HIRU FM LIVE



HOT POSTS

HIRU FM

Latest Video

Hiru News 7 - 10.04.2014
MTVsports Newsfirst 12.30PM News 10th April 2014
Live@12 News 10.04.2014
shakthi lunch time news 10th April 2014 1 00pm
ITN Noon News 10.04.2014
Aathma 72 - 10.04.2014
Waraamali 17 - 10.04.2014
Ranaa 24 - 10.04.2014
Sneha 49 - 10.04.2014
Swapna 188 - 10.04.2014 Svapna
Sanda Savi 145 - 10.04.2014
Muthu Palasa 223 - 10.04.2014
Chaya 242 - 10.04.2014
Punchi Walauva 21 - 10.04.2014
Hiru Thaniwela 339 - 10.04.2014
Aththamma 277 - 10.04.2014
Swarnapali 59 - 10.04.2014 Svarnapali
Pabasara 77 - 10.04.2014
Kolamba Ahasa 45 - 10.04.2014
Tharumali - 297 - 10.04.2014
Pura Kalani 03 - 10.04.201403 - 10.04.2014
Thurya 486 - 10.04.2014
Sihina Sakmana 34 - 10.04.2014
Reana 24 - 10.04.2014
Gini Awi Saha Gini Keli Episode 04- 10/04/2014
http://imagizer.imageshack.us/a/img534/6607/n662.jpg
Para Walalu 47 - 10.04.2014
Mulpituva 10.04.2014 Mulpituwa
Davase Paththara 10.04.2014
Lagna Palaa Pala 10-04-2014
8 Pass 09.04.2014
Pati Roll 08.04.2014
Hathdinnath Tharu 10.04.2014

Ads 468x60px

Featured Posts

Powered by Blogger.

Video of the Week

Search This Blog

Loading...

කෝටි තුනකට විකුණන්න ගිය ඇන්ටික්‌ පාස්‌පොර්ට්‌ එක  


මම මොහොතකට ඒ අතීතය මෙනෙහි කළෙමි. එදා අප නහඹු විය යාන්තමින් පසු කරමින් සිටි එවුන්ය. එකල අපේ ප්‍රතිභාපූර්ණ ප්‍රවීන ගායිකා නන්දා මාලනිය අපූරු ගීතයක්‌ රටට ගැයුවා මගේ මතකයේ ඇත. "රට කරවන්න නම්..." ලෙසින් එය ඇරඹූ ඇය එකී ගී පද පෙළ අතරේ විටෙක මෙසේද ගැයුවාය.

"දළදා මැඳුර අධිකව මිල කළ හැකිය.. සිරිමා බෝධියේ ලන්සුව පැහැදිලිය.. කලුගල්වලට විකුණාගෙන සීගිරිය.. සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය.." එදා ඇය එය ගයන කල්හි අපි සිනහසුනෙමු. ඒ එහි තිබූ බරපතළකම දැනී නොව, වයසේ වැරද්දට දැනුණු ආතල් එකටය.

එම ගීතයේදී සීගිරි කුරුටු ගී බයිලා කරන්නට හැකියෑයි කී ඇය තවත් තැනක හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට. සිංහරාජය ලී මෝලකට පවරා. සමනළ කන්ද හෝටලයකට බදු දෙන ලෙසින්ද යෝජනා කළාය. ඉන් නොනැවතුණු ඇය රටේ අමනයන් කුමක්‌ කීවද මෙසේ නොකළහොත් අපි හැම මකර කටේ වැටෙන බව කියන්නටද අමතක නොකළාය.

එහෙත් ඇය කියන මේ පද වැලේ තිබෙන හාස්‍යය දකින්නට තරම් නිරවුල් මනසක්‌ එකල අපට නොවිනි. මන්ද එහි ආතල් එක දැනුනද මකර කට තිබුණේ අපේ නිවෙස්‌ අද්දර බැවිනි. ඒ 88-89 එකී යුගය වූ නිසාය. එහෙත් එදා ඇය කියූ දේ මේ මොහොතේත් ඇත්තේ යථාර්ථවාදීව බව දැන් රටටම වැටහෙමින් තිබෙන්නේය.

වර්තමානයේ ජාතියේ ප්‍රෙෘඪත්වයත් මේ බිමේ ජීවීය හරයත් රන්, රිදී, මුතු, මැණික්‌ හා ජානමය වශයෙන් මෙන්ම "ඇන්ටික්‌" ලේබලය යටතේ රුපියල් කෝටි ගණනින් මිල කෙරෙමින් විකිණෙමින් තිබෙන අන්දම දෙස බලන කල්හි එකී වැටහීම කාටත් ලබා දෙන්නේය.

වෙළෙඳාම යනු ගනු දෙනුවකි. එහෙත් පැහැදිලිවම කිවහොත් මේ සිදු වෙමින් තිබෙන්නේ කාලකණ්‌ණි ජාවාරමකි. එම කාලකණ්‌ණි ජාවාරම පිළිබඳ වූ මෙතෙක්‌ නෑසූ තවත් අලුත්ම කතාවක්‌ පසුගියදා කොල්ලුපිටිය පොලිසියෙන් කරළියට පැමිණියේය.

අප බ්‍රිතාන්‍යයේ යටත් වැසියන්ව සිටි බව ඉතිහාසයේ කියෑවෙන්නේය. ඉතිහාසයේ කතාව එසේ වෙද්දී මෙදා අපේ කාලකණ්‌ණි රැලක්‌ එක්‌ව මුදලට කෑදර වී විකුණා දමන්නට ගියේ සුද්දා අපව යටත් කරගෙන සිටි බවට ඇති වටිනා ලිත සාක්‍ෂියක්‌ වන්නේය. ඒ කුමක්‌ද?

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ව පැවති 1894 වර්ෂයේ අප්‍රේaල් මස 26 වැනිදා මෙරට විසූ සුදු ජාතික යුවළකට (බොහෝ විට සිදු වූයේ එය විය හැකිය) දාව පිරිමි දරුවකු බිහි වුණේය. හේ නමින් ඇලෙක්‌සැන්ඩර් කැමරන් නම් විය. මෙකී ඇලෙක්‌සැන්ඩර් කැමරන් යනු වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඩෙවිඩ් කැමරන් පරපුරේ අයකුදැයි අපි නොදන්නෙමු. එය ඉතිහාසය පීරා වෙනම සොයා බැලිය යුත්තකි.

මෙසේ ශ්‍රී ලංකාවේ ඉපදී තරුණ වියට පත් ඇලෙක්‌සැන්ඩර් කැමරන් වර්ෂ 1926 නොවැම්බර් මස 28 වැනි දින විදේශගත වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය නීතියට අනුව විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබා ගත්තේය. එය අපූරු ලියෑවිල්ලකි.

එකී විදේශ ගමන් බලපත්‍රයේ උඩින්ම සටහන්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොලනියක්‌ වන ශ්‍රී ලංකාව හෙවත් "බ්‍රිටිෂ් කොලනි ඔµa සිලෝන්" ලෙසිනි. ඊට යටින් වන්නේ එකල හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයේ ලාංඡනය ය. එහි නිල මුද්‍රdව ලෙසින් තබා ඇත්තේද එයමය. ඒ රතුදුඹුරු වර්ණයකිනි.

මෙසේ සිය ගමන් බලපත්‍රය ලබාගත් ඇලෙක්‌සැන්ඩර් කැමරන් එකල ශ්‍රී ලංකාවේ සිට කිහිප අවස්‌ථාවක විදෙස්‌ගත වීද ඇත. ඇතැම් විට ඒ බ්‍රිතාන්‍යයේ විසූ සිය ඥතීන් බලන්නට ගිය ගමන් විය යුතුය. එකී ගුවන් ගමන් බලපත්‍රයේ ඇති වීසා සටහන් ඒ බව සනාථ කරන්නේය. කෙසේ වෙතත් කාලයත් සමග ඇලෙක්‌සැන්ඩර් කැමරන්ගේ කතාව නිමාවී යන්නේය.

එහෙත් එසේ අවසන් වූ කැමරන්ගේ කතාව හරියටම තවත් වසර අනූවකට පමණ පසු ඉකුත්දා කොල්ලුපිටිය පොලිසියෙන් මතු වන්නේ විශ්මිත ලෙසිනි. ඒ කැමරන් පරපුරේ වත්මන් පුරුකක්‌ විය හැකි සුදත් ඇන්ඩෲ ජයන්ත පෙරේරා නමැත්තකු ඉකුත් 13 වැනිදා කොල්ලුපිටිය පොලිසියට පැමිණ කරන පැමිණිල්ලකට අනුවය.

වත්තල ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන මෙකී සුදත් ඇන්ඩෲ පෙරේරාගේ දරුවකු හදිසියේ අසනීප වන්නේය. එකී රෝගී තත්ත්වය හමුවේ දරුවා සුවපත් කර ගැනීමට විශාල මුදලක්‌ අවැසි වන අතර එහිදී අසීරුතාවකට පත්වන හේ දිනක්‌ පිහිටක්‌ සොයා සිය බිරිඳගේ මවගේ සොයුරෙකු වෙත යන්නේය. ඔහු නමින් සංචවි ය. සංචවි විනෝදාංශයක්‌ වශයෙන් පැරණි භාණ්‌ඩ එකතු කරන්නෙකි. එය ඔහුට සිය පියාගෙන් උරුම වූ පුරුද්දක්‌ විය.

මෙසේ සිය මාමා වූ සංචවි සොයා යන ඇන්ඩෲ අවසානයේ සිය දරුවාගේ රෝගී තත්ත්වය පැහැදිලි කරමින් පවතින අගහිඟකම්ද පවසා "මාමේ මුදල් ටිකක්‌ හොයා ගන්න ක්‍රමයක්‌ නැතිදැයි" විමසමින් පිහිටක්‌ යදින්නේය. එකෙනෙහි සිය ඥති පුත්‍රයා පත්ව ඇති අසීරුතාව වටහා සංචවි ගෙතුළට ගොස්‌ සිය පියාගේ පැරණි භාණ්‌ඩ එකතුවේ තිබූ යමක්‌ රැගෙන යළි ඇන්ඩෲ වෙත පැමිණියේය.

"ඉ¹ පුතේ මේක ගනින්.. මේ තියෙන්නේ හුඟක්‌ වටින දෙයක්‌.. මේක විකුණලා හොඳ ගාණක්‌ ගන්න පුළුවන්.. ඒ නිසා පරිස්‌සමෙන් වැඩේ කරලා සල්ලි ටික අරගෙන දරුවගේ බෙහෙත් ටික කරගනින්.."

සිය මාමා රැගෙන විත් තමන් අත තැබුවේ කුමක්‌දැයි ඇන්ඩෲ විමසීමෙන් බලන්නට වූවාය. එය ඉපැරණි විදෙස්‌ ගමන් බලපත්‍රයකි. හේ එහි හිමිකරු කවරෙක්‌දැයි. විමසීමෙන් බැලීය. ඇලේකසැන්ඩර් කැමරන් ලෙසින් එහි නම සටහන්ව තිබිණි.

මීට වසර එකසිය විසස්‌කට පෙර ශ්‍රී ලංකාවේ ඉපදී වසර 88 පෙර මෙරට ක්‍රියාත්මක වූ ඉංගී්‍රසින්ගේ නීතියට අනුව ගුවන් ගමන් බලපත්‍රයක්‌ ලබා ගත් ඇලෙක්‌සැන්ඩර් කැමරන්ගේ මතකය පැරණි පෙට්‌ටගමක්‌ තුළින් යළි මතුවූයේ එලෙසිනි.

මෙසේ සිය මාමා ලබාදුන් ඉපැරණි ගුවන් ගමන් බලපත්‍රය අතට ගත් ඇන්ඩෲ අවසානයේ එය අලෙවි කරන්නේ කාටදැයි කල්පනා කරන්නට වූවේය. හේ ඒ සඳහා මිතුරන්ගේ සහායද ගෙන උත්සාහ දරන්නට වූවේය.

ඒ අනුව වැඩි දවසක්‌ නොගිහින්ම මෙවන් ගනුදෙනු සිදු කරනු ලබන තැරව්කරුවන් වූ "ඇන්ටික්‌ කාක්‌කන්" තිදෙනකු ඔහුට මුණ ගැසිණි. දිනක්‌ කොළඹදී එකී "ඇන්ටික්‌ කාක්‌කන්" හමුවී ගනුදෙනුව පිළිබඳ සියලු විස්‌තර කතිකා කර ගත් ඇන්ඩෲ වැඩේ අවසන් කර ඇලෙක්‌සැන්ඩර් කැමරන්ගේ ඉපැරණි වටිනාකමක්‌ ඇති ගුවන්ගමන් බලපත්‍රය මුදල් කිරීමට දිනයක්‌ද වෙන්කරවාගෙන යළි වත්තල පිහිටි සිය නිවසට ආවේය.

දිනය ඉකුත් 13 වැනිදා විය. එදින උදැසනම සූදානම් වූ ඇන්ඩෲ තමන් සන්තකයේ තිබූ ඉපැරණි ගුවන් ගමන් බලපත්‍රයද ගෙන කොළඹ තරු හෝටලයක්‌ වෙත පැමිණියේ ගනුදෙනුව අවසන් කර දරුවාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල සොයා ගන්නා අදහස ඇතිවය.

එසේ පැමිණි ඔහුට කතිකා කරගත් පරිදි තරු හෝටලයේදී නියමිත වෙලාවට එතෙක්‌ හඳුනාගෙන සිටි තැරව්කරුවන් තිදෙනාද මුණ ගැසිණි. එකී මුණගැසීමෙන් පසු තවත් අඩහෝරාවක්‌ පමණ කාලයක්‌ තුළ සිදු වූ අදහස්‌ හුවමාරු කරගැනීමකින් පසු තිදෙනා අතර වූ එක්‌ තැරව්කරුවකු ඇන්ඩෲ අමතන්නට විය.

"එහෙනම් සර් වැඩේ හරිනේ.. අපේ බොස්‌ ඉන්නවා හෝටලේ ඇතුළේ.. වැඩේ කරන්න ඉස්‌සර වෙලා එයාට පාස්‌පෝර්ට්‌ එක පෙන්නන්න ඕනේ.. මොකෙද බොස්‌ කිසි දෙයක්‌ බලන්නේ නැතුව ගන්නේ නැහැ.. ඒ නිසා ඕක දැන් අපිට දෙන්න.. අපි ගිහින් පෙන්නලා එන්නම්.. ඊට පස්‌සේ වැඩේ ඉවරයි.. සර්ට තියෙන්නේ බැංකුවට ගිහින් සල්ලි ටික ගන්න එක විතරයි.

තැරව්කරුවා එසේ පැවසීමත් සමග ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ ඇන්ඩෲ දෙවරක්‌ නොසිතාම එතෙක්‌ තමන් සුරැකිව තබාගෙන සිටි ඇලෙක්‌සැන්ඩර් කැමරන්ගේ ගුවන් ගමන් බලපත්‍රය ගෙන ඔවුන් අත තැබීය. ඒ සමගම තැරව්කරුවන් තිදෙනා එය රැගෙන තරු හෝටලය තුළට ගියේය. ඇන්ඩෲ එහි ආලින්දයට වී ඔවුන් යළි පැමිණෙන තුරු බලා සිටින්නට විය.

තත්ත්පර විනාඩි වී විනාඩි පැය බවට පෙරළෙමින් කාලය වේගයෙන් ගලා යමින් තිබිණි. එහෙත් හෝටලය තුළට වැදුණු තැරව්කරුවන් තිදෙනා යළි නොආවේය. එදින සවස්‌ වනතුරුම ඔහු හෝටල් ආලින්දයට වී බලා සිටියේය. එහෙත් එය හිස්‌ බලාපොරොත්තුවක්‌ම විය.

අවසානයේ සියලු ප්‍රාර්ථනා බිඳ වැටී බින්දුවටම ඇද වැටුණු ඇන්ඩෲ කෙලින්ම පැමිණ නතර වූයේ කොල්ලුපිටිය පොලිසියේ විය. හේ පොලිස්‌ නිලධාරින් ඉදිරියේ සිය දුක්‌ගැනවිල්ල කියන්නට වූවේය. "සර්.. මගේ දරුවට ගොඩක්‌ අසනීපයි.. බෙහෙත්වලට සල්ලි ගොඩක්‌ ඕනේ.. අපේ මාමා කෙනෙක්‌ ළඟ තිබුණා ඉංගී්‍රසින්ගේ කාලේ පාස්‌පෝර්ට්‌ එකක්‌.. මාමා ඒක මට දුන්න විකුණල සල්ලි අරගෙන දරුවට බෙහෙත් කරන්න කියලා..

අනේ සර්.. මම අද උදේ ඒක විකුණන්න අරගෙන ආවා.. තැරව්කාරයෝ තුන් දෙනෙක්‌ මගෙන් පාස්‌පෝර්ට්‌ එක අරගෙන පැනල ගියා. ඇන්ඩෲ පොලිසිය හමුවේ හඬා වැටෙමින් එසේ සිය පැමිණිල්ල කරන්නට විය.

ඇන්ඩෲ කියන ඒ කතාව හමුවේ පොලිසිය අන්ද මන්ද විය. ඒ ඉංගී්‍රසි යුගයේ ගුවන් ගමන් බලපත්‍රයක්‌ පිළිබඳ ඔහු කියන මේ කතාව පොලිසියටද නුහුරු නුපුරුදු අන්දමේ එකක්‌ වූ බැවිනි. එහෙත් ඇන්ඩෲ කළ පැමිණිල්ල අනුව විමර්ශනයක්‌ සිදු කිරීමට කෝල්ලුපිටිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වජිර ඉන්ද්‍රජිත් මහතා සිය නිලධාරින්ට උපදෙස්‌ දුන්නේ එකී නුහුරු බවද සමග ඇන්ඩෲ කියන ඉංගී්‍රසි යුගයේ පාස්‌පොර්ට්‌ එක පිළිබඳ සුලමුල දැන ගැනීමේ අදහසද ඇතිවය.

ඒ අනුව ස්‌ථානාධිපතිවරයාගේ උපදෙස්‌ අනුව යමින් විමර්ශන ආරම්භ කෙරිණි. එහිදී ඇන්ඩෲගෙන් පාස්‌පෝර්ට්‌ එක රැගෙන ගිය තැරව්කරුවන් තිදෙනා කොටු කර ගැනීමට පොලිසියට වැඩි දවසක්‌ ගත නොවිණි. එහෙත් ඔවුන් කොටුකර ගනු ලැබුවද ඒ පිළිබඳ පැහැදිලි තොරතුරක්‌ දැන ගැනීමට පොලිසියට නොහැකි විය. ඇන්ඩෲ කරනු ලැබූ පැමිණිල්ල අසාමාන්‍ය එකක්‌ වීමත් අත්අඩංගුවට ගත් තැරව්කරුවන් ඒ පිළිබඳ කිසිත් නොදන්නා බව පැවසීමත් ඊට හේතු විය.

අවසානයේ එකී තැරව්කරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර අධිකරණය ඔවුන් ඇපමත මුදා හරිනු ලැබීය. එහෙත් එසේ පරීක්‍ෂණ අවසන් වුවද ඇන්ඩෲ දිනපතා පොලිසියට පැමිණ උමතු වූවකු පරිද්දෙන් කරන්නට වූ ආයාචනා හමුවේ නිහඬව සිටින්නටද පොලිසියට නොහැකිව තිබිණි.

මෙසේ කාලය තවත් දින කිහිපයක්‌ ගෙවී ගියේය. ඒ අතරේ දිනක්‌ කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් දංගල්ල අමතන්නට වූ ප්‍රදේශයේ ඉපැරණි භාණ්‌ඩ ගන්නා පුද්ගලයකුගෙන් අපූරු තොරතුරක්‌ ලැබෙන්නට විය.

"සර් කට්‌ටියක්‌ පරණ පාස්‌පෝර්ට්‌ එකක්‌ විකුණන්න හදනවා.. ගාන කෝටි තුනක්‌ලු.. මම කෝටි දෙකකට ඉල්ලුවා.. මුන් දෙන්නේ නහැ.. මෙතන මොකක්‌ හරි ගේමක්‌ තියෙනවා සර්.." එකී තොරතුරත් සමග උප පොලිස්‌ පරීක්‍ෂක දංගල්ල මහතාගේ සිහියට පැමිණියේ ඇන්ඩෲ පැමිණ කියූ කතාවය. එහෙත් මේ ඒ පාස්‌පෝර්ට්‌ එකම විය හැකිද? මතුවෙමින් තිබුණේ ගැටලුවකි.

එහෙත් කුමක්‌ වුවද එකී තොරතුර පිළිබඳ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාද දැනුවත් කළ දංගල්ල මහතා අවශ්‍ය උපදෙස්‌ද ලබා ගනිමින් මෙකී පරණ පාස්‌පෝර්ට්‌ එක සොයා සැකකරුවන් කොටුකර ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක්‌ දියත් කිරීමට අවසානයේ තීරණය කරනු ලැබීය.

ඒ අනුව මුලින්ම සිදු කෙරුණේ තොරතුර ලබා දුන් ඉපැරණි භාණ්‌ඩ ලබා ගන්නා පුද්ගලයා තැරව්කරුවකු ලෙස පාස්‌පෝර්ට්‌ එක අලෙවි කිරීමට උත්සාහ ගන්නා ජාවාරම්කරුවන් අතරට යෑවීමය.

එතැන් පටන් පොලිසිය බිස්‌නස්‌ එක ආරම්භ කළේය. මෙහිදී ගැනුම්කරු හෙවත් මුදලාලි වූයේ උපපොලිස්‌ පරීක්‍ෂක දංගල්ල මහතාය. ඔහුගේ ගෝලයාගේ වගකීම කොල්ලුපිටිය පොලිසියේ කොස්‌තාපල් නිරෝෂණට පැවරුණේය.

මෙසේ බිස්‌නස්‌ එක ආරම්භ කිරීමෙන් පසු වරක්‌ පොලිසිය තැරව්කරු හරහා කෝටි දෙකකට පාස්‌පෝර්ට්‌ එක ඉල්ලා සිටියේය. එහෙත් ගනුදෙනුව කිරීමට ජාවාරම්කරුවන් එකඟ නැත. රුපියල් කෝටි දෙකහාමාරකටද ඉල්ලීය. එහිදීත් එකඟතාවක්‌ නොවීය. ජාවාරම්කරුවන්ගේ එකම ඉලක්‌කය වූයේ පාස්‌පෝර්ට්‌ එක රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමය. ඒ වන විට පොලිසියටද එය වැටහී තිබිණ.

මෙසේ තවත් දින දෙකතුනක්‌ ගනුදෙනුව කේවල් කළ පොලිසිය අවසානයේ තැරව්කරු හරහා පාස්‌පෝර්ට්‌ එක රුපියල් කෝටි තුනකට ලබා ගැනීමට එකඟ බව දැනුම් දුන්නේය. එහිදී ජාවරම්කරුවන් කියන්නට වූයේ ගනුදෙනුව අවසන් කිරීමට පෙර ඒ පිළිබඳ හමුවී සාකච්ඡා කළ යුතු බවකි. පොලිසිය එයටද එකඟ වූවේය.

මේ අනුව සාකච්ඡාව සඳහා තෝරා ගැනුනේ රාජගිරිය මැක්‌ඩොනල්ඩ් අවන්හලය. නිවැරදිවම කිවහොත් දිනය ඉකුත් 23 වැනිදා විය. එදින පස්‌වරුවට සාකච්ඡාව යෙදී තිබිණි. නමුත් අවසන් මොහොතේ ජාවාරම්කරුවන් කියන්නට වූයේ එදිනම ගනුදෙනුව අවසන් කළ යුතු බවකි.

පොලිසිය එයටද එකඟ වූවේය. ඒ සූක්‍ෂම සැලසුමක්‌ද සමගිනි.මේ අතරේ සාකච්ඡාව සඳහා කතිකා කර ගත් නියමිත වේලාවද උදා විය. ඒ සමගම ජාවාරම්කරුවන් අතරට යවා සිටි තැරව්කරුගෙන් දංගල්ල මහතාට ඇමැතුමක්‌ ලැබෙන්නට වූවේය. "සර් දැන් වැඩේ හරි.. කට්‌ටිය ආවා.. සර්ල දැන් වැඩේට බැස්‌ස නම් හරි.."

එකී ඇමතුමත් සමග උප පොලිස්‌ පරීක්‍ෂක දංගල්ල මහතා මුදලාලිගේ ගෝලයා භූමිකාව බාර වූ කොස්‌තාපල් නිරෝෂන් කැඳවා මැක්‌ඩොනල්ඩ් අවන්හල වෙත පිටත් කර හැරියේ අවශ්‍ය උපදෙස්‌ද ලබා දෙමිනි. එසේ ගිය නිරෝෂන් රාළහාමි සිය රංගනය අපූරුවට කරමින් පැමිණ සිටියවුන් සමග ගනුදෙනුව කතා කරන්නට විය. ඒ මුදලාලි අවසන් මොහොතේ පැමිණෙන බවද කියා සිටිමිනි.

මෙකී කතාබහ අතරේ ගනුදෙනුවට පෙර පාස්‌පොර්ට්‌ එක පෙන්වන්න යෑයි නිරෝෂන් රාළහාමි කියන්නට විය. පාස්‌පොර්ට්‌ එකෙහි ඡායා පිටපතක්‌ පෙන්වීමට ජාවාරම්කරුවෝ එකඟ වූහ.

මේ අනුව ස්‌වල්ප වේලාවකදී එහි වර්ණ ඡායා පිටපතක්‌ නිරෝෂන් රාළහාමිට ලැබිණි. එය ලැබීමත් සමග මේ ඇත්තේ ඇන්ඩෲ පොලිසියට කළ පැමිණිල්ලට අදාළ ගුවන් ගමන් බලපත්‍රයම බව වටහා ගත් නිරෝෂන් රාළහාමි මුදලාලි යෑයි අමතමින් එහි විස්‌තර දංගල්ල මහතාට දැනුම් දුන්නේය.

ඉන්පසුව පැමිණ සිටි තැරව්කරුවන් දෙසට හැරුණු හේ ගනුදෙනව අවසන් කිරීමට එකඟ බව කියා සිටියේ දංගල්ල මහතා ලබා දුන් උපදෙස්‌ද සමගිනි. ඒ ප්‍රකාශයත් සමග රුපියල් කෝටි තුන මුදලින් අවශ්‍ය බව තැරව්කරුවන් කියන්නට විය. එහිදී අවසන් තීරණය වූයේ කොළඹ රතුකුරුස හන්දියේ පිහිටි දිවා රාත්‍රි ක්‍රියාත්මක පෞද්ගලික බැංකුවකදී ගනුදෙනුව අවසන් කිරීමටය. ඒ වන විට දිගින් දිගට ඇදී ගිය සාකච්ඡාව හේතුවෙන් වෙලාව මධ්‍යම රාත්‍රියටද ආසන්නව වී තිබිණි.

මේ අනුව නිරෝෂන් රාළහාමිවද තමන් පැමිණි රථයකට නංවා ගත් ජාවාරම්කරුවෝ රතුකුරුස හන්දියේ පිහිටි බැංකු ශාඛාව වෙත ඉගිල ගියේ දහසක්‌ බලාපොරොත්තු සමගිනි. එතැන් පටන් සිදුවූ සියල්ල උප පොලිස්‌ පරීක්‍ෂක දංගල්ල මහතා අපට කියා සිටියේ මෙසේය.

"ඔව් ඔවුන් අපේ නිරෝෂන් රාළහාමිවත් දාගෙන බැංකුවට ගියා. ඒත් ඒ වෙනකොට අපි සූදානම් වෙලා හිටියේ ඕනම දේකට මුහුණ දෙන්න. ඔවුන් බැංකුවට ගිහින් රුපියල් කෝටි තුනක ගනුදෙනුවක්‌ වෙනවා කියලා එහි කවුන්ටරයකුත් වෙන්කරගෙන තිබුණා. අපි සැලසුම් කළේ ඔවුන්ව බැංකු ඇතුළෙදි අත්අඩංගුවට ගන්න. එත් මෙතනදී අපිට ගැටලුවක්‌ ආවා බැංකුව ඇතුළට කඩා පනින්නේ කොහොමද කියලා. මොකද අපි සියලුදෙනා ඒ වෙනකොට සිවිල් ඇඳුමෙන් සැරසිලා හිටියේ.

එත් කරන්න දෙයක්‌ තිබුණේ නැහැ. අන්තිමේ අපි තීරණය කළා සිවල් ඇඳුමින්ම කඩා වදින්න. එදා අපි ගිනි අවි අරගෙන සිවිල් ඇඳුමින් බැංකුවට කඩා පනිනකොට බැංකු සේවකයෝ මුලින්ම භීතියට පත්වුණා. එත් පසුව අපි ඔවුන්ට අපේ අනන්‍යතාව පෙන්නුවහම ඔවුන් පුදුම සහයෝගයක්‌ දුන්නේ අපිට.

මෙහිදී කිවයුතුම දෙයක්‌ තියෙනවා. බැංකුවේ හිටියා එක සේවිකාවක්‌. අපේ පිරිස ගිනි අවි අරගෙන ඇතුළට එනවත් එක්‌කම ඇය කළේ ක්‍ෂණිකව එහි සේප්පු අගුලු දැමීමට කටයුතු කිරීම. ඇත්තෙන්ම එය ප්‍රශංසා කළ යුතු දෙයක්‌. මොකද ඇය තමන්ගේ ජීවිතය පිළිබඳවවත් නොසිතා අපි කොල්ලකරුවන් පිරිසක්‌ කියන හැඟීමෙන් ඒ දේ කරලා තිබුණේ. පස්‌සේ බැංකුව ඇතුළේදිම මේ පාස්‌පොර්ට්‌ ගනුදෙනුවට පැමිණි සියලු දෙනා කොටු කර ගන්න අපට හැකිවුණා. එතන පුද්ගලයන් හය දෙනෙක්‌ හිටියා.

මේ මෙහෙයුමේදී උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් මංජුල මහතා සමග ක්‍රියාත්මකව සිටි අනෙක්‌ නිලධාරින් වූයේ කොල්ලුපිටිය පොලිසියේ සැරයන් ප්‍රේමරත්න, කොස්‌තාපල්වරුන් වන චන්ද්‍රසේකර, දිමුතු, සතරසිංහ, (78685) බුද්ධික සහ (79066) බුද්ධික විය.

එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සියලු දෙනා කොල්ලුපිටිය පොලිසියට ගෙන එන්නට කටයුතු කෙරිණි. එලෙස රැගෙන ඒමෙන් පසු දංගල්ල මහතා ඇතුළු නිලධාරින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. එහිදී මෙකී සැකකරුවන් සිය තොරතුරු හෙළි කරන්නට වූයේ පොලිසිය ද අන්ද මන්ද කරවමිනි.

මෙකී සැකකරුවන් හය දෙනා අතරින් එකකු විශ්‍රාමික හමුදා මේජර්වරයකු විය. තවකෙක්‌ ජපාන ආයතනයක සිවිල් ඉංජිනේරුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය ආරක්‍ෂක ප්‍රධානියා තවත් අයෙකු විය. එසේම ඇඟලුම් ආයතනයක හිමිකරුවකු සහ මෙරට නමගිය ඖෂධ අලෙවි ජාලයක හිමිකරුවකුද ඒ අතර සිටියේය. එසේම සීගිරිය කිඹිස්‌ස විදුහලේ විදුහල්පතිවරයාද එහි විය.

අවසානයේ මේ අන්දමින් රටේ ඇති තවත් දේ විකුණන්නේදැයි පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. "ඔව්. සර්.. අපි කලු බළල්ලු විකුණනවා.. එකෙක්‌ගේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහයි. තව ගෝනුස්‌සෝ, සුදු ඉබ්බෝ, කූඩැල්ලෝ, ඇටිකුකුළෝ, රතු කෝමාරිකා, වාලම්පුරි වගේ දෙවලුත් විකුණනවා. ඒ හැම දෙයක්‌ම කරන්නේ ලක්‍ෂ ගණන්වලින්. තව නිධන් බඩුත් විකුණනවා. මේ ඔක්‌කොම ගන්නේ විදේශිකයෝ.."

පොලිසිය ඇසූ ඒ පැනයට ජාවාරම්කරුවන් පිළිතුරු දී තිබුණේ එලෙසිනි. ඉදින් මේ කියෑවෙමින් තිබෙන්නේ ජාතියේ ප්‍රෙෘඪත්වයත් මේ බිමේ ජීවීය හරයත් අද දවසේ මොහොතක්‌ පාසා වැනසෙමින් තිබෙන බව නොවන්නේද?

සමන් ගමගේ

Recent Posts

HOT GALLERY

Counter

ලිංගික අධ්‍යාපනය