HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

උපුලිට ආදර කරපු මාලිංක නොකියාම යන්න ගිහින්  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

උපුලී පෞද්ගලික ආයතනයක රැකියාව කළ යුවතියක්. විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් තිබුණත් උපුලීට උසස් අධ්‍යාපනය අමතක කරන්න සිද්ධ වුණේ පවු‍ලේ නංගිලා මල්ලිලාගේත් බර කරට ගන්නට සිදුවුණු නිසයි.පවු‍ලේ තිබුණු දැඩි ආර්ථික ප්‍රශ්න හින්දම උපුලි රැකියාවට අමතරව ගොඩක් මහන්සි වෙලා අතිකාල සේවයේත් යෙදුණා. උපුලිගෙ වයසේ වෙනත් යුවතියන්ට වගේ ඇඳුම් පැළඳුම් ඇතුළු අනිකුත් බාහිර දේවල් වෙනුවෙන් වැය කරන්න මුදල් තිබුණෙ නෑ. උපුලිට මාලිංගව හමුවුණේ මේ අතරතුරදීයි. ජීවිතයේ කිසිම දවසක පෙම්වතකු ඇසුරු කර නොතිබුණු උපුලිට මාලිංගට සමීප වෙන්න කැමැත්තක් ඇති වුණත් නංගිලා දෙදෙනාගේත් මල්ලිලා දෙදෙනාගේත් බර සෑහෙන පමණකට තමන්ට දැරීමට සිදුව තිබෙන නිසා වෙනත් දෙයක් ගැන අවධානය යොමු කරන්න උපුලි කැමති වුණේ නෑ.

නමුත් අන්තිමේ මාස ගණනකට පස්සේ උපුලිට නොදැනුවත්වම වගේ තම හැඟීම්වලට අවනත වෙන්න සිදුවුණා. නමුත් ඒ එක ‍පොරොන්දුවක් පිට. ඒ තමයි නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙනතුරු විවාහ වෙන්නෙ නැහැ කියන එක. ඒ අදහසට මාලිංගගේත් පූර්ණ එකඟත්වය ලැබුණා.මාලිංග ව්‍යාපාරිකයෙක්. වසර ගණනක් පිටරටක ජීවත් වුණු මාලිංග ලොකු ධනයක් උපයාගෙන ඒ මුදල්වලින් තමයි ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේ. ඒ නිසාම මාලිංගට හොඳ ආර්ථික ශක්තියක් තිබුණා. උපුලිගේ පවු‍ලේ තොරතුරු දැනගත්තට පස්සේ මාලිංග කැමැත්තෙන්ම උපුලිට උදව් උපකාර කරන්නට පටන් ගත්තා.

උපුලිට තිබුණු ලොකුම ශක්තිය වුණේ මාලිංගයි. කොයි තරම් උදව් කළත් මාලිංග උපුලිගේ දෙමාපියන්ව මුණගැහෙන්න ආවෙ නෑ. තමන්ගෙ දුප්පත් අම්මටයි තාත්තාටයි මාලිංගව මුණගස්වන්න උපුලිටත් ලොකු ආශාවක් තිබුණත් විවාහ වෙන්න ආසන්න කාලයකදී එවැනි දෙයක් කිරීම හොඳයි කියලා උපුලිත් අන්තිමේ තීරණය කළා.

මේ විදියට අවුරුදු තුනක් පමණ ඉක්ම ගොස් තිබුණා. උපුලිගෙ නංගිලා දෙන්නම පෙම්වතුන් සොයා ගෙන සිටි නිසා ඒ දෙන්නව විවාහ කර දෙන්න මූලික වෙලා කටයුතු කළේ උපුලී. ඒ හැම දෙයක් පසුපසම මාලිංගත් හිටියා. ඒත් මාලිංග තිරයෙන් එහා පැත්තේ හිටියා මිසක් කවදාවත් තිරයෙන් මෙහා පැත්තට ආවෙ නෑ. මේ අතර ලොකු මල්ලිට මාලිංගගෙ ව්‍යාපාරික ආයතනයක රැකියාවක් ලැබුණා. ඒත් ඒ අවස්ථාවේදීත් මාලිංග උපදෙස් දුන්නේ තමන්ගේත් උපුලිගේත් සම්බන්ධය මල්ලිට වසන් කරන ලෙසයි.

තමන්ටත් පවු‍ලේ අයටත් අවංකවම උදව් කළත් මාලිංග මේ තරමට සැඟවී සිටින්නට උත්සාහ දරන්නේ ඇයි කියන එක උපුලිට විශාල ගැටලුවක් වුණා. ඒත් මාලිංග ගැන අහිතක් හිතන්නත් ඇයට හැකියාවක් තිබුණෙ නෑ. තමාගෙන් අයුතු ප්‍රයෝජන පවා නොගෙන තමන්ට වගේම තමන්ගේ පවු‍ලේ අයටත් උදව් කරන මේ උතුම් මනුෂ්‍යයා ගැන කොහොම අහිතක් හිතන්නද? ඇත්තටම උපුලිගේ පවුල ගොඩ ගත්තේ් මාලිංග.

නංගිලත් විවාහ වෙලා නිසා උපුලිටත් අම්මලා විවාහයක් කර දෙන්න ඇගේ මවුපියන්ට ලොකු වුවමනාවක් තිබුණා. ඔවුන් මාලිංග ගැන කිසිවක් දැන සිටියේ නෑ. ඒ නිසා යම් යම් අයට උපුලි ගැන කියමින් ඇයට ගැළපෙන මනාලයෙක් සොයා දෙන්න ඔවුන් උත්සාහ කළා.

දැන් උපුලිට ලොකු ප්‍රශ්නයක්. අම්මලට මාලිංග ගැන කියන්න හොඳම වෙලාව මේක කියලා උපුලි මාලිංගට දෙතුන් වතාවක්ම කිව්වා. ඒත් මාලිංග කිව්වෙ මට දැන්ම බඳින්න අමාරුයි. ප්‍රශ්න වගයක් තියනවා අපේ ගෙදර. තව අවුරුද්දක් දෙකක් ඉවසලා ඉන්න උපුලි කියලයි.

මේ වන කොට උපුලිට මාලිංග ගැන යම් සැකයක් ඇති වෙලා තිබුණා. තමාට මොන තරම් උදව් උපකාර කළත් මාලිංගගෙ ජීවිතයේ  කුමක් හෝ තමන්ට සඟවන පැත්තක් ඇති කියලා  උපුලිට නිරතුරුවම සිතුණා. ඒත් ඒ ගැන ඔහුගෙන් සෘජුවම විමසීමේ ශක්තියක් ඇයට තිබුණෙ නැහැ.

එක්තරා දවසක උපුලිගෙ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. ඒ මාලිංග හදිසියේ හටගත් හෘදයාබාධයක් නිසා මියගියා කියලයි. මේක ඇහුණා විතරයි උපුලිට දැනුණේ තමන්ගේ පියවි සිහියත් අහිමි වුණා වගේ. උපුලි ගියා මාලිංගව දකින්න තමාටත් පවු‍ලේ සෑම දෙනාටත් අවංකවම උදව් උපකාර කළ මාලිංග මෙලොවින් සමුගෙන ගිහින් තිබිම උපුලිට සිහිනයක් වගේ. මාලිංග කවුද කියන එක උපුලිට හරියටම දැනගන්න ලැබුණෙ ඔහු මියගියාට  පසුවයි.

මාලිංග විවාහකයෙක් නමුත් ඔහුගෙ බිරිඳ දරු දෙදෙනාත් රැගෙන ඔහු අත් ඇරලා වෙනත් කෙනෙකු සමගයි ජීවත් වෙලා තිබුණෙ. බිරිඳගේ නොහික්මුණු ක්‍රියා කලාපය නිසා අසීමිතව මානසික පීඩාවට ලක් වූ මාලිංග සැනසීම සහ ආදරය අපේක්ෂා කළේ උපුලිගෙන්. අන්තිමේ ඔහු උපුලිවත් හැර දාලා වෙනත් ලෝකෙකට යන්න ගිහින් තිබුණා.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය