HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

කැම්පස් හොස්ටල් වලින් ලැප්ටොප් ෆෝන් උස්සන කල්ලියක්  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

රටපුරා විශ්ව විද්‍යාල පහක නේවාසිකාගාරවලට රිංගා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, කැමරා ඇතුළු උපාංග සොරකම් කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සමග රුපියල් ලක්ෂ හතළිහකට අධික සොරකම් කරන ලද භාණ්ඩ සොයා ගැනීමට මාතර කොට්ඨාස බුද්ධි ඒකකය සමත් වී ඇත.

රජරට, මොරටුව, කැල‚ය, සබරගමුව, රුහුණු සරසවිවල නේවාසිකාගාර තුළින් සොරකම් කරන ලද ලැප්ටොප් 28ක් ජංගම දුරකථන විස්සක් හා රවුටර් දෙකක් ප්‍රශ්න කිරීමේදී සොයාගෙන ඇත.

රාජාංගණය හා අලූත්ගම පදිංචි දෙදෙනකු මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ හා භික්ෂු නේවාසිකාගාරයේ තිබූ ජංගම දුරකථන පහක් හා ලැප්ටොප් යන්ත්‍ර තුනක් අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබඳව මාතර පොලිසියට ලද පැමි‚ල්ලක් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතාට විමර්ශන භාරදී ඇත.එම විමර්ශනවලදී අතුරුදන් වූ ජංගම දුරකථනයක් මීරිගම ප්‍රදේශයේ අයකු භාවිත කරන බවට තහවුරු වූ පසුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ජංගම දුරකථනය විකිණූ පුද්ගලයා වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 දාය. තමාට මිතුරෙක් විසින් සොරකම් කර දුන් දුරකථන හා ලැප්ටොප් තමාද මුදලක් තබාගෙන විකිණූ බව එම සැකකරු හෙළි කර ඇත. එම සැකකරු මාර්ගයෙන් ප්‍රධාන සැකකරුව දුරකථනයක් මිලදී ගන්නා මුවාවෙන් ගෙන්වා අලූත්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් මාතර සරසවියේ නේවාසිකාගාරවලින් සොරකම් කළ ලැප්ටොප් හා දුරකථන ගැන විමසා ප්‍රශ්න කරද්දී ඒවා විකිණූ පුද්ගලයන්ගෙන් ගෙන්නවා දීමට එකඟ වී ඇත. මේ අනුව සොයාගත් ලැප්ටොප් හා ජංගම දුරකථන පොලිසිය තුළදී පැමි‚ලිකාර සරසවි සිසුන්ට පෙන්වා ඇතත් ඒවා තමන්ගේ නොවන බව එහිදී අනාවරණය වී තිබේ.

මේ අනුව මෙම කල්ලිය තවත් සොරකම්වලට සම්බන්ධ බවට හෙළිවීමත් සමග වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රට පුරා සරසවිවල නේවාසිකාගාර තුළට රිංගා සොරකම් කළ අයුරු අනාවරණය කර ඇත. මොවුන් විසින් රුපියල් ලක්ෂයක් වටිනා ලැප්ටොප් යන්ත්‍රය රුපියල් විසිපන්දහස බැගින් විකුණා ඇති බව හෙළි වී ඇත. අධික මිල ගණන්වල ජංගම දුරකථන පවා අඩු මිල ගණන්වලට විකිŒ ඇතැයි හෙළිවී තිබේ.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන රාජාංගණය, කුරුණෑගල, දඹුල්ල, නුවර, කොළඹ, වැලිගම ප්‍රදේශවලට විකුණා ඇතැයි හෙළිවී තිබේ. ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ඇතුළු ඉහළ රැකියාවල නිරත වූවන්ද සැකකරුවන්ගේ ලැප්ටොප් හා දුරකථන මිලදී ගෙන තිබියදී හමුවී ඇත.
තමන් මුලින්ම මොරටුව සරසවි නේවාසිකාගාරයට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි වූ ජංගම දුරකථන සොරකම් කළ බවත් රාත්‍රී කාලයට නේවාසිකාගාර තුළට පහසුවෙන්ම රිංගාගත හැකි බව හෙළි වූ පසුව රටපුරා නේවාසිකාගාරවලට රිංගා සොරකම් කරන්නට වූ බවත් හෙළි කර ඇත.

මෙම භාණ්ඩ විකුණා ලද මුදල්වලින් මොවුන් හෙරොයින් පානයට පුරුදු වී ඇතැයි හෙළිවී තිබේ.
මාතර කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ යටතේ පොලිස් සැරයන්වරුන් වන වසන්ත (55810), ඉඳුනිල් (55988), පොලිස් කොස්තාපල්වරුන් වන වීරරත්න (59090), කපිල (73025), තිලකරත්න (62132), ජගත් (52852), රණසිංහ (33598) යන නිලධාරිහු වැටලීමට එක්වූහ. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය