HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

ජනප්‍රිය නිළි දමිතා අබේරත්න ජීවිත මතක සටහන් සමග  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මාවත් අයියාවත් ලොකු මහත් කරන්න අම්මා තනිවම විඳපු දුක් කන්දරාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ

සේදාරි මුදියන්සේලාගේ දමිතා බුද්ධිනි අබේරත්න බණ්ඩාර මැණිකේ.’ ඒ ඇයගේ සම්පූර්ණ නමය. එහෙත් මෙරට ටෙලි සිනමා ක්‍ෂේත්‍රය තුළ ඇය ප්‍රසිද්ධ වී ඇත්තේ දමිතා අබේරත්න ලෙසිනි.“මම ඉපදුණේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහ‍ලේ.ඒ පවු‍ලේ දවෛනි දරුවා විදිහට. මට ඉන්නේ එකම එක සහෝදරයෙක් විතරයි. ඔහු සංජය.”
“පුංචි කා‍ලේ ඉඳලම අයියයි මමයි හැදුණේ මගේ අම්මයි, සීයායි එක්ක. පුංචි කාලෙදිම මට තාත්තාගේ සෙනෙහස අහිමි වුණු නිසා ඒ ආදරය ලබා දුන්නේ මගේ සීයා. ඔහු ඉතාමත්ම හොඳ ඉවසීමක් තිබුණු කෙනෙක්.”
දමිතා කුඩා කල සිටම හැදී වැඩුණේ නුගේගොඩ හා පැපිලියානේය. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ආශ්‍රිත ප්‍රදේශය ගැන ඇයට ඇති අතීත මතක සටහන් අපමණය. ඒ ඇයට යන්තම් දැනුම් තේරුම් ඇති කාලයේම එහි පදිංචියට ආ නිසාය.
“තාත්තා නැති අපිට ලොකු රැකවරණයක් ලැබුණේ අපේ අම්මාගෙන්. ඇය තමයි මව්පිය දෙපලටම උරුම වෙලා තිබුණු යුතුකම් ටික අපි වෙනුවෙන්

ඉෂ්ට කළේ.
“ඒ කා‍ලේ අපේ අම්මා රස්සාවක් කරනවා. ඉතින් අපි හැදුණේ වැඩුණේ ආච්චියි සීයයි එක්ක. ඒ අතරිනුත් සීයා තමයි අපේ ළඟම හිටපු වැඩිහිටියා.”
දැරියකව සිටි කාලය ගැන දමිතාට ඇති මතකයන්  අතරින්  ඇයගේ සිහියට නැගෙන සිදුවීම් කීපයක් වෙයි.
“ඒ කා‍ලේ ලංකාවේ ගෙවල්වල රූපවාහිනී යන්ත්‍ර වැඩිපුර තිබුණෙ නැහැ. මට හොඳට මතකයි අපේ සීයා හා හා පුරා කියලා ගෙදරට ටී.වී. එකක් ගෙනාපු දවස”
නිවසට ගෙනා රූපවාහිනී යන්ත්‍රය ඉඩකඩ මැනවින් තිබූ සාලයේ කොනක තැබූ දමිතාගේ සීයා වටපිටාවේ නිවෙස්වල සිටින කුඩා දරුවන් සියලුම දෙනා ගෙදරට කැඳවා ගත්තේය. අනතුරුව ඒ  සියලුම දරුවන්ට කඩලවලින් සංග්‍රහ කළ ඔහු මහා වික්‍රමයක් කරන්නාක් සේ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.
“මට ඒ අවස්ථාව හොඳට මතකයි. ඒක හරිම ලස්සන, සුන්දර අත්දැකීමක්. පුංචි අපි හැමෝම එකතුවෙලා එදා රූපවාහිනීය නැරඹුවේ හරිම සතුටින්. හරියට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ හැඟීමක් තමයි රූපවාහිනිය ගෙනාපු එක නිසා ලැබුණේ” දමිතා අතීතයට එක්වෙමින් කීවාය.
දමිතාගේ ඊළඟ මතක සටහන දිගහැරෙන්නේ 1983 කළු ජූලිය හා සම්බන්ධවය. එකල දමිතා නුගේගොඩ සමුද්‍රදේවි විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් හුන්නාය. ඒ ප්‍රාථමික අංශයේය.
“නුගේගොඩ කඩ සාප්පු ගිනි ගන්නවා, මහ විනාශයක් වෙනවා කියලා දැන ගත්ත හැටියේ සීයා අපේ ඉස්කෝලෙ ළඟට දුවගෙන ආවා. ඒ ආවේ ඇඬූ කඳුළින්. තමන්ගේ දරුවෙක් වෙනුවෙන් අඬන තාත්තා කෙනෙක් වගේ සීයා අඬනවා. පුතේ ඔයාලාට කරදරයක් නැහැ නේද කියලා අහලා ඊළඟට මාව බදා ගන්නවා.”
“පැපිලියානේ අපේ ගෙදරට එන්න බස් එකක්වත් පාරේ නැහැ. ඒ නිසාම සීයා මාව වඩාගෙන අතුරු පාරවල් දිගේ දුවගෙන ආපු හැටි මට හොඳට මතකයි. සීයගේ හිතේ අපි ගැන තිබුණු ආදරයේ තරම කොච්චරද කියලා  මට හොඳටම දැනුණු දවසක් තමයි එදා.”
“ඇත්තටම සීයා හරිම කරුණාවන්ත හදවතක් තිබුණු මනුස්සයෙක්. අපේ හැම දෙයක් ගැනම හොයලා බලපු කෙනෙක්. මගේ ජීවිතයේ මම වැඩිපුරම දුක් වුණු දවස සීයා අපිව දාලා ගිය දවසයි.’
දමිතාගේ මතකය තුළ ඒ අවාසනාවන්ත සිදුවීම  දිග හැරෙන්නේ මේ ආකාරයටය.
“එදා අපේ පුංචි කෙනකුගේ උපන් දිනය. ඉතින් මගේ අම්මා, පුංචි ඇතුළු පිරිස එකතුවෙලා ෆිල්ම් එකක් බලන්න ගියා.  මේ වෙලාවේ අපි සීයා ළඟට කිට්ටු වෙලා සීයාව ආච්චි කෙනෙක් විදිහට හැඩ ගැන්වුවා”
සීයාව හාන්සි පුටුවක වාඩි කරවූ ඔවුහු ආච්චිගේ හැට්ටයක් ගෙනවිත් එය ඇන්දුවේ සීයාද සිනා සාගරයක ගිල්වමිනි. “ඒ විතරක් ‍නෙවෙයි, පුංචිලා පාවිච්චි කරන තොල් ආ‍ලේපන හා විවිධ ‘මේක් අප්’ ද්‍රව්‍ය යොදා ගෙන සීයාගේ රුව ආච්චි කෙනකුගේ වගේ වෙස් ගැන්නුවා. එදා පුංචි අපි හුඟක් සතුටු වුණා. ඒ සතුටත් සමග රාත්‍රියේ අපි නින්දට ගියා. ඒත් උදෑසන සීයා ආපහු නැගිට්ටේ නැහැ. සිනාවෙවී නින්දට ගිය සීයා නින්දෙන්ම මිය ගිහින් තිබුණා. අපි කෑ ගගහ ඇඬුවා. අපි එක දවසක ලැබූ සතුට අනිත් දවසේ නැතිව ගියා.”
මේ ආකාරයට දමිතාට පියෙකු මෙන් ආදරයෙන් සිටි ඇල්ප්‍රඩ් මර්වින් සීයා සදහටම සමුගෙන යන්නට ගියේ දමිතාගේ ජීවිතයට මතක සටහන් රැසක් එකතු කරමිනි.
“ඊට පස්සේ අපේ අම්මට තවත් බර වැඩිවුණා. ඇයට සිදුවුණා අපේ ඉස්කෝලෙ වැඩකටයුතුවලට පවා සම්බන්ධ වෙන්න. ඒ මතක සටහන් අතරත් බොහෝ අනුවේදනීය සටහන් තිබෙනවා.” දමිතා එසේ කියමින් තම මව පිළිබඳ  හද සසල කරවන සිදුවීම් කීපයක්ම ගෙන හැර පෑවාය.
“ඇය හරිම කරුණාවන්ත අම්මා කෙනෙක්. දයාව සෙනෙහස උතුරන අම්මා කෙනෙක්. අපි වෙනුවෙන් තනිවම අප්‍රමාණ දුක් කන්දරාවක් එයා වින්දා.  මගේ ජීවිතයේ මට අම්මා ගැන මතක තිබෙන සිදුවීම් අතරින් කවදාවත් අමතක නොවන සිදුවීමක් තිබෙනවා. ඒකත් මම කියන්නම්.
“පුංචි කා‍ලේ අම්මා විතරක් රැකියාව කළ නිසා අපිට අගහිඟකම් හුඟක් තිබුණා. ඊළඟට අපේ වැඩකටයුතු නිසා අම්මා රස්සාව කළෙත් හරිම අමාරුවෙන්. කොහොම හරි මේ නිසාම අම්මා මාවත් අරගෙන අයියගේ ඉස්කෝලෙට (කොළඹ ඉසිපතන විද්‍යාලයට) යනවා. ඒ ගිහින් ඉස්කෝලෙ ඇරෙන තුරු එතන ගහක් යට වාඩි වෙලා ඉන්නවා. අම්මා මාවත් අරගෙනම එහෙම එන්නේ මාව ගෙදරට දාලා ආපහු අයියාව එක්කරගෙන එන්න සල්ලි නැති නිසා. මම මේ වගේ දේවල් ඕන තරම් පුංචි කා‍ලේ දැකලා තියෙනවා. ඇත්තටම ඒවා මතක් වෙද්දී හිතට දැනෙන දුක කියලා නිම කරන්න බැහැ. මගේ අම්මා අපි වෙනුවෙන් කොච්චර දුක් වින්දාද කියලා මතක් වෙනකොට ඒක හරිම වේදනාකාරී අත්දැකීමක්.”
දමිතා කියන ආකාරයට ඇගේ පියා මධුවිතට තදින් ඇබ්බැහි වූ කෙනෙකු විය. මවත්, පියාත් වෙන්වීමට බලපෑවේද  ඒ කාරණය බව ඇය පවසයි.
“ඒ කා‍ලේ අම්මා තාත්තා  එනතුරු පාර බලා ඉන්නේ නින්දක් නැතිවලු. තවත් දවස්වලට තාත්තා ඉන්න තැනට හොයාගෙන ගිහින් පරිස්සමට එක්කරගෙන එන්නේ මත් ගතිය වැඩිවෙලා වැටිලා තුවාල වෙයි කියල හිතලලු. මගේ අම්මා ඒ තරම් තාත්තාට ආදරය කරලා තියෙනවා. ඒ දෙන්නා විවාහ වෙලා තියෙන්නෙත් ආදරය කරලා.  ඒත් මේ විදිහේ සිදුවීම් එක දිගට සිදුවෙද්දී තමයි අම්මා දවසින් දවස කලකිරීමට පත්වෙලා තියෙන්නේ.”
කෙසේ හෝ අවසානයේ දමිතාගේ මවත්, පියාත් එකිනෙකාගෙන් වෙන්වූහ. අවසානයේ එයින් අති විශාල පාඩුව සිදු වූයේ ඔවුන්ගේ දරුවන්ටය. “කොහොම හරි මේ තත්ත්වය නිසා තාත්තා එක්ක මගේ සම්බන්ධතාවක් තිබුණේ නැහැ.  තාත්තාගේ ජීවිතේ අවසාන කාලයේදී තමයි ඔහු අපි එක්ක නැවත සම්බන්ධතා ගොඩනගා ගත්තේ. හැබැයි අපි අවසානයේදී ඔහුට සමාව දුන්නා. ආදරය කළා. ඔහු මියගියේ අපිව යාළු කරගෙනයි.”
නිවසේ කුමන ප්‍රශ්න තිබුණත් දමිතා හොඳින් අධ්‍යාපන  වැඩ කටයුතු කළාය. ඇය නුගේගොඩ සමුද්‍රදේවියෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළු වුණේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහාය.
“ඉස්කෝලෙදි මම කලාවට වගේම ක්‍රීඩාවටත් දක්ෂතා දැක්වූවා. විශේෂයෙන්ම මීටර් 100,200 වගේම 400 තරග නියෝජනය කරලා  ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා. ඒ වගේම මම නෙට්බෝල් ටීම් එකෙත් හිටියා.”
දමිතා ක්‍රීඩා අංශයෙන් ලබාගත් ජයග්‍රහණ රැසකි. ඒත් මේ ජයග්‍රාහී ක්‍රීඩා දිවියට ඇය සමු දුන්නේ කලාවට ඊටත් වඩා සිත ඇලුම් කළ නිසාවෙනි. “මගේ අම්මා මම ඉස්කෝලෙ යන්නත් කලින් තමයි නුගේගොඩ කලා භූමි ආයතනයට මාව ඇතුළත් කළේ්. ඇත්තටම එදා ඉඳලා මම සංගීතය ඉගෙන ගත්තා. මම ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර හා ආනන්ද වීරසිරි කියන ගුරුවරුන් යටතේ ඉගෙන ගත්තා.”
දමිතාගේ මව අයිරාංගනී  සිය දියණිය නුගේගොඩ කලාභූමි ආයතනයට ඇතුළත් කළේ ඇය කුඩා අවධියේ සිටම සංගීත අංශයට දැක්වූ ඇල්ම නිසාමය. එසේම මේ කාලයේදීම දමිතාගේ මව ඇයව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටිය හා ජාතික රූපවාහිනියේ වැඩසටහන් රැසකට සම්බන්ධ කිරීමේ සබඳතා ගොඩනගාගෙන හුන්නාය. “ඒ කා‍ලේ ළමා පිටියේ අපි සින්දු කිව්වේ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය සමගයි. ඇයගේ අත්වැල් ගායනාවලට අපි සහභාගි වුණා.
“ඉන්පසුව ජාතික රූපවාහිනියේ ‘මුතුහර’ ‘උදාර’ වගේ වැඩසටහන්වලට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඔහොම ඉන්න කොට තමයි බන්දුල විතානගේ මහතාගේ ‘අත්ත බිඳෙයි’  ටෙලි නාට්‍යයේ සින්දුවකට ගායනයෙන් සම්බන්ධ වෙන්න ලැබුණේ.”
දමිතා මුලින්ම රඟපෑ ටෙලි නාට්‍යය ‘පස්සේ ගෙනා මනමාලිය’. ඇයට ඒ අවස්ථාව ලැබුණේ ‘කලා භූමියේ’ සබඳතා මතය.
දමිතාද එක්තරා කාලයක සැබෑවටම මනාලියක් වී සාර්ථක යුග දිවියක් අරඹන්නට පෙරුම් පිරුවාය. එහෙත් ඒ සබඳතාව වසර 5කට පසුව බිඳ වැටුණේ ෙදෙවයේ සරදමක් ලෙසිනි.
“එතකොට මට අවුරුදු 20ක් විතර ඇති. මම ආදරය කළා. ඒ වගේම විවාහ වෙන්න පෙරුම් පිරුවා. හුඟක් බලා‍පොරොත්තු හිතේ තියාගෙනයි මම ඔහුව ඇසුරු කළේ. ඒත් අවසානයේදී මාව කම්පනයට පත් කරවමින් ඒ සම්බන්ධය බිඳ වැටුණා.”
දමිතා පවසන ආකාරයට ඇය මේ දෙදරා ගිය පෙම් සබඳතාව හමුවේ අසීමිතව වේදනාවට පත් වූවාය. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඇය එය විඳ දරා ගන්නට පුරුදු වූවාය. “දැන් මම ඒ සියල්ල අමතක කර දමලා අලුත් ජීවිතයක් ගැන හිතනවා. මම ළඟදීම නව යුග දිවියක් අරඹනවා. අවුරුදු 11ක් ආදරය කරලයි අපි මේ තීරණයට     එළඹුණේ’ දමිතා පවසන්නේ සතුටිනි.
වරක් ඇය ශ්‍රී ලංකාවේ හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබුවාය. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානයේ රංගනය වෙනුවෙනි. තවත් වරෙක ඇය ‘මීහරකා’ චිත්‍රපටයේ හොඳම සහාය නිළිය වන්නීය.
“මගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉම තමයි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය හැදූ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයේ රඟපෑම. එහි රංගනය වෙනුවෙන් මට හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මාන දෙකක් ලැබුණා. ඒ ඩකා සම්මාන උළෙ‍ලේදී හා තමිල්නාඩු ජාත්‍යන්තර සම්මාන උළෙ‍ලේදී.”
දුක, වේදනාව, පසුතැවීම හා සතුට මුසු ව ඉදිරියට ගලා යන සිය ජීවිතයේ ඇය වඩාත් සතුටින් සහ ආඩම්බරයෙන්  භුක්ති විඳි ජයග්‍රහණ ගැන  දමිතා ඇගේ මතකය අවදි කළේ එලෙසිනි.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය