HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

ප්‍රියංගිකාව අද්භූත බලයකින් මෙහෙයවූ ඒ පුද්ගලයා කවුද?  

Hiru Gossip,Hiru news,Gossip Lanka news


විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්ගේ
වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි

ප්‍රියංගිකා උසස් අධ්‍යාපනය ලබමින් සිටි තරුණියක්.
ඇගේ පෙම්වතා ප්‍රසාද්. ඔවුන් අතරේ තිබූ සම්බන්ධයට වැඩිහිටියන්ගේද අනුමැතිය ලැබි තිබුණා. නමුත් ඔවුන් වර්තමානයේ බොහෝ පෙම්වතුන් පෙම්වතියන් වගේ කායික සම්බන්ධතා නම් පවත්වා තිබුණේ නෑ.
විවාහයට දින නියම කර ගත්තටත් පස්සෙ ප්‍රසාද් ප්‍රියංගිකාට හෝටල් කාමරයකට යන්න කතා කළා. ප්‍රසාද් කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසාම ප්‍රියංගිකා ඊට විරුද්ධ වුණේ නෑ.
කෙසේ හෝ එක්තරා දිනයක ඔවුන් මෙසේ හෝටල් කාමරයකට යන විට හෝටලයේ කවුන්ටරය අසල සිටි මැදිවියේ පිරිමියකු තමන් දෙස  මහත් ඕනෑකමින් යුතුව බලා සිටින බවක් ප්‍රියංගිකාට හැඟුණා. මෙයින් ඇය තුළ ඇති වුණේ විශාල බියක්. ඇය ප්‍රසාද් සමග කාමරය තුළ සතුටින් සිටියත් වරින්වරම ඇයට තමා දෙස බලා සිටි තැනැත්තා පිළිබඳ මතකය වද දෙන්නට වුණා.
කාමරයේ පැය කිහිපයක් ගත කර ආපසු එන විට ප්‍රියංගිකාට නැවතත් අර පුද්ගලයා සිහිපත් වූ අතර කවුන්ටරය ළඟදී එකවරම ඇය දුටුවේ තද නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටින එම තැනැත්තාවයි. එවර ඇය භීතියෙන් ගල්ගැසී ගියා. නිසැක ලෙසම ඔහු තමාව හොඳින් දන්නා කියන අයෙක් යන හැඟීම ඇගේ සිතේ තැන්පත් වුණු අතර ඔහු තම පියාට මේ පිළිබඳව පවසාවි යන සැකය ප්‍රියංගිකාගේ සිත දැඩිව පීඩාවට පත් කළා.  ඇය ඒ මොහොතේ පෙම්වතාට මේ පිළිබඳව පැවසුවත් ඔහුටත් ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නෑ.
ප්‍රියංගිකා එදින නිවසට පැමිණියේ විශාල චකිතයකින්. ඔහු තමා නරක ගැහැනියක් ලෙස සිතන්න ඇති, මේ ගැන පියාටත් කියයි, එවිට පියා මොන විදියේ තීරණයක් ගනීද? පියා තමාව නිවසින් පන්නාවිද? යන සැකය සහ බිය නිරන්තරයෙන් ප්‍රියංගිකාගේ සිතට වද දෙන්නට වුණා. ඇය එයින් මොනතරම් සසල වුණාද කිව්වොත් නින්දට ගියත් සිහිනෙන් පවා පෙනුණේ එම පුද්ගලයාවයි. එපමණක් නොව නින්දෙන් නැගිටින විට ඔහු එම තද නිල් පැහැති ඇඳුම ඇඳ තමන්ගේ සයනය අසල හිටගෙන හිඳින බවක්ද ප්‍රියංගිකාට පෙනෙන්නට වුණා.
දැන් ප්‍රියංගිකාට සුළු දේකට පවා තදින්ම තරහ යනවා. මේ නිසා සහෝදර සහෝදරියන් සමග මෙන්ම පෙම්වතා සමගත් ඇය නිතරම දබර කර ගත් අතර ඒ අවස්ථාවලදී ඔවුන්ට පහර දෙන්නට පවා පෙළඹුණා.
දිනක් ප්‍රියංගිකා මව සමග ත්‍රිරෝද රථයකින් නගරයට යාම සඳහා පිටත් වුණා. ත්‍රිරෝද රථයේ වාඩි වී හිඳින අතරතුරදී ඇයට එකවරම තමාගේ ශරීරය අප්‍රාණික වේගන යන බවක් දැනුණා. ඒ සමගම අත් පා හිරි වැටුණු ස්වභාවයක් දැනී ශරීරය තමන්ගෙන් වෙන් වෙලා යන  ආකාරයක්ද ප්‍රියංගිකාට දැනෙන්නට වුණා.  තම අත් පාවල සංවේදන පවා ඇයට නොදැනී ගියා.  එකවරම හුස්ම ගැනීමට පවා අපහසු වූ අතර ප්‍රියංගිකාට විනාඩියක් දෙකක් වැනි කාලයක් තුළදී ඇය යථා තත්ත්වයට පත් වුණා.
ඒ සමගම ප්‍රියංගිකා තමන්ට දැනුණු අපහසුව මවට පැවසුවා. එදිනම මව ප්‍රියංගිකාව කැඳවාගෙන ගියේ විශ්ව ශක්තියෙන් ප්‍රතිකාර  කරනු ලබන බව පවසන ස්ථානයකටයි. ඒ පුද්ගලයා ප්‍රියංගිකාගේ අත්දැකීම පිළි
බඳ විස්තරය අසා පැවසුවේ ඇගේ මනෝකාය ශරීරයෙන් පිටතට පැමිණීම හේතුවෙන් එය සිදුවූ බවයි. ඉන්පසු ඒ තැනැත්තා විසින් ප්‍රියංගිකාට එක්තරා අභ්‍යාසයක් කියා දී එය ප්‍රගුණ කරන ලෙස පවසා තිබුණා. නමුත් ප්‍රියංගිකාට එය කරදරයක් බව හැඟුණු නිසා ඇය එම අභ්‍යාස  දිනක් දෙකක් කොට නතර කර දැමුවා.
දවසින් දවසම සිදු වුණේ ප්‍රියංගිකාගේ බය තවත් වැඩි වීමයි. මේ අතර ප්‍රියංගිකාට කිසියම් කෙනෙක් තමාව මැෂින් එකකින් මෙහෙය වන ආකාරයක් හැඟෙන්නට  වුණා.  ඇයට දැනුණේ එය ප්‍රබල දේශපාලනඥයකු විසින් කරනු ලබන ක්‍රියාවක් බවයි. ඊළඟ මැතිවරණයේ දී ඡන්දය  ලබා ගැනීම සඳහා එය සිදු කරන බවයි ඇය වටහාගත්තෙ. තමන් සිතන පතන දේවල් පිළිබඳව පවා එම මැෂින් එක මාර්ගයෙන් දේශපාලනඥයා තොරතුරු ලබා ගන්නා බවක්  ප්‍රියංගිකාට තදින්ම හැඟෙන්නට වූ පසු ඇය වඩාත් බියට පත් වුණා. ඒ අනුව ඔවුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් විරුද්ධ නම් තමාට ඔවුන් කුමක් හෝ  අනතුරක් සිදුකළ හැකි බවත් ප්‍රියංගිකාට හැඟී ගියා.
එයින් නොනැවතී තවත් ටික දවසකින් ඇයට දේශපාලනඥයාගේ සහ ඔහුගේ උදව්කරුවන්ගේ කටහඬවල් ඇසෙන්නට වුණා. ‘උඹ අපට විරුද්ධයි නේද? අපට ඡන්දෙ දෙන්නෙ  නෑ නේද?” යනුවෙන්  විමසමින්  ඔවුන් තර්ජනය කරන බවක් ඇයට ඇසුණා. මින් ප්‍රියංගිකා බොහෝ සෙයින් තැති ගත්තා. ඇය නිවසින් මිදුලට බැසීමට පවා බය වුණා. ඒ අතර තමන්ගේම පියාත් එම සහචරයන්ට එකතු වී තමාට විරුද්ධකම් කරන බවයි ප්‍රියංගිකාට සිතුනෙ.
ප්‍රියංගිකාගේ ස්වභාවය එන්න එන්නම අමුතු වුණු පසු ඇගේ දෙමාපියන් ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත එක් කරගෙන ගියා.
මේ තරුණියට තිබුණේ භින්නෝන්මාදය නමින් හඳුන්වන මානසික රෝගයයි. ඇයට නිතරම දැනුණු මෝහමය තත්ත්ව, සැකය වැනි දෑ මෙහිදී පැහැදිලිවම භින්නෝන්මාද රෝගයේ ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන්. තමා සිතන දේවල් මැෂින් එකක් මාර්ගයෙන් තව කෙනෙකුට දැනගන්නට හැකි බවට පැවති මෝහය, කිසියම් කෙනෙකු නොමැති  අවස්ථාවක වුවත් එවැන්නකු සිටින බවට හොඳින්ම දුටු බව හැඟෙන භ්‍රාන්ති තත්ත්ව  ආදී වශයෙන් බොහෝ භින්නෝන්මාද ලක්ෂණ ඇය කෙරෙහි දක්නට ලැබුණා. ඇයට මේ රෝගය හට ගත්තේ මුලින්ම තම පෙම්වතා සමග හෝටල් කාමරයකට ගිය අවස්ථාවේ දුටු පුද්ගලයා නිසා ඇති වූ බිය මතින් නොවෙයි. භින්නෝන් මාද රෝගය මතුවීමට හේතු වන ජීව විද්‍යාත්මක සාධක යම් කෙනකු තුළ පවතින විට කිනම් හෝ අවස්ථාවක යම් ප්‍රබල සිදුවීමක් මුල් කරගෙන එම රෝගය ඉස්මතු විය හැකියි. මේ තරුණියටත් එදා හෝටල් කාමරයට යන විට දුටු පුද්ගලයා නිසා සිතට ලොකු බයක් ඇති වුණා. එසේ බියක් දැනුණේ තමා විවාහයට පෙර විශාල වරදක් කරන බවට ඇතිවූ හැඟීම මතයි. ඒ දැඩි බිය නිසාම ඇගේ භින්නෝන්මාදය රෝග ලක්ෂණ ඉස්මතු වීමයි සිදුවුණේ.
දැන් ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබන නිසා රෝගය බොහෝ දුරටම සුවවී තිබෙනවා.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය