලා නිවැරැදි මාව කූඩුවට දැම්මා. අඩු තරමේ පොලිස් ස්ථානාධිපතිවත් මට සවන් දුන්නේ නෑ. හැමෝම මේ ප්‍රශ්නය දිහා බැලූවේ ඒකපාර්ශ්වීයව.


ඔයා නීතියේ පිළිසරණ පැතුවේ නැද්ද?

මිරිහාන පොලිසිය මගේ පැමි‚ල්ල භාර ගන්නවා තියා මම කියන දේකටවත් ඇහුම්කන් දුන්නෙ නැහැනේ. ඊට පස්සේ මම ළමා හා කාන්තා කාර්යාංශයට ගියා. ඒත් එතැනදීත් මාව රස්තියාදු කළා. බලහත්කාරයෙන් වගේ තමයි පැමි‚ල්ල කළේ. ඊට පස්සෙයි මම ප්‍රතිකාරවලට රෝහල් ගත වුණේ.
දැන් චන්දි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
ඉවසුවා හොඳටම ඇති. මට වෙච්ච අසාධාරණයට විතරක් නෙවෙයි නාලකගේ මිනීමරුවා හොයන්නත් මං නීතියේ පිහිට පතනවා. මගේ ළඟ සාක්ෂි තියෙනවා. තවත් නම් ඉවසන්නෙ නෑ...

සටහන - හිමේෂා සවන්තී රාජපක්ෂ

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය