HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

ලංකාවටම දහයයි.. ඕනෑම දේකට ඔට්ටු ‘හමර්’ ජීප්  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

බණ්ඩාරවෙල නගරයේ පසුගිය 17වනදා සවස පැවති ඌව පළාත් සභා අවසන් ප‍්‍රචාරක රැුළිය අතරවාරයේ සිදු වුණු රිය අනතුරකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතා ඇතුළු 24 දෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබූ සෙන්දිල් තොණ්ඩමාන් මහතා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභා මැතිවරණයට තරඟ වදී. තුවාල ලැබූ ඒ මහතා ජාතික රෝහලට මාරු කෙරුණු අතර, පොලීසිය ප‍්‍රකාශ කළේ තුවාල ලබා සිටි පක්ෂයේ ආධාරකරුවකු මිය ගිය බවය.

අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතාට අයත් සුවිශේෂී වර්ගයේ ජීප් රථයක් රියැදුරු විසින් ධාවනය කිරීමේ දී මෙම අනතුර සිදු වුණේ යැයි පොලීසිය පවසා ඇත. සිද්ධිය ගැන වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි. මෙම ජීප් රිය ඇමෙරිකාවේ නිෂ්පාදිත, ඇමෙරිකාවේ වඩාත් ප‍්‍රචලිත නවීන පන්නයේ ”හමර්” ජීප් රියකි.

හමර් මෙන්ම හමර් යන නමින් ද හැදින්වෙන මෙම ජීප් පළමුවෙන්ම කරළියට පැමිණියේ 1992 වසරේ දීය. ඒවා නිපදවන්නේ ඇමෙරිකාවේ ‘ජෙනරල් මෝටර්ස්’ මෝටර් රථ නිෂ්පාදන සමාගමය. හැමර් ජීප් හදුන්වා දෙමින් එම සමාගම කියා සිටියේ, ඇමෙරිකාවේ ‘අභිමානය’ නිරූපණය වන අයුරින් වාහන ලොවේ ප‍්‍රබලයකු තමන් විසින් නිර්මාණය කරනු ලැබූ බවය. මෙම ජීප් රථ පළමුවෙන් භාවිතා කෙරුණේ ඇමෙරිකන් හමුදාවය. අද ද ඇමෙරිකන් හමුදාව සහ සෙසු ඇමෙරිකන් ආරක්ෂක අංශ මෙම ජීප් රථ භාවිතයට ගනී. ඇමෙරිකන් හමුදා සෙබළුන් පවසන්නේ මෙම ජීප් රථ ” ඕනෑම දේකට” ඔට්ටුයි කියාය.

‘හම්වී’ යන නමින් නම් කෙරුණු හැමර් ජීප් රථ පෙළක් සිවිල් වැසියන්ට භාවිතා කිරීමට ඉඩ සැලසුණේ 1998 වසරේ සිටය. හැමර් හම්වී එච් 1 එම් 998 එම පළමු ජීප් රථයයි. ඉන් පසු, හැමර් හම්වී එච් 2, එච් 3 ආදී වශයෙන් නව මාදිලියෙන් හැමර් ජීප් රථ පසුගිය වසරවලදී එළි දැක්වීමට ඇමෙරිකානු ජෙනරල් මෝටර් සමාගම කටයුතු කළේය.

2000 වසර වන තෙක්ම හමර් වර්ගයේ ජීප් රථ ඇමෙරිකාවට පමණක් සීමා විය. 2003 වසරේ ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේ දී, ඇමෙරිකා සෙබළුන් විසින් යුධ පිටියේ භාවිතයට ගැනුණේ මෙම හමර් ජීප්ය. 2003 වසරේ සිට 2011 තෙක් දිග් ගැස්සුණු ඉරාක සංග‍්‍රාමයෙන් පසු ඇමෙරිකන් හමුදා ඉරාකයෙන් පිට වී ගියේ තම අවි ආයුධ, යුධ ටැංකි සහ හැමර් ජීප් රථ ද ඉරාක හමුදාවට භාර දෙමිනි.

අවාසනාවකට අද, එම හමර් ජීප් රථ පමණක් නොව, සෙසු ඇමෙරිකන් අවි ආයුධ සහ යුධ ටැංකි ද ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් අතට පත් වී ඇත. ඔවුන් ඉරාකයේත් සිරියාවේත් පළාත් රැසක් අත් පත් කර ගත්තේත්, ඉරාක හමුදාවට පහර දුන්නේත් මෙම යුධෝපකරණ යොදා ගනිමිනි. ඒ අනුව, ඇමෙරිකාවේ අවි ආයුධ ඇමෙරිකාවටම පාරා වළල්ලක් විය.

ඉරාක යුද්ධයත් සමඟ ජනප‍්‍රිය වුණු හමර් ජීප් රථ අද හැම තැනම දකින්න ලැබේ. අත මිට සරු නම්, මෙම ජීප් රථයක් මිල දී ගැනීමට හැකියාව ඇත. ජනප‍්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්, සුපිරි ධනවතුන්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ දේශපාලනඥයෝ හමර් ජීප් රථ පරිහරණය කරති. තමන්ගේ තත්ත්වය බලය සහ ජව සම්පන්න බව පෙන්වීමට ඔවුන්ට මෙම ජීප් රථ ඉවහල් වෙයි.

2008 වසරේ දී, ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිද්දී, මිල අධික මෙම ජීප් රථ පරිහරණය කිරීමෙහි අඩුවක් දකින්න ලැබුණි. ජෙනරල් මෝටර්ස් සමාගම ද අර්බුදයකට ලක් විය. 2009 දී, චීනයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ”සිචුවාන් සෙන්ටොන්” සමාගම හමර් ජීප් නිෂ්පාදනයට සූදානම් වූ නමුත්, චීන රජයෙන් ඊට අවසර හිමි නොවිණි.

ජෙනරල් මෝටර්ස් සමාගම ද හැමර් ජීප් රථ නිෂ්පාදන නවතා දැමීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් 2010 අපේ‍්‍රල් මාසයේ දී එම තීරණය වෙනස් විය. ඔබාමා පරිපාලනයෙන් ඇමෙරිකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබීමත් සමඟය. ඒ අනුව, 2010 මැයි 24 වැනි දා, හැමර් හම්වී එච් 3 ජීප් රිය වෙළෙඳපොළට නිකුත් කෙරිණි.

සුඛෝපභෝගී සුපිරි මෝටර් රථ ගණයට අයත් නොයෙක් නොයෙක් මාදිලි වලින් එළි දක්වා ඇති හමර් ජීප් රථ 10 කට ආසන්න ප‍්‍රමාණයක් අප රටේ ඇත. ඒවායේ තීරු බදු සමඟ මිල රුපියල් ලක්ෂ 350 සිට 600 දක්වා වන අතර, සවි කෙරෙන අමතර උපාංග අනුව මිල ගණන් වෙනස් වන බව පැවසෙයි. අප රටේ ඇමෙරිකා තානාපති කාර්යාලය සතුව ද හැමර් ජීප් රථ ඇත. වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි මහතා සිය මැතිවරණ කටයුතු සඳහා ද හැමර් ජීප් රියක් භාවිතා කළේය.

ශ‍්‍රී ලංකා මෝටර් රථ ලියා පදිංචි දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ 10 දෙනෙක් පමණ හමර් ජීප් රථ භාවිතා කරති.

හමර් ජීප් රථයට ඇත්තේ සුවිශේෂී පළල් හැඩයකි. එය රෝද හතරේ එක වර ධාවනය (ෆෝ වීල් ඩ‍්‍රයිව්) කෙරෙන සාමාන්‍ය එස්.යූ.වී. රථ වලට වඩා වෙනස් වන්නේ පෙනුමින් පමණක් නොව, මෙම ජීප් රියේ ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල වීම හේතුවෙන් හමර් ජීප් රථ පරිහරණය අපහසුය. මහ මඟ ධාවනයේදීත්, රථ ගාල්වල එය නැවැත්වීමට යෑමේදිත් ගැටලූ මතු වන බවට ඇමෙරිකන් පාරිභෝගිකයෝ මැසිවිලි නගති. කුමන අඩු පාඩු පැවතියත් ආරක්ෂාවට මුල් තැන දෙමින් හමර් ජීප් රථ නිපදවන බව යැයි ජෙනරල් මෝටර්ස් සමාගම පවසා ඇත.

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය