HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

Gossip Chat With Thisuri yuwanika  

Hiru Gossip,Hiru news,Gossip Lanka news

මේකප්වලින් මුහුණ හානි කරගන්න මං කැමැති නැහැ - තිසුරි යුවනිකා

තිසුරි යුවනිකා මේ දිනවල විවිධ චරිත කිහිපයකින්ම අපට දැක ගත හැකි දක්ෂ රංගන ශිල්පිනියකි. සිය මව සතු රංගන කුසලතාවෙන් ඇයද පූර්ණ බව ඇගේ රංගනයෙන් මනාව පිළිඹිබු වෙයි.

තිසුරි එන්න එන්නම ටිකක් මහත් වෙන හැඩයි?

ටී.වී එකේ මාව ගොඩක් ලොකුවට පේන්නේ. අනේ මම දන්නෑ ඒ ඇයි කියලා. කෙහොමත් මේ වයස හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඒ නිසා කෑම පාලනය ගැන ඒ තරම් හිතන්නෑ හැබැයි ටිකක් මහත් වේගෙනයි එන්නේ කියලා දැනුනහම ඒකට පිළියම් කරනවා. නැතුව මම ඔය කියන තරම් මහත නැහැ. මාව
හැබැහින් දකින අයත් කියලා තියෙනවා තිසුරි ටී.වී. එකේ දකිනවට වඩා ඔයා හරිම පුංචීනේ කියලා.

දැන් එක දිගට වැඩ නිසා ගෙදර ඉන්න කාලෙත් අඩු ඇති?

ඔව්. වැඩත් එක්ක අපිට අඩුවෙන්ම ලැඛෙන්නේ විවේකයයි, හොඳ නින්දකුයි. ඒ නිසා විවේකයක් ලැබුණහම හොඳට නිදා ගන්නවා. ඇහැරුණු වෙලේ ඉඳන් අම්මටයි තාත්තටයි කරදර කරන එක තමයි ඉතින් වැඩිපුර වෙන්නේ.

ඒ කියන්නේ ගෙදර වැඩවලට තිසුරි ගෙන් කිසිම උදව්වක් නැතුව ඇතියි?

මම පොඩි කාලේ ඉඳලා කුස්සියේ වැඩ වලට උදව් කරනවා. කෑම හැදුවේ නැතත් අඩුම ගානේ අම්මා කෑම හදලා ඉවර වෙනකන් අම්මාට පොඩි පොඩි වැඩ ටිකක් හරි

කරනවා. ගේ දොර අස්පස් කරන්නේ තාත්තා වුණත් මගේ කාමරේ අස්පස් කරන කටයුත්ත තාත්තා මටම බාර දීලා තියෙන්නේ මොකද මගේ කාමරේ අස් කරන්නේත් මමයි. හැඩි කරන්නේත් මමයි.

ඒ කියන්නේ උයන්න පිහන්න තාමත් තිසුරිට බෑ නේද?

අපොයි පුළුවන්. මට පරිප්පු, කරවල තෙම්පරාදුව, සම්බෝල හොඳට හදන්න පුළුවන්.

තිසුරි විලාසිතා කරන්නේ සීමා පනවගෙනද?

මට ගැළපෙන විලාසිතා කරනවා. මට පහසුම ඩෙනිමයි, ටීෂර්ට් එකයි, ෆ්ලැට් සෙරෙප්පු දෙකයි. කොහොමටත් ඕනෑවට වඩා කොටට අඳින්නේ නැහැ. මම හිතන්නේ ගැහැනු ළමයෙක් විදිහට කාගෙන්වත් වචනයක් අහන්නත් විහිළුවක් බවට පත්වෙන්නත් ඕනේ නැහැ.

රංගන ශිල්පිනියක් වෙලත් රූපලාවණ්‍ය ගැන උනන්දුවකුත් නැහැනේ?

මේකප් කියන්නේ අපි අපේ මූණටම කර ගන්න හානියක්. මම නම් කෙහොමත් කැමැති නැහැ මේකප් තවර ගෙන ඉන්න. අද වෙනතුරු මම ෆෙෂල් එකක්වත් කරලා නැහැ. පොඩි කාලේ ඉඳන් අම්මා මට ස්වභාවික දේවල් හැර කෘත්‍රිම දේවල් මුකුත් පාවිච්චි කරන්න දුන්නෙත් නැහැ. අදටත් මම කරන්නේ ඒ වගේ ස්වාභාවික දේවල් විතරයි.


ඉතින් ඔයාට පුළුවන්නේ ඔයාගේ සමකාලින යහළුවන්ටත් ඔය උපදෙස් දෙන්න?

මම එහෙම කාටවත් කියන්න යන්නේ නැහැ. අනෙත් කෙනාගේ කැමැත්ත හා නිදහස අපි අගය කළ යුතුයි. මම කියන්නේ තමන්ට සුදුසුයි, ලස්සනයි කියලා හිතෙනවා නම් ඒ දේ කළාට ප්‍රශ්නයක් නැහැයි කියලයි.

තිසුරි සුදු චරිතවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

මම විවිධ චරිත කළත් තවම කළු චරිතයක් ලැබිලා නැහැ. සමහර අය කියනවා ඒ වගේ චරිත මට ගැළපෙන්නේ නැහැලු. තවත් අය අහයි ඇයි ඒ වගේ චරිතයක් කළේ කියලා. ඉතින් ඔය විදිහට හැමෝවම පිනවන්න බැහැනේ. චරිතේ සුදු වුණත් කළු වුණත් මගේ අරමුණ ඒ චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි.

තිසුරි දැන් මෙගා නාට්‍ය භාර නොගන්නෙ ඇයි?

කොටස් දෙසියේ තුන්සීයේ දිර්ඝ නාට්‍ය නම් බාර ගැනෙන්නේ නැහැ. කතාව දිර්ඝ වූණාහම මුල මැද අග මතක නැහැ. සමහර වෙලාවට බලන අයත් බනිනවා. ඉතින් මහන්සියෙන් රගපාලා බැණුම් අහන්නේ මොකටද? කොටස් 100 සහ ඊට අඩු නාට්‍ය භාර ගන්නවා. ඒ චරිත තේරුම් අරගෙන හොඳට කරන්න පුළුවන් නැත්නම් දීර්ඝ වුණාම අපිටත් මුල මැද අග මතක නැහැනේ.

ඔබේ සමකාලීන රංගන ශිල්පිනියන් රංගනයට අමතරව නිවේදනය නිරුපණය වැනි දේවල් වලටත් යොමු වෙනවා. ඔබට ‍එවැනි හැකියාවක් නැද්ද?

එවැනි ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් දොඩම් ගොඩ බදා ගත්තා වගේ වැඩ කරන්න කැමැති නැහැ.

හැමැදාම අම්මා තාත්තාට කරදර කර ගෙන ඉන්නද තිසුරිගේ කල්පනාව?

ජිවිත කාලෙම මම එයාලගේ දෝණි. නමුත් දැන්ම සබඳතාවක් ගොඩනගා ගන්න අදහසක් නැහැ. ඊට පස්සේ යාළු වුණාහම කෑවද, බිව්වද, කොහේද ඉන්නේ ඔව්ට උත්තර දෙන්න ගියහම හරිම කරදරයි නේ. පාසල් කාලය හා මේ ගත කරන නිදහස් කාලේ ආයිත් එන්නේ නැහැ. ඉතින් මේ නිදහස මං උපරිමයෙන් භුක්ති විඳිනවා.

ටානියා මෝසස් 



Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය